අපේ රටේ කලා ක්ෂේත්‍රයේ බොහොම ජනප්‍රිය චරිතයක් තමයි සනෝජා බිබිලේ කියන්නෙ. මේ දවස්වල කලාවෙන් ටිකක් ඈත් වෙලා ඉන්න සනෝජා පහුගිය දවසක පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට යොමුවෙලා තිබෙනවා.
එම ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්ඡාව පහතින්..
සනෝජා බිබිලේට සනෝජාව දැනෙන්නේ කොහොමද?
ඉතාමත් සංවේදී සහ අභියෝගවලට නිර්භයව මුහුණ දෙන කවදාවත් කාවවත් අපහසුතාවට පත්වෙන අයුරින් හොර බොරු නොකරන අවංක ගැහැනියක්.
වැඩිපුරම සංවේදී වෙන්නේ මොන වගේ අවස්ථාවලද?
සමීපතම යාළුවෙක් බොරු කළොත් එහෙම නැත්නම් එකට වැඩ කරන කණ්ඩායමක් මට වරදක් කළොත් හදවතට සමීප කෙනෙක් වෙන් වුණොත් හරියට වැඩක් කරලා වැරැදිම අහගන්න වෙනවා නම් මට අසීමාන්තික විදියට දුක දැනෙනවා.
රංගන ක්‍ෂේත්‍රයේ අය එක්ක වැඩ කරන්න අමාරුද ඒ කියන්නේ?
කැපිලි කෙටිලි වගේ දේවල් නම් එදත් තිබුණා. අදටත් ඒවා තියෙනවා. ගොඩක්ම පිරිමි අයගෙන් නෙවෙයි අපේම ක්‍ෂේත්‍රයේ වැඩකරන ගැහැනු උදවියගෙන් සමහර ප්‍රොෆෙෂනල් නොවන අය හැසිරෙන විදිහ දැක්කම මට පුදුම අප්‍රසන්න හැඟීමක් ඇතිවෙනවා.
ඉතින් ඇයි නිළියෝ ඔය තරම් අන්ප්‍රොෆෙෂනල්?
අලුත ආපු මේ නිළියෝ කියාගන්න අය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ට කතා කරන විදිය, එයාලගේ ඇද කුද හොයලා එයාලව හෙළා දකින හැටි මම ඇස්දෙකෙන් දකිනවා. හරිම අන්ප්‍රොෆෙෂනල්. දැන් ඉන්න අය හිතන්නේ එයාලා ආච්චි අම්මලා කියලා. සියල්ල දත් වගේ හැසිරෙන්නේ. ඔහොම යන අයගේ පැවැත්ම ඉතාම කෙටි කාලීනයි.
ඒ කියන්නේ අලුත් නිළියෝ වැඩිපුර තැන දෙන්නේ ප්‍රවීණත්වයට, දක්ෂකමට නෙවෙයි මුදලට කියන එකද?
මම හිතන්නේ එයාලා හිතනවා ප්‍රොෆෙෂනල් වෙනවා කියන්නේ සෝෂල් මීඩියා කියලයි. එයාලට ඕන එක්කෙනෙක් කොණ්ඩෙ පාට කළොත් අනෙක් අයත් ඒක කරන්න. එක්කෙනෙක් සුදු වුණොත් අනෙක් අයත් හමගහලා හරි සුදුවෙන්න බලනවා. තව කෙනෙක් සල්ලිකාරයෙක් බැන්දොත් හැමෝම සල්ලිකාරයෝ හොයනවා. සැබෑ ජීවිතයයි රංගන ජීවිතයයි දෙකම එකයි එයාලට. වෘත්තීය දක්ෂතා දියුණු කරගන්න එයාලට කිසිම අවශ්‍යතාවක් නැහැ. මුදල් පස්සේ දුවනවා විතරයි. කලාවට ආදරේ නැහැ.
ඔහොම කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද සනෝජා බිබිලේ අලුත් නිළියත් එක්ක ඉරිසියාවට මෙහෙම කියන්නෙ කියලා?
අපෝ කිසිම කුහකකමක් ඉරිසියාවක් නැහැ. අපි මෙතැනට ආවේ අපේ දක්ෂතාව නිසා. ඒ වගේම අදටත් අපි මේ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ දක්ෂතාව නිසා. තමන්ට හැකියාව දක්ෂකම තියෙනවා නම් මම මොකටද තව කෙනෙක්ට ඉරිසියා කරන්නේ. මම කිව්වේ මම අද දකින දේ.
අලුත් නිළියො ගැන ඔය කියන දේවල් ඇහැට දැකලා තියෙනවාද?
අපෝ ඔව් මොකද නැත්තේ. මම මේ කියන්නේ මම සැබැවින්ම වගේ ඇස් දෙකට දැක්ක දේවල්. සමහර අලුත් නිළියෝ තැන නොතැන නොබලා එතැන ඉන්න නළුවන්ගේ ඔඩොක්කුවල වාඩිවෙනවා. අනවශ්‍ය තැන් අල්ලනවා. මම මේවා ඇස් දෙකෙන් දැකපුවා. බය නැතිව කියන්නේ. මේ හැමදේම පරිහාණියක් විදියටයි මම දකින්නේ.
මුදලට අලෙවි වෙන නිළියෝ ඉන්නවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඇත්තටම එහෙම අය ඉන්නවාද?
අනිවාර්යයෙන්ම ඉන්නවා. එහෙම අය එක්ක එකට වැඩකරලත් තියෙනවා. ආශ්‍රය කරලාත් තියෙනවා. එහෙම ඇසුරු කරන්න වුණාට අපිටත් ඒ නම් පටබැඳුණු අවස්ථා තියෙනවා. මට ඒ අයට කියන්න පුළුවන් ඕවා කරන්න එපා කියලා. නමුත් මට එයාලව ජීවත් කරවන්න කන්න බොන්න දෙන්න බැහැනේ. අපි ඕවා කියන්න ගියොත් එයාලා හිතයි මම කියන්නේ ඊර්ෂ්‍යාවට කියලා.
පීක් එකේ හිටපු කාලේ තරගයක් තිබුණේ කාත් එක්කද?
මට පෙර අනෝජා, සබිතා, ගීතා, නදීකලා ආවා. මට පස්සේ දිල්හානිලා, සංගීතලා ඩිලානිලා ආවා. නමුත් ඩිලානි එක්ක පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා. හැබැයි ක්‍ෂේත්‍රයේ දේවල් නෙවෙයි ඒවා පෞද්ගලික හේතු. ඒකාලේ වෙස්ටර්න් ලුක් එකක් තිබුණු නිළියෝ හිටියේ නැහැ හරි අඩුයි. මම ආපු කාලෙම මගෙ පෙනුමත් එක්ක මට බටහිර පන්නයේ චරිත ලැබුණා. ඒ නිසා මට පොඩි කැපිල්ලක් තිබුණා කියලා මම හොඳටම දන්නවා.
ප්‍රධාන චරිතය දෙන්නම්, ජනප්‍රිය කරවන්නම් කියලා සනෝජා බිබිලේගෙන් ලිංගික අල්ලස් ඉල්ලපු අධ්‍යක්ෂවරු හිටියද?
චරිත දෙන්නම් කියලා නෙවෙයි. චිත්‍රපටය සඳහා චරිතයට තෝරා ගෙන ඊට පස්සේ දින ගැන, ඇඳුම් ගැන, චරිතය ගැන කතා කරන්න එනවනේ. එතකොට හම්බෙන්න එන්න කියපු අය නම් හිටියා.
බේරිලා ඉන්න පුළුවන් වුණාද?
අපෙ අප්පේ මම කරපු දේවල් බේරෙන්න. එක්කෙනෙක් මට සුදර්ශියට එන්න කිව්වා හම්බෙන්න මම ගියේ නැහැ. ඊට පස්සේ තව එක්කෙනෙක් මාව හොයාගෙන මගේ ගෙදරට ආවා. මම ඔහුව තල්ලු කරලා දැම්මා. මම හිතුවා එදා ඔහු වැටුණු විදියට එදා ඔහු මැරුණ කියලා. හැබැයි මැරුණේ නැහැ. නැඟිටලා මට බැන බැන ගියා. සමහර අධ්‍යක්ෂවරු ගෙදර එන්න හදපුවාම මම මගේ යාළුවන්ට කතා කරලා කලින්ම ගෙදරට ගෙන්න ගන්නවා. තව අධ්‍යක්ෂවරයෙක් දවසක් මට හම්බෙන්න එන්න කිව්වා. මම හම්බෙන්න ගියේ කල්තියාම සැලසුම් කරලා. එතැනට ගියාට පස්සේ මගේ යාළුවා මගේ ෆෝන් එකට කෝල් කළා. මම හදිස්සියක් අනේ වෙරි සොරි ආපසු යන්න වෙනවා කියලා ආවා.
සමහර රූගත කිරීම්වලට ගියාම මට ට්‍රයි කරපු අය හිටියා. ලොජ් වුණාම මම ඉතින් දොර අරින්නේ නැතිව, නින්ද ගියා වගේ ඉඳලා තියෙනවා. මේ වගේ උපක්‍රම පාවිච්චි කරලා බේරිලා හිටියා. හැබැයි මට ඉගෙන ගත්තු ගෑනියෙක් විදියට ලබාගත්තු දැනුමත් ප්‍රයෝජනයක් වුණා.
අධ්‍යක්ෂවරු විතරක් නෙවෙයි ප්‍රොඩියුසර්ස්ලත් ඔහොම උත්සාහ කළා හරියට.
ආදරේ හිතිලද දන්නෙ නැහැනේ?
ආදරේට නම් නෙවෙයි. තනිකරම කාමාශාව නිසා. තවත් සමහරු හිතේ තියාගෙනම හිටියා කියන්න බය වුණා. මොකද මට තරහ යනවා. මගේ කට සැරයි කියලා ඒ අය දැනගෙන හිටියා. හැබැයි ඒ බයවෙලා හිතේ තියන් හිටපු සමහරු දැනුත් ඒ උත්සාහය අතහැරලා නැහැ. තාමත් බලනවා පුළුවන්ද කියලා. බොරු කියන්න ඕන නැහැ මම කැමැති නම් ඒක වෙනම කතාවක් ඒ වුණාට බලහත්කාරයෙන් ගැහැනියක් අත්පත් කරගන්න හදන එක හරිම පිළිකුල් සහගතයි.
ගැහැනියකට විවාහය අත්‍යවශ්‍යද?
ඔව් මම හිතනවා ගැහැනියකට විවාහය අත්‍යවශ්‍යයි කියලා. මම අවිවාහක කෙනෙක් විදියට මට දැන් දැනෙනවා ගැහැනියකට ප්‍රසිද්ධිය විතරක් නෙවෙයි ආදරය, රැකවරණය, සොයා බැලීම වගේ දේවල් අවශ්‍යයි කියලා.
ඒ කියන්නේ දැන් විවාහයක අවශ්‍යතාව තදින් දැනෙනවාද?
මට දැනෙනවා විවාහ වුණා නම් හොඳයි කියලා. මට විවාහ යෝජනා, ආදර යෝජනා, පෙම් සබඳතා නොතිබුණා නෙවෙයි. නමුත් මට ගැළපෙන කෙනා, ඒ කියන්නේ විවාහයට සුදුසුම කෙනා මුණගැහුණේ නැහැ අද වෙනකන්ම.
ජනප්‍රියත්වය, රූපය, මිල මුදල් හා සියලු භෞතික වටිනාකම්වලට නැතිව සනෝජා කියන ගැහැනියට පමණක් ආදරේ කරපු පිරිමි මුණගැහිලා තියෙනවාද?
දේපළ කොච්චරද, කොයි තරම් සල්ලි තියෙනවාද, බැංකු පොත්වල මුදල් තියෙනවාද? ඒ වගේ ප්‍රශ්න අහපු අය වැඩියි. සනෝජාට ආදරේ කරපු පිරිමි අය නෙවෙයි හිටියේ. බොහෝ විට මගේ රූපයට, හම්බ කරපු දේට සහ ප්‍රසිද්ධියට කැමැති වුණු අය තමයි හිටියේ. ඇතැම් අය මම හරහා තවත් පුද්ගලයෝ හඳුනා ගන්න මට ආදරේ බව පෙන්නුවා. එහෙම ආදරය කළා නම් ඒ සබඳතා අතරමඟ කඩා වැටෙන්නෙ නැහැනේ. එයාලා කරන්නේ බොරුවක් කියලා දැනුනම මට හරියට දුක හිතුණා. කේන්ති ආවා. හැබැයි මම කාටවත් ඒක කියන්න ගියේ නැහැ. නිශ්ශබ්ද වෙලා පැත්තකට වුණා.
අද වෙද්දි විවාහයට තිබුණු වටිනාකම අඩුවෙලා අනියම් සබඳතා වැඩිවෙලා. දික්කසාද වැඩිවෙලා මේ වගේ දේවල් දකිද්දි හිතෙන්නේ නැද්ද තනිකඩ ජීවිතේ හොඳයි කියලා?
අනිවාර්යයෙන්ම එහෙම හිතෙනවා. මගේ යාළුවෝ 75%ටම ඔහොම Family Problems තමයි තියෙන්නේ. දැන් මගේ සමහර හොඳම යාළුවන්ගේ හස්බන්ඩ්ලා යාළුවට හොරෙන් මට Try කරලා තියෙනවා. මට තුහ් කියන්න හිතිලා තියෙනවා. ඒ වගේ දේවල් දකිද්දී නම් මේ ඉන්න විදිය දාහෙන් සම්පතයි කියලා.
ලංකාවේ පවතින විවාහය සම්බන්ධ නීති රාමුව වෙනස් කරන්න අවස්ථාවක් ලැබුණොත් සනෝජා අක්කා මොනාද වෙනස් කරන්නේ?
එක පිරිමියෙක්ට ගැහැනු දෙන්නෙක් විවාහ කරගන්න පුළුවන් විදියට නීතිය වෙනස් කරනවා.
ඇයි පිරිමින්ට විතරක්. ගැහැනියෙක්ට පිරිමි දෙන්නෙක් බඳින්න අවස්ථාව දෙන්නේ නැද්ද?
ගැහැනුන්ට ඕන නැහැ. සමහර විට මට කැමැති පිරිමියා විවාහකයි නම් ඔහුට මාව ගන්නබෑ ඔහු විවාහක නිසා. ඒ නිසා මම කැමැතියි ලංකාවේ එක පිරිමියෙක්ට ගැහැනු දෙන්නෙක් බඳින්න ලැබෙනවා නම්.
සනෝජා අක්කට පුළුවන්ද කෙහෙවළු පටලවගන්නේ නැතිව තමන් ආදරේ කරන පිරිමියා තවත් ගැහැනියක් එක්ක බෙදාගන්න?
ජනගහන අනුපාතය අනුව ගත්තත් අද පිරිමි අඩුයි. ගැහැනු වැඩියි. ඉතින් ගැහැනුන්ට අසාධාරණයක් වෙන්නෙ නෑනේ අරවිදියට වුණා නම්. මම හිතනවා මට අනෙක් ගැහැනිය සමඟ සහයෝගයෙන් ඉන්න පුළුවන් වෙයි කියලා.
එතකොට මුල් තැන මුදලට. ආදරය නොලැබුණත් කමක් නැද්ද?
ආදරය, අනේ ඒක මොන තරම් බොරුවක්ද? අවුරුදු 18 දී 20 දී නම් ආදරේ කියලා මරා ගන්නවා. ඒ වුණාට දැන් තේරෙනවා ඒ සේරම මොන බොරුද කියලා. වචන හතරක් විතරයි. බඳින්න කලින් ගෑනු මැරෙනවා අම්මෝ මේ මිනිහා මගේ මගේ කාටවත් දෙන්නේ නෑ අල්ලන්නවත් කියලා. හැබැයි දරුවෝ තුන් හතර දෙනෙක් හදලා වඩලා ජීවිතේ පරිණත වෙද්දී එතැන ඉතිරි වෙන්නේ බැඳීම විතරයි. ඒක දරුවන්ගේ තාත්තා, දරුවන්ගේ අම්මා කියන බැඳීම.
පිරිමි ගැහැනුන්ව දකින්නේ කොයි විදියටද?
පිරිමි හිතනවා කාන්තාව ඉතාම සුන්දර වස්තුවක් කියලා. සුන්දර සුවඳවත් මලක් කියලා ඔවුන්ට දැනෙනවා. ඈත අතීතයේ ඉඳලා එහෙමයි. ගැහැනු කෙනා කූඩුවක් ඇතුළේ ඉන්නවා නම් ඔවුන් කැමැතියි. පිරිමින්ට ගැහැනු ගොඩක් ඇසුරු කරන්න පුළුවන්. හැබැයි ගැහැනියකට මිතුරෙක් විදියටවත් පිරිමි ඇසුරු කරන්න බැහැ. මේ ලෝකේ තාක්ෂණය අතින්ද අරව මේවා දියුණු වෙලා කියලා කොයි තරම් කිව්වත් අතීතයේ වගේම පිරිමියා ගැහැනිය දිහා බලන්නේ පරණ සාම්ප්‍රදායික කණ්ණාඩියෙන්මයි. කොයි තරම් ලොකු කතා කිව්වත් එදා පිරිමියාමයි අද ඉන්නෙත්.
ඒ කියන්නේ ගැහැනියටත් පිරිමි එක්කෙනාට වඩා ඇසුරු කරන්න ඉඩ දුන්නොත් පිරිමියා හොඳයි කියන එකද?
කොහෙත්ම නැහැ. හැබැයි ගැහැනියෙක්ට එහෙම අවස්ථාවක් ලැබුණොත් ඕනෑ තරමක් සබඳතා පවත්වන්න ගැහැනියෙක්ට වරදින තැන හිතාගන්න බැහැ. මොකද පියෙක් නැති දරුවෙක් සමාජයට දායාද කරන්න වුණොත් ඒක ඒ කාන්තාවට වගේම දරුවාටත් විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ගැහැනියට යම් පාලනයක් තියෙන එක හොඳයි. පිරිමි හරි කපටියි. ඔවන් අන්තංපුරයක් ඇසුරු කරත් ගෙදර එන්නේ හරියට ගෙදර හදපු බත් එක කන්න වගේනේ.
සනෝජා බිබිලේ ප්‍රාර්ථනා කරන ඩ්‍රීම් හස්බන්ඩ් මොන වගේද?
මම ගොඩක්ම කැමැත්තෙන් හිටියේ බිස්නස්මන් කෙනෙක්ට. එයා උදේම ගෙදරින් ගියාට එන්න රෑ වෙනවා. එතකොට මට නිදහසේ කාලා, බීලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්නේ. බිස්නස්මන් කෙනෙක් වුණාම හොඳට සල්ලිත් තියෙනවානේ. 18-20 දී එහෙම හිතුවා. නමුත් දැන් හිතෙනවා ආණ්ඩුවේ රස්සාවක් කරන විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක් හොඳයි කියලා. මොකද මාත් ජොබ් එකෙන් ඕෆ් වෙන වෙලාවට එයාටත් ඕෆ් වෙලා මාවත් දාගෙනම ගෙදර යන්න පුළුවන්නේ. මොකද දැන් ඔය පාටි, අරව මේවා රෑ ගමන් මං ආස නැහැ. ඒ නිසා මාත් එක්කම හවසට ගෙදරට වෙලා තේ එකක් බීලා ෆිල්ම් එකක් බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක්ට මං ආසයි.
එයාගෙ රූපය කොහොම විය යුතුයි කියලාද හිතන්නේ?
මම කැමැති කැතම කැත කෙනෙක්ට.
ඇයි?
කැතම කැත කෙනෙක් බැඳපුවාම එයා දිහා වෙන ගෑනු බලන්නෙ නැහැනේ. ලස්සන කෙනෙක් බැන්දොත් එයා දිහා වැඩිපුර ගෑනු බලනවානේ. මම ටිකක් ආත්මාර්ථකාමියි. කැත කෙනෙක්, බැඳපුවාම ඒ පිරිමියා මගේ දිහාම ඇස් දල්වාගෙන බලාගෙන ඉඳියිනේ. ලස්සන කෙනෙක් බැන්දොත් මට සැකෙන් ඉන්න වෙයිනේ හැමදාම. කැත වුණාට හැබැයි සල්ලිත් තියෙන්න ඕන.
හැබැයි ලස්සන පිරිමියාට වඩා සල්ලි තියෙන කැත පිරිමියාට කාන්තා ආකර්ෂණය වැඩි වෙන්න තියෙන අවස්ථාව වැඩියි නේද?
සල්ලි තියෙනවා නම් පිරිමින්ට ඕන තරම් ගෑනු ඉන්නවා තමයි. ඒක ඉතින් සක්කරයාටවත් නවත්තන්න බැහැ මේ ලෝකේ. ඒ සල්ලි තියෙන කැත පිරිමියා වුණත් වෙනත් ගැහැනියක් ගාවට යන්නේ තමන්ගේ බිරියගෙන් වෙන්න ඕන යුතුකම් ඉටුනොවෙන කොටයි. හැබැයි සමහර පිරිමි එහෙම වෙන්නේ තියෙන නැහැදිච්චකම නිසා. ඒවා නවත්තන්න බැහැ. මොන වැටකඩුලු දැම්මත්.
ලස්සනයි ජනප්‍රියත්වයයි දෙකම තිබුණ කාලේ ඇයි ඔය කියන විදියේ කැත පිරිමියා සොයා නොගත්තේ?
ඒකාලේ ගොඩක් මට කැමැති වෙලා ආවේ ලස්සන පිරිමි. කැත පිරිමි ආවත් ඔවුන්ට සල්ලි තිබුණේ නැහැ.
එතකොට සනෝජා බිබිලේට ඕන කරන්නේ පිරිමියෙක්ගේ ආදරය රැකවරණයට වඩා සල්ලිද?
ඔව් අනිවාර්යයෙන්ම අපි ඔය මොන මොන සුන්දර කතා කිව්වත් සල්ලි නැතිව අපිට මොනවද කරන්න පුළුවන්. අනෙක මම බඳින පිරිමියාට මාව බලාගන්න බැරි නම් මම ආස කරන දෙයක් මට අරගෙන දෙන්න බැරිනම් මොකටද? මම ආසයි නිදහසේ ගෙදරට වෙලා ඉන්න. එහෙම ඉන්න නම් ඔහුට සල්ලි තියෙන්නම ඕන.
පිරිමින්ගේ දකින්න අකමැති ගුණාංග මොනාද?
පළමුවැනි දේ මගේ පිරිමියා මම ඉස්සරහා වෙන ගෑනියෙක් දිහා බලනවාට මම කැමැති නැහැ. හිතවත්කමට යාළුවකට කතා කළාට කමක් නැහැ. මම එයාට මෙහාට වෙනකන් ඉඳලා ඒ අයට ඇප්ප්‍රොච් කරන්න බැහැ. ඒවගේ උන්ට මම කැමැති නැහැ. මම නැතිව එයා පාටිවලට යනවට කැමැති නැහැ. මම ආස දේ නොදෙන කොට මට සැරපරුෂ විදියට කතා කරනවට මම ආස නැහැ. ඕනවට වඩා සමාජශීලී කෙනෙක්ට වගේම ඕනවට වඩා නිශ්ශබ්ද කෙනෙක්ටත් මම කැමැති නැහැ. අහුවෙන බොරු කියන පිරිමින්ට මට කන පැළෙන්න ගහන්න හිතෙනවා.
හැදුණු නරකම කටකතාව මොකක්ද?
මගේ ගෙවල්ගාව ඉන්න මිනිහෙක් එක්ක මට ඊයෙ පෙරේදා දවසක රණ්ඩුවක් ඇතිවුණා. ඒ වෙලාවේ මේ මිනිහා මට කිව්වා මම පවුල් කඩනවා කියලා. ඇත්තටම ඒ වචන ටික මට දරාගන්න බැරි වේදනාවක් වුණා. ජීවිතේට කවදාවත් කරලාවත් නැති කරන්න හිතලාවත් නැති පවුකාර වැඩක් ඒක.
ඒක විතරමද නරකම කතාව හැදුණු?