Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
05
"ළඟින්ම හිටපු මගේ කෙල්ල යද්දී ලොකු දුකක් හිතට දැනේවි. ඒ දෙන්නා විවාහ වෙලා මේ ගෙදර ජීවත් වුණත් දුක දැනේවි.."

- "ළඟින්ම හිටපු මගේ කෙල්ල යද්දී ලොකු දුකක් හිතට දැනේවි. ඒ දෙන්නා විවාහ වෙලා මේ ගෙදර ජීවත් වුණත් දුක දැනේවි.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"නොදැනුවත්වම එයාට මගෙන් වැටකඩොළු තැනෙන්නත් ඇති.."

"මගේ ජීවිතේ අති පෞද්ගලික දේවල් පවා එයා එක්ක මම කතා කරනවා.."

සුසන්තා චන්ද්‍රමාලි හැමෝම දන්න ආදරේ කරන රංගන ශිල්පිණියක්. පුංචි තිරයේ ආදරණිය අම්මා ඇය කිව්වොත් හරි. රිදී තිරයටත් සමීප සුසන්තා ආදරණිය දියණිය ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි.


චූටි කාලේ එයා මොන වගේද?
ගොඩක් අය කියන කතාවක් තමයි මමයි කුමරුයි දෙන්නම එක වගේ කියලා. අපි දෙන්නව දන්නේ නැති අය අහන දෙයක් තමයි කුමරු කියන්නේ මගේ අයියද කියලත්. ඉතින් දුවගේ හැඩරුවත් අපි දෙන්නගෙන් කවුරු වගේද කියලා කියන්න තේරෙන්නෙත් නැහැ.

තිසුරි පුංචි කාලේ දඟයිද?
ඔව්... දඟයි... ඒ වුණාට අහිංසකයි. පුංචි කාලේ ඉඳන් තිසූ මගේ ඇඟේම දැවටි දැවටි හිටපු දරුවෙක්. තිසූ පොඩි කාලේ කුමරැ වැඩියෙන්ම හිටියේ නැවේ. මාස නවයකට සැරයක් තමයි කුමරු ලංකාවට ආවේ. ඉතින් තිසූ වැඩිපුරම හිටියේ මගේ ගෙදර අය එක්ක. පුංචි කාලේ තිසූ හරිම ආත්මාර්ථකාමියි. මම එයාගේ විතරයි. තාත්තත් එයාගේ විතරයි. හැමෝම එයාගේ විතරයි. කාවවත් බෙදාගන්න එයා කැමති නෑ. මම වෙන දරුවෙක් වඩාගෙන හුරතල් කරනවටවත් තිසූ කැමති වුණේ නෑ. මෙයාට ඕනේ එයාට විතරක් ආදරය කරන්නත්, වර්ණනා කරන්නත් හැමදේම එයා වින්දේ තනියමයි. ඒ ආදරයට එයා පුංචි කාලේ ඉඳන් ලෝභ වුණා. ඒ නිසා එයාගේ තනියට මල්ලියෙක් හරි නංගියෙක් හරි එනවට එයා ආසා කළේ නෑ.

තිසුරි පාසැලේදී මොන වගේ චරිතයක්ද?
එයා ගියේ නුගේගොඩ අනුලා බාලිකාවාට. තිසූ හරිම දඟයි. එයාට හිතුණ දේ එයා කරනවා. පුංචි කාලේ ඉඳන් තිසූ හරියට ආදරේ හොයනවා. හැමවෙලේම ටීචර්ලාගේ සාරි පොටේ එල්ලිලා ඒක ඔළුව වටේ ඔතාගෙන ටීචර්ලා පස්සෙන් යන හරි ආදරණීය දරුවෙක්. හැබැයි පන්තියෙන් එළියට යන්න ඕන වුණොත් ටීචර් මම එළියට යනවා කියලා එයා ගියා. ටීචර් හා එපා කියන්නත් කලින් මෙයා ගිහින් ඉවරයි. මව්පිය රැස්වීමට ගියාම ටීචර්ලා මට කියන්නේ අනේ චන්ද්‍රමාලි ඔයාගේ දුවට හෙමින් ගමනක් ඇත්තෙම නැහැ කියලයි. ටීචර් පොඩ්ඩක් එළියට යනකන් ඉඳලා මෙයා ඩෙස්ක් උඩ එහාට පනිනවලු, මෙහාට පනිනවලු. හරිම දඟයිලු. මොනදේ කළත් මෙයා පන්තියේ වැඩ ටික හොඳට කළා.

තිසුරිගේ හොඳම යාළුවා වුණේ එයාගේ අම්මා නේද?
ඔව්.... ඒක එයා දකින්න ඇත්තෙත් මගෙන්. මට යාළුවෝ ඉන්නවා. හැබැයි මගේ ජීවිතේ අංක එක වුණේ මගේ ගෙදරයි. මගේ ලෝකය වුණේ මගේ ගෙදරයි. දුව ඒක දැක්කා. නොදැනුවත්වම එයාට මගෙන් වැටකඩොළු තැනෙන්නත් ඇති. එයා අපේ එකම දරුවනේ. මෙයාව කොහේවත් අපි යාළුවෝ එක්ක යැව්වේ නැහැ. යන්න ඕනෙ කියලා කිව්වොත් මමත් එයත් එක්ක යනවා. ඒ ගිහින් එයාට යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්න ඉඩ දුන්නා. හැබැයි ඒ හැම දෙයක්ම කළේ අපේ ඇස් මානේ තියාගෙනයි. ඒ හැමදේකින් එයාට මම ගොඩක් ළංවුණා. දෙයියනේ කියලා තිසූ අපිට හොඳ රුවෙක් වුණා. එයා තමන්ගේ ප්‍රමාණය දැනගෙන ජීවත් වුණු දරුවෙක්. අපි ගම්වල ජීවත් වුණු අය. ඒ නිසා අනාගතයේදී එයාට පැලක ජීවත් වෙන්නත් පුළුවන්. මාලිගාවක ජීවත් වෙන්නත් පුළුවන්. ඒ විශ්වාසය මට තියෙනවා.

එහෙම ඇස් දෙක වගේ බලාගත්තු දුව ළඟදිම මනාලියක් වෙන්න සූදානම් වෙනවා. අම්මා තාත්තා තනි ව‍ෙනවා නේද?
ඒක ඉතින් ස්වභාවයනේ. හැම අම්මෙක්ටම ඒ තනිකම ඉවසන්න පුරුදු වෙන්න වෙනවා. අපි අමාරුවෙන් හරි ඒ තනිකම, ඒ දුක විඳදරාගන්න පුරුදු වෙන්න ඕනේ. මගේ ජීවිතේ අත්දැකීම් එක්ක මාත් ටික ටික ඒකට හුරු වේවි. මම හැමවෙලේම උත්සාහ කළේ අපේ දරුවව මේ සමාජයේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් දරුවෙක් කරන්නයි. තිසූ හැමවෙලේම වෙලි වෙලී හිටියේ මාත් එක්ක. මගේ ජීවිතේ අති පෞද්ගලික දේවල් පවා තිසූ එක්ක මම කතා කරනවා. ඉතින් එහෙම ළඟින්ම හිටපු මගේ කෙල්ල යද්දී ලොකු දුකක් හිතට දැනේවි. ඒ දෙන්නා විවාහ වෙලා මේ ගෙදර ජීවත් වුණත් දුක දැනේවි. එතකොට තිසූ වෙනස් කෙනෙක්නේ. ඒ දුක මටත් දැනේවි. අම්මා කෙනෙක් විදිහට ඒ වේදනාව දැනේවි. ඒ වුණාට මගේ දරුවගේ සතුට ගැන හිතලා මේ අම්මට ලොකු සතුටක් දැනේවි. හැබැයි මගේ හිත නිදහස් වේවි. හැබැයි ඊට පස්සේ මම හිතන්න පුරුදු වේවි. මට එතකොට වෙන ලෝකයක් නැහැනේ. නින්දට ගියත්, නින්දෙන් ඇහැරැණත්, කන්න ගියත්, තේ එකක් බොන්න ගියත් මට නිතරම මතක් වේවි මගේ දරුවාව. ඒක හැම අම්මා කෙනෙකුගේම ජීවිතේට සතුටක් එක්ක එකතු වෙලා එන මහ පාළුවක්. මම ඒ පාළුව විඳ දරා ගනීවි.

ඔබේ ආදරණීය සැමියා රුකියාවෙන් ඉවත්වෙලා ලංකාවේ ඉන්නවා නේද?
ඔව්.... ඒකත් කිව්වේ තිසූම තමයි. තිසූ ඕනෑවටත් වඩා දේවල් ගැන හිතනවා. පුංචි හරි අසනීපයක් හැදුනත් එයා ලොකුවට ඒ දේවල් ගැන හිතනවා. එයා හරිම සංවේදී දරුවෙක්. ඉතින් තිසූ හැමවෙලේම කුමරුට කිව්වා තාත්තා දැන් ගෙදර නවතින්න කියලා. ඉතින්... ඒ නිසාම කුමරැ ලංකාවේ නැවතුණා. තිසූ ඕනෑම දෙයක් ඕනෑවට වඩා හිතනවා. හැබැයි ජීවිතේ ගැන තිසූට හොඳ අවබෝධයක් තියෙනවා.

මේ දවස්වල අම්මටයි, තාත්තටයි, දුවටයි වැඩ වැඩියි වගේ..
ඔව්... තිසූගේ වෙඩින් එකට අපි මේ දවස්වල හෙමි හෙමීට සූදානම් වෙනවා. ඉතින් අපි තුන්දෙනා ඒ වැඩවලට මහන්සි වෙනවා. ගෙදර ඉඳිද්දී ආස කරන කෑමක් උයා පිහාගෙන කාලා ගෙදර ඉන්නවා. අපි ‍තියෙන ඉඩ ප්‍රමාණයේ මල් පැළ වවලා තියෙනවා. ඉතින් ඒවට සාත්තු කරනවා. හිතුණම අපි තුන්දෙනා වාහනයට නැග්ගා ඔය කොහේහරි විනෝද ගමනක් යනවා. කොහොමහරි කාලේ ගෙවෙනවා කියලා නොතේරෙන තරමට අපි දෙයියනේ කියලා හොඳින් ජීවත් වෙනවා. දරුවෙක් හැදුවා. අපිට සතුට ගෙනාපු ඒ දරැවා හොඳ දරුවෙකුට බාර කරන්න දැන් මේ අම්මටයි තාත්තටයි කාලය ඇවිත් තියෙන්නේ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top