වැල්ලවත්ත - හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ 22 වන මහළෙන් වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව වුණා. මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත්තේ ෆාතිමා සප්නා නමැති සිව් හැවිරිදි දැරියක්.
වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වූ ෆාතිමා සප්නා මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඥාති නිවසක් වෙත පැමිණ සිටියදීයි. ඔවුන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම හැව්ලොව් සිටි මහල් නිවාස සංකීර්ණයේ 11 වන මහලේ පදිංචිව සිටින ඥාතී නිවසකට මීට දින දෙකකට පෙර පැමිණ තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ දහවල් 12.00ට පමණ ෆාතිමා සප්නා සිය මව සහ සහෝදර , සහෝදරියන් සමග මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ පිහිටි උද්‍යානයට සෙල්ලම් කිරීමට පැමිණ සිටි බවයි.
පසුව ෆාතිමා සප්නා සිය වැඩිමහල් සහෝදරිය සමග ජලය පානය කිරීම සදහා 11 වන මහළට විදුලි සෝපානයෙන් ගමන්කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියකින් අනතුරුව ඇය 22 මහලෙන් වැටී ඇතැයි පොලීසිය සදහන් කළා
.
ෆාතිමා සප්නාගේ වැඩිමහල් සහෝදරිය සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ අදහස්
-එයාට වතුර බොන්න ඕන කියලා ඇඬුවා අංකල්. එතකොට මම එයාව අරන් ගියා. එතකොට මම කිව්වා හෝල්ඩ් බට්න් එක අල්ල ගෙන ඉන්න කියලා. ඒත් ඒක අත ඇරිලා. ඒක උඩටම ගිහිල්ලා අංකල්. එහෙම්මම ජම්ප් වෙලා අංකල්. එතකොට වැටිලා. ඔක්කොම ගිහිල්ලා Fun කරනවා. ඒත් එයා නෑ අංකල්. එතකොට මමයි මගේ මල්ලියි හිටියේ. Telephone එකෙන් ආන්ටි කෙනෙක් කිව්වා පොඩි ළමයෙක් ගාඩ්න් එකේ වැටිලා ඉන්නවා කියලා. එතකොට එයා වැටිලා අංකල්.
අනතුරින් බරපතල තුවාල ලැබු ෆාතිමා දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහළට රැගෙන යන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.
අද දහවල් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී උපාලි පෙරේරා මහතා සිදුකළ අතර, එහිදී ඔහු සදහන් කළේ, උසකින් වැටී හිසට සිදුවූ බරපතල හානි හේතුවෙන් අදාළ මරණය සිදුව ඇති බවටයි.
එහි වීඩියෝව පහතින්...