ඔබේ පාදවල පතුල්, වළලුකර, පාද, දෑත් සහ බාහු වැනි ප්‍රදේශ නිතරම ඉදිමුණු ස්වරූපයක් ගන්නවාද? මේ දේ සිදුවන්නේ ශරීරයේ ඇති පටකවල අනවශ්‍ය ලෙස ජලය රැඳෙන “edema” යනුවෙන් හඳුන්වන සෞඛ්‍ය ගැටලුව නිසයි.
මේ තත්ත්වය ඇතිවන්නට බලපාන ප්‍රධානතම හේතුවන්නේ ගර්භනී වීම, එකතැන වාඩි වී හෝ සිටගෙන සිටීම, ශාරීරිකව ක්‍රියාශීලී නොවීම, ඔසප් වීම, ව්‍යායාම නොකිරීම සහ විවිධ ඖෂධ වර්ග ලබාගැනීම වැනි විවිධ හේතු නිසයි.