1981 වර්ෂයේ ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයෙන් ලොව ප්‍රථම ඒඩ්ස් රෝගියා සොයාගැනීමෙන් වසර 7කට පසු 1987 වර්ෂයේදී ප්‍රථම ආසාදිත ලාංකිකයා හදුනාගනුනා. එදා මේද තුර ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද ආසාදිත පුද්ගලයන් ගණන 2133ක්. අවාසනාවන්ත තත්ත්වය වනුයේ ආසාදිත ගැබිණි මවගෙන් දරුවාට HIV ආසාදනය වීමයි. එවැනි දරුවන් 73 දෙනෙකු දැනට වාර්ථා වී ඇති අතර මේ වනවිට 48 දෙනෙකු ජිවත්ව සිටිනවා.
මේ අතර මෙම වෛරසය පාසැල් ළමුන් ආක්‍රමණය කරමින් සිටින බවට සිදුවන කථා බහ සම්බන්ධව අප ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රියාකාන්ති බෙනරගම මහත්මිය කථා කලා. වෛද්‍යතුමිය අප සමග පැවසුවේ පාසැල් මට්ටමින් රුධිර පරීක්ෂාවක් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය මගින් සිදු කොට නැති බවයි. ඒ හේතුවෙන් නිශ්චිත දත්ත නොමැතිව පාසැල් සිසුන් අතර HIV ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් කල නොහැකි බව වෛද්‍ය ශ්‍රියාකාන්ති බෙනරගම මහත්මිය පැවසුවා. වෛද්‍යතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින්, ප්‍රකාශ කලේ එකවරම පාසල් දරුවන් අතර HIV පැතිරයාමේ අවදානමක් කිසිසේත්ම ඇතිවී නොමැති බවයි.
කෙසේ නමුත් ඉදිරියේදී එවැනි අවදානමක් ඇතිවීම වැළැක්වීම පිළිබඳ ජාතික අවධානය යොමු වියයුතු බව පවසන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ලිංගික අධ්‍යාපනය ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය පිලිබඳ දැනුම පාසැල් ළමුන්ට ලබාදිය යුතු බව පවසනවා. දරුවන් වයසින් වැඩෙද්දී ඇතිවන ලිංගික අවශ්‍යතාව ස්වභාවික වුවත් සමලිංගික සේවනය වෙත දරුවන් යොමුවීම, HIV අවදානමක් නිර්මාණය කරන බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා අප සමග පැවසුවා. ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඒඩ්ස් රෝගය පිළිබඳවත් එය වැළඳෙන හා නිවාරණය කරගන්නා ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් මෙම මස මුල සිට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පාසල්වලින් ආරම්භ කළ බවයි.