මීට වසර 40කට පමණ පෙර සිය රූමත් නැගණිය දූෂණය කර මරා දැමූ පොලිස් නිලධාරියෙක් ඇතුලු පාපතරයින් රැසකගෙන් පලිය ගැනීමට ඔවුන් සොයාගෙන ගොස් මරාදැමූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇතැම් විට ඔබ මීට පෙර අසන්නට ඇත. ඇතැමුන් එය අසන ප්‍රථම වතාව මෙය වන්නටද පුලුවන. ඔහු නමින් ‘‘හිතුමුතේ ජීවිතේ‘‘ වේ.
වසර ගණනක් සිරගතව ‘‘මරුසිරා‘‘ සමගින්ද එකට සිට පසුව සිරෙන් පැනගොස් නැගණියට කළ මෙලෙච්ඡ ක්‍රියාවට පලියගන්නා හිතුමතේ ජීවිතේ මේ වන විට සිටින්නේ කළුතර ප්‍රදේශයේයි. මේ දුම්රියේදී ඔහුව අහම්බෙන් මුණගැසුණු හිරු ප්‍රවෘත්ති අංශයේ අසංක විජේසිංහ අපවෙත ලබාදුන් සටහනකි.
මා උදෑසන කුරුණෑගලින් දුම්රියට ගොඩවූයේ කොළඹ බලා පැමිණීමටයි. දුම්රියට ගොඩ වූ මා අසුන්ගෙන ජංගම දුරකථනය ගෙන දවසේ ප්‍රවෘත්ති මොනවාදැයි පිරික්සමින් සිටියි.
ටික වෙලාවකට පසුව මා ඉදිරියේ සිටි අසුන් ගත් අයෙකු යමක් කියනු මට ඇසේ.මට එය ඇසුනා හා නෑ සුනාසේය. නමුත් ඔහු ටික වෙලාවකට පසුව නැවත යමක් කියන්නට උත්සාහ කරනු මට පෙනේ.ඔහු අමතන්නේ මටය.
''මහත්තයා ඕකේ යු ටියුබ් තියෙනවද?‘‘ ඔහු මගෙන් ප්‍රශ්න කෙරිණි.
ඔව් ඇයි?
"හිතුමතේ ජීවිතේ කියල ගහන්ඩ "
ඒ වචන මාලාවත් සමඟ ඔහු කව්රුන්ද යන්න මා ක්ෂණිකව හදුනා ගන්නා ලදී . සැබැවින්ම මේ මා විසින් මීට අවුරුද්දකට පෙර සැකසු ප්‍රවෘත්තියක කතානායකවරයායි. ඔහු නමින් බි.ඩී. සුමතිපාලයි. නොහොත් පුද්ගල ඝාතන ගණනාවකට වරදකරු වී එල්ලුම් ගහට නියම වී එයින් ද නිදහස් වූ පුද්ගලයෙකි.
හිතුමතේ ජීවිතේ මේ වන විට හිරෙන් නිදහස් වී ඇති බවත් රෝහණ විජේවීර, විජය කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මරු සිරා, ආදී වුන් සමගින් හිරබත් කෑ අයෙකු බවත්,ඔහු කුලියාපිටියේ විහාරස්ථානයක මෙ දිනවල සිටින බවත් මට මිතුරෙකු මගින් දැනගන්නට ලැබුණි.
අනතුරුව පසුදා උදෑසන කුලියාපිටියට ගොස් ඔහු ගැන පුවතක් සෑදූ මා එය පසුදා විකාශය කිරීමට කටයුතු සැලසිය. ඔහුගේ ඉතිහාස කතාව දිගු එකක් වන අතර එය සැකවින් කියතොත් ,මීට වසර 40 කට පමණ පෙර කළුතර අවුරුදු උත්සවයක රූපසුන්දරිය වන තරුණියක්, පොලිස් නිලධාරියෙකු ඇතුලු කණ්ඩායමක් විසින් පැහරගෙන ගොස් දූෂණයකොට මරාදමන අතර ,එ මරණයට වග කිවයුතු සියලු දෙනා පසුව විසින් ඝාතනය කිරීමයි. මේ තරුණිය අන් කිසිවකුත් නොව හිතු මතේ ගේ නැගණියයි. හිතුමතේ ජීවිතේ යනුවෙන් ඔහු පපුවේ පච්චයක් කොටා ඇති අතර ඒ නම ඔහුට දී තිබෙන්නේ සිරිපාල- රන් මැනිකා නම් චිත්‍රඑපටයකටද කතා වස්තුව බවට පත් වූ, බොගම්බර බන්ධනාගරයේදී එල්ලා මැරූ මරු සිරායි.
හිතු මතේ දැන් කාත් කවුරුවත් නැති නවාතැනක් නැති අයෙකු වන අතර ,ඔහු මට දුම්රියේ දී හමුවනවිට අනුරාධපුර සිට පැමිණෙමින් සිටියේය.
හිතු මතේ දැන් මේ කොහෙද යන්නේ..?
"කළුතර"
කළුතර කොහෙද?
"කොහෙද කියල නැහැ"
එතකොට ?
සටහන - අසංක විජේසිංහ