Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
13
ඔබත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතන ඉන්නවා..- වික්ටර්ගේ බිරිඳ ගහපු වංගුවේ සුලමුල - Video

- ඔබත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතන ඉන්නවා..- වික්ටර්ගේ බිරිඳ ගහපු වංගුවේ සුලමුල - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
චන්ද්‍රානිට ලක්ෂ හයක් ගෙවන්න එකඟ වෙලා...
තංගල්ලෙන් හෝමාගමට මාරුවක්...
වංචාව වහන්න අල්ලස් දීලා..?

තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක් තුළ සිදු වූ මහා පරිමාණ රන් භාණ්ඩ වංචාවක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට එහි සුලමුල හෙළිදරව් කරගෙන ඊට සම්බන්ධ සැකකරුවන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි විය. මෙම රත්රන් බඩු හොරකම සිදුකර තිබුණේ ලංකාවේ ප්‍රසිද්ධ ගායකයකුගේ බිරියකි.

අපේ රටේ පහළ මධ්‍යම පාන්තික මිනිසුන්ට හදිසි කටයුත්තක් වෙනුවෙන් කීයක් හෝ එකවර සොයා ගැනීමට සිදු වුවහොත් ඔවුන් සුලභව සිදුකරන්නේ කාගෙන් හෝ පොලියට මුදලක් ලබා ගැනීමය. නැතිනම් තම කනකර ඇති ආභරණ බැංකුවකට උකස් තබා කීයක් හරි ලබා ගැනීමය. එසේ උකස් කරන රන් බඩු ටිකටත් හෙනහුරා ගැහුවොත් වෙන්නේ කුමක්ද යන්න කිවයුතු නොවේ.

දැඩි විශ්වාසයකින් යුතුව රාජ්‍ය බැංකුවක උකස් කරන ලද රත්රන් බඩු ටික කලකට පසුව නැවත බේරා ගන්න යන විට ඒවා වෙනස් වී තිබුණේ අරුම පුදුම ආකාරයත් සමඟ ඇවිළී ගිය සිද්ධිය දැන් ඇත්තේ උසාවියේය.

මෙම සිද්ධියට අදාළ සැකකාරිය ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයකු වූ වික්ටර් රත්නායකගේ බිරිය. ඇය නමින් හෂිනි නිලක්ෂි අමේන්ද්‍රාය. වයස අවුරුදු 32ය. ඉන් පසු ඇයගේ නමද හෂිනි නිලක්ෂිනී රත්නායක නමින් වෙනස් විය. මේ තැනැත්තිය තංගල්ලේ මෙම රාජ්‍ය බැංකුවේ 2012. 11. 14 සිට 2016. 04. 22 දක්වා කාලය තුළ සේවය කර තිබිණි.

රන් භාණ්ඩ වංචාව
එම කාලය තුළදී තංගල්ලේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් විසින් එම බැංකුවේ උකස් කරන ලද රත්රන් බඩු වංචා සහගත ලෙස මාරු කර ඇති බව හෙළි විය. මෙම රත්රන් භාණ්ඩ වංචාව රුපියල් ‍දොළොස් ලක්ෂ අසූදහසක් විය. නියම රන් භාණ්ඩවලට බරින් අඩු රත්රන් බඩු ඉතා සූක්ෂම ලෙස මාරු කිරීමෙන් මෙම වංචාව සිදුකර තිබිණි.

තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවේ එවකට සිටි කළමනාකරු සුජිත් කුමාරසිංහය. ඔහු 2016. 05. 19 දින තංගල්ල පොලිසියට පැමිණ තම බැංකුවේ සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළේය. පොලිසියද කළමනාකාරවරයාගේ පැමිණිල්ල පොලිස් පොතේ අකුරක් නෑර සටහන් කර ගත්තේය. පොලිස් පැමිණිල්ලෙන් කියවුණේ එම බැංකුවේ 2016 වසර වනවිට උකස් අංශය භාරව සිටි නිලධාරිනිය උකස් කරන ලද රන් භාණ්ඩ වෙනුවට වෙනත් රන් බඩු දමා ඇති බවය.

පොලිසියට පැමිණිල්ල පැමිණීමට මත්තෙන්ද මෙම සිදුවීම පිළිබඳ ආයතන මට්ටමින්ද පරීක්ෂණයක් සිදුවී තිබිණි. ඒ රත්රන් බඩු උකස් කරන ලද දෙදෙනකු විසින් කළමනාකරු දැනුවත් කිරීමෙන් පසුවය.

පොළොම්මාරුව, තංගල්ල යන ලිපිනයේ පදිංචි බී.එම්.පී. නිරෝෂණ තමන් සතු රත්රන් බඩු කිහිපයක් 2014. 06. 13 දින තංගල්ලේ එම රාජ්‍ය බැංකුවේ උකස් තැබුවේය. ඔහු උකස් කළ භාණ්ඩ අතර මුදු 01 ක්, මංගල තැල්ලක් හා මාලයක්, වළලු 02ක් විය. එහි රන් බර ග්‍රෑම් 67.8කි. ඒ සඳහා ඔහු ලබාගෙන තිබූ මුදල රුපියල් තුන්ලක්ෂ නවදහසකි. ඉන් පසු නිරෝෂණ වරින් වර බැංකුවට පැමිණ සිය රත්රන් බඩු සින්න වීමට නොදී පොලී මුදල් බඳිමින් සිටියේය. උකස් කරන ලද රන් භාණ්ඩ සඳහා පොලී බඳින්නට බැංකුවට පැමිණෙන සෑම දිනකම හේ සිය රත්රන් බඩු පරීක්ෂා කිරීමට කටයුතු කළේය. පසුගිය 2016. 04. 22 දිනදා සුපුරුදු පරිදි පොලී මුදලක් බැඳීමට බැංකුවට පැමිණි නිරෝෂණට සිය රන් භාණ්ඩවල වෙනසක් දක්නට ලැබිණි. ඔහු ඒ පිළිබඳ උකස් අංශයේ සේවය කළ නිලධාරිනියගෙන් විමසුවේය. එහෙත් ඇයගෙන් ලැබුණු පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ නිරෝෂණ වහාම මේ පිළිබඳ බැංකු කළමනාකරු දැනුවත් කළේය.

අංක 52/ඊ, පාසල් මාවත, පොළොම්මාරුව, තංගල්ල ලිපිනයේ පදිංචිව සිටි ජේ.එච්. චන්ද්‍රානි විදෙස් ගතවීම සඳහා ප්‍රමාණවත් මුදලක් සොයා ගැනීමට තමන්ගේ ඥාතීන්ගෙන් එකතු කරගත් රන් භාණ්ඩ කීපයක් බැංකුවේ උකස් තැබුවාය. 2011 වසරේ දිනක ඇය විසින් උකස් කළ රන් භාණ්ඩ අතර වළලු 04ක්, රන් මාල 04ක්, පෙන්ඩන් 05ක්, බේස්ලට් 02ක්, මුදු 07ක් හා කරාබු 04ක් විය. රන් බර ග්‍රෑම් 163.14කි. ඇය ඒ වෙනුවෙන් ලබාගත් මුදල රුපියල් හයලක්ෂ අසූදහසකි. ඒ මුදල ලබාගෙන චන්ද්‍රනි විදේශගත වූවාය.

විදෙස් ගත වූ ඇය එම රන් භාණ්ඩ බේරා ගැනීම සඳහා පිට රට සිට සිය පුතාට මුදල් එව්වාය, ඇය රන් බඩු සඳහා වන පොලී මුදලත් ලබාගත් ණය මුදලෙන් කොටසකුත් ගෙවමින් සිටියාය. පසුගිය වසරේ ලංකාවට පැමිණි චන්ද්‍රානී සිය පුතාද කැටුව 2016. 06. 29 දින බැංකුවට ගියේ සිය රත්රන් බඩු බේරාගැනීමටය. රන් භාණ්ඩ බේරීම පසෙක දමා ඔවුන්ටද නැවත යෑමට සිදු වුයේ කළමනාකාරවරයා මේ සම්බන්ධයෙන් සොයා බලන බව පැවැසීම නිසාවෙනි. එහෙත් අවසානයේ නඩු මඟට යෑමට ඔවුහු තීන්දු කළහ.

ලබන මාර්තු 27දා එම නඩුව කැඳවීමට තීන්දු කර තිබිණි. සී.සී.ටී.වී. හෙළි කළ කතාව මාස එකහමාරක් වැනි කාලයක් තුළ බැංකුවේ උකස් කරන ලද රත්රන් බඩුවලට කුමක් වීද යන්න පිළිබඳ බැංකු කළමනාකාරවරයා අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය. එහිදී බැංකුවේ තිබූ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්විය. සිදුවී ඇති දෑ සියල්ල හෙළි වන්නේ ඒ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේය. උකස් තබන ලද වටිනාකමින් ඉහළ රත්රන් බඩු වෙනුවට එවකට බැංකුවේ උකස් අංශය භාරව සිටි හෂිනි නිලක්ෂි අමේන්ද්‍රා නමැති තැනැත්තිය විසින් ව්‍යාජ රන් භාණ්ඩ දමන ආකාරය එම සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව තිබිණි.

බැංකුව තුළ සිදු කළ පරීක්ෂණයේදී හොරකම අතේ මාට්ටු වී තිබිණි. මෙය ගොඩින් බේරා ගැනීමට සූදානම් වූ මේ තැනැත්තිය එක් රන් භාණ්ඩ උකස්කාරියක් වූ ජේ.එච්. චන්ද්‍රානිට අයත් රන් භාණ්ඩ සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ගෙවීමට එකඟ වූවාය. ඒ අනුව 2016.04.28 දින හෂිනි නිලක්ෂි විසින් බැංකුවේ තීරු ගිණුමට රුපියල් ලක්ෂ 06ක මුදලක් තැන්පත් කළාය. ඒ සමඟ මේ තැනැත්තිය තංගල්ලේ සිට හෝමාගම එම බැංකුවට මාරු කර එව්වේය.

මෙය සුළුපටු වරදක් නොවිණි. අභ්‍යන්තර පරීක්ෂණයෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් පැමිණිල්ලක් ගොනු විය. තංගල්ල බැංකු කළමනාකාරවරයා විසින් 2016. 05. 19 වැනි දින එම පොලිස් පැමිණිල්ල ගොනු කර තිබිණි. වහාම ක්‍රියාත්මක වූ තංගල්ල පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. ඒ අනුව පළමුවෙන්ම තංගල්ලේ එම බැංකුවේ සේවකයන්ගේ කට උත්තර ලබා ගැනුණි. අනතුරුව සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශනද පරීක්ෂාවට ලක් කෙරිණි. මූලික විමර්ශනයෙන් පසු අදාළ සැකකාරියගේ සැක කටයුතු හැසිරීම් රටා සහිත වීඩියෝ දර්ශනද සහිතව තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ බී ආර් 477/2016 නමින් නඩුවක් ගොනුකර මහෙස්ත්‍රාත්වරයාද දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

එහෙත් අතරමඟදී අතිශය සැක උපදවන ලෙස එම පරීක්ෂණ කටයුතු අඩපණ විය. වසර එකහමාරක් තිස්සේ පරීක්ෂණ කටයුතු සිදු වෙමින් තිබුණේ මන්දගාමී අයුරින්ය. මෙම රන්මාල හුටපටය පසුගිය දින එක සැරේටම කරළියට ආවේ මුළු රටේම අවධානය දිනා ගනිමිනි. රන් භාණ්ඩ සොරකමේ ඉදිරි පරීක්ෂණ කටයුතු තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැවැරිණි. අදාළ සැකකාරිය විසින් මාරු කරන ලද රත්රන් බඩු සියල්ල පොලිස් භාරයට ගත්තේය. අනතුරුව එම රන් භාණ්ඩ අධිකරණයට භාරදීමට පොලිසිය කටයුතු කළේය.

විමර්ශන ආරම්භ කළ පොලිසිය පළමුවෙන්ම උපාය දූතයන් මාර්ගයෙන් මෙම සැකකාරිය පිළිබඳ සියලු තොරතුරු රැස් කර ගත්තේය. මේ හෙළිදරවු කිරීම් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වැදගත් පදනමක් සාදා දී තිබිණි. සැකකාරිය පිළිබඳ වූ සියලු තොරතුරු සොයා ගැනීමෙන් පසුව ඇයට තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසට 2018. 01. 05 දින අතුරුගිරිය පොලිසිය මඟින් ඇයට දැනුම් දුන්නේය. ඇය පදිංචිව සිටින්නේ අතුරුගිරිය ඔරුවල එගොඩවත්ත ප්‍රදේශයේය. පොලිස් දැනුම්දීමට අනුව ඇය සිය විවාහක සැමියා වූ වික්ටර් රත්නායකත් සමඟ 2018. 01. 09 වැනි දින නීතිඥයන් දෙදෙනකුද සමඟ තංගල්ල පොලිසියට පැමිණියාය.

එහිදී ඇයට විරුද්ධව ඇති චෝදනාව වන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 401 වංචාව, 389 සාපරාධී විශ්වාසය කඩ කිරීම, 386 සාපරාධී සාවද්‍ය පරිහරණය හා 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා ගැනෙන වැරැදි පනතේ 08 (1) වගන්තිය යටතේ චෝදනාව කියවා දී සැකකාරිය පොලිස් අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට පත් සැකකාරිය පොලිසිය විසින් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ සැකකාරිය ඇප මත මුදා හරින ලෙසට ඉල්ලීමක් කළහ. එහෙත් පොලිසිය විසින් දිගින් දිගටම අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමට අනුව සැකකාරිය ජනවාරි මස 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහී විජේවීර නියෝග කළේය.

මෙම සිදුවීමට අදාළව තංගල්ල මූලස්ථාන පොලිසිය හරහා පැවැත්වූ පරීක්ෂණ කටයුතු අතරමැද අතාර්කික ලෙස අඩපණ විය. පරීක්ෂණ කටයුතු වසර එකහමාරක් තරම් කාලයක් ප්‍රමාද වී තිබුණේ කිසිවකුගේ බලපෑමක් නිසා බව නම් පැහැදිලි විණි. අනාවරණය වන ආකාරයට මෙම සැකකාරිය දිගින් දිගටම මෙම පරීක්ෂණ කටයුතු යට ගැසීමට විවිධ මැදිහත් වීම් සිදු කර තිබිණි. වංචාව වසන් කිරීම සඳහා තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට අල්ලස් දුන් බව වරෙක කියැවිණි. එක් නිලධාරියකුට සුපිරි වාහනයක් තෑගි ලැබුණු බවටද කතා පැතිරිණි. මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සෘජු අධීක්ෂණය යටතේ තංගල්ල පොලිස් අධිකාරි ගීතාල් ලක්සිරි විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. අල්ලස් දීම හා අල්ලස් ගැනීම වෙනම නඩුවකි. ඉදිරියේදී ඒ අනීතික ගනුදෙනුවත් හෙළිදරව් වනු ඇත.

තතු දත් ආරංචි මාර්ග පැවැසුවෙ පොලිසිය සැකකාරියට කළ දැනුම් දීමට අනුව පසුගිය 09 වැනි දින පොලිසිය හමුවේ පෙනී නොසිටියේ නම් අපරාධකාරියකට ආරක්ෂාව හා රැකවරණය දීමේ චෝදනාව යටතේ ඇගේ සැමියා වූ වික්ටර් රත්නායකද පොලිස් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් තිබූ බවය.



ඩී. නුවන් ජයසේකර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top