Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
21
අත්ලේ පැහැයෙන් රෝග රැසක් හදුනා ගන්න පුළුවන් බව ඔබ දන්නවාද..?

- අත්ලේ පැහැයෙන් රෝග රැසක් හදුනා ගන්න පුළුවන් බව ඔබ දන්නවාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62 Views
රතු පැහැති අත්ල

අත්ල රතු පැහැති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස අක්මාවේ මතුවන ගැටලු දැක්විය හැකියි. ඔබේ වයස අවුරුදු 50ට වඩා වැඩිනම් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් අත්ලේ යට පෙදෙස රතු වීම මෙහි ලක්ෂණයයි. හෝර්මෝනවල අසමතුලිතතාවයක් ඇති වූ විටත් ලේ නහර පළල් වීමක් සිදු විය හැක. එවිටද අත්ලේ තද රතු පැහැය ඇතිවිය හැකියි. රූමැටික ආතරයිටිස් (Rheumatoid arthritis) තත්වය නිසාත් අත්ල රතු විය හැක. මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරයෙකු හමුවීමත්, ඔබ ලබා ගන්නා මත්පැන් ප්‍රමාණය අඩු කිරීමත්, සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීමත් වැදගත් වෙනවා.

නිතර අත්ලට දහදිය දැමීම
අත්ලට දහදිය දැමීමට හේතු වන කරුණු 3ක් තිබෙනවා. සමහරුන්ගේ ශරීරයට දහදිය දමන ප්‍රමාණය කොහොමත් ඉතා වැඩියි. එවැනි අයගේ අත්ලට වැඩියෙන් දහදිය දැමීම සාමාන්‍යයි. නමුත් සමහරුන්ගේ අත්ල දහදියෙන් තෙත් වන්නේ මානසික ආතතිය ඇති වූ විටයි. ඔබේ මානසික ආතතිය අඩුකර ගැනීම සඳහා උපකාරී වන භාවනා ක්‍රම, යෝගා ව්‍යායාම ආදියේ නිරත වන්න. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්තියේ ඇති වන ගැටළුවක් නිසාත් මෙසේ විය හැකියි. ඔබ සිරුරට ලබාගන්නා මත්පැන් නැවත්වීම වඩාත් සුදුසුයි. අඩුවක් නැති නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

අතෙහි සංවේදීතාවය ගිලිහි යාම (හිරිවැටීම)
අපි හැමෝටම හිටපු ගමන් මේ තත්වය දැනිලා තියෙනවා. සිරුරේ කොහේ හෝ ස්ථානයක යම් හිරි වැටීමක් ඇති වීම සාමාන්‍යයි. නමුත් ඔබේ අත නිතර නිතර හිරිවැටීම්වලට ලක්වෙනවා නම් එය ගැන අවධානය යොමු කළ යුතුයි. මෙසේ වන්නේ දිගු කාලයක් තිස්සේ සංවේදී නහරයක් තද වීමකට ලක් වීම නිසායි. මීට අමතරව මැණික් කටුවේ ඇති ආබාධයක්, දියවැඩියාව වැනි බරපතළ රෝගී තත්වයක් නිසාත් මෙය සිදු විය හැකියි. මේ නිසා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු විය යුතුයි.

වියළුණු අත්ල
බොහෝ විට අත්ල වියළි ස්වභාවයක් ගැනීමට හේතු වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයේ හිඟතාවයක් නිසා විය හැකියි. බොහෝ විට ආර්තවාහරණයත් සමඟ මෙය සිදු විය හැකියි. දිනපතා ජලය පානය කරන ප්‍රමාණය වැඩි කරන්න. සිරැර වේලීමට ලක් කරන පාන ලබා ගැනීමෙන් වළකින්න. අතට මොයිස්චරයිස් ක්‍රීම් එකක් ගැල්වීමට පටන් ගන්න. ඔබේ ආහාර වේලට ඇටවර්ග සහ මාළු එක් කර ගන්න. අඩුවක් නොවන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

අත් වෙව්ලීම
අත් වෙව්ලීම Parkinson’s Disease වැනි බරපතළ රෝගයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙම තත්වයෙන් ඔබ බරපතල ලෙස පීඩා විඳිනවා නම්, තවත් බලා නොසිට වෛද්‍යවරයෙකු හමුවන්න. කෝපි සහ ඇල්කොහොල් ලබාගැනීම සම්පුර්ණයෙන්ම වළක්වා ගන්න. ඇතැම්විට අත් වෙව්ලීම කාංසාව හෝ මානසික ආතතිය නිසා සිදු වීමටද  හැකියි.

නියපොතුවල දුර්වලතා
නියපොතු බිඳී, පිපිරී ගිය ස්වභාවයෙන් දිස් වන්නේ සින්ක් අඩුවීම නිසායි. සින්ක් ඔබේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක් වෙනවා. තුවාල ඉක්මනින් සුවවීමට, සෛලවල ක්‍රියාකාරීත්වයට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිරෝගී බවට සින්ක් පෝෂකය අත්‍යවශ්‍යයි. ඔබේ ආහාරවේලට ඕට්ස්, මස්, ඇට වර්ග වැනි සින්ක් අඩංගු ආහාර එක් කරගන්න. වෛද්‍ය උපදෙස් මත පමණක් සින්ක් අඩංගු විටමින් පෙති ලබාගන්න.

ඇඟිලිවල කොනක් මහත් වීම
ඔබේ ඇඟිලි සාමාන්‍ය ඇඟිලිවලට වඩා වෙනස්ව, ඇතැම් ස්ථාන මහත්ව (මුරුංගා කරල් ලෙස) තිබේ නම්, ඒ ගැන ඔබේ අවධනය යොමු කරන්න. මෙසේ මහත් වන්නේ නියපොත්ත පිහිටි ප්‍රදේශයයි. ඔබේ සිරුරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය හිඟ වීම, හදවත් රෝග, පෙනහලු පිළිකා වැනි තත්වයකදී මෙසේ විය හැකියි. වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය පරීක්ෂණ සිදුකර ගන්න.          
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top