Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
24
ඔබත් ප්‍රති­ජී­වක ඖෂධ භාවිතයට ගන්නේ මේ දේවල් දැනගෙනද..? එකම ඖෂධ වට්ටෝ­රු­ව මෙහෙම බොන එක හොඳයිද..?

- ඔබත් ප්‍රති­ජී­වක ඖෂධ භාවිතයට ගන්නේ මේ දේවල් දැනගෙනද..? එකම ඖෂධ වට්ටෝ­රු­ව මෙහෙම බොන එක හොඳයිද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ප්‍රතිජීවක ඖෂධ යනු බැක්ටීරියා ආසාදන සඳහා ලබා දෙන ඖෂධ වර්ග වන  අතර, බැක්ටීරියා විනාශ කිරීම හෝ ඒවායේ ගුණය නැවැත්වීම මගින් මෙම ඖෂධ කාණ්ඩයේ ඖෂධ බැක්ටීරියා ම ද ක්‍රියා කරනවා. 


ප්‍රතිජීවක ඖෂධවල ප්‍රයෝජනය නියමාකාරයෙන් ලබාගැනීමට නම් ඒවා නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවන්වලදී ලබා ගත යුතුමයි. ඒත් ඔබ නියමිත මාත්‍රාවෙන් ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුත්තේ අවශ්‍ය නම් පමණි. කොහොම වුණත් එතරම් මේ ගැන සැලකිලිමත් නොවී ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා ඔබට මේ කියන්න යන කාරණය ගොඩක් වැදගත් වේවි..

ප්‍රති­ජී­වක ඖෂධ භාවි­තය කෙසේ විය යුතු ද, අනිසි භාවි­තයේ බර­ප­ත­ළකම ආදී කරුණු රැසක් සම්බ­න්ධ­යෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යීය වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අධ්‍ය­යන අංශයේ,ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය විශේ­ෂඥ වෛද්‍ය ගයනා ගුණ­රත්න විසින් පළකළ අදහස් කිහිපයක් ගැන තමයි මේ ඔබට කියන්න යන්නේ..

ප්‍රති­ජී­වක ඖෂධ කියන්නේ මොන­වාද?

‍ප්‍රති­ජී­වක ඖෂධ එසේත් නැත්නම් Antibiotics භාවිත කරන්නේ ආසා­දන සඳහා ප්‍රති­කාර කිරී­ම­ටයි. ආසා­දන කෙරෙහි බැක්ටී­රියා, වයි­රස, දිලීර බල­පානු ලබ­නවා. ප්‍රති­ජී­වක ඖෂ­ධ­වල ප්‍රති­ඵල තිබෙන්නේ බැක්ටී­රියා සඳහා පම­ණයි. ‍ප්‍රති­ජී­වක ඖෂධ භාවිත කළ යුත්තේ බැක්ටී­රියා ආසා­දන නිසා මතුව ඇති රෝග සුව­පත් කිරීම සඳහා පම­ණ­මයි.

නිතර වැල­ඳෙන සෙම්ප්‍ර­ති­ශ්‍යාව වැනි වයි­රස් ආසා­දන සඳහා ප්‍රති­ජී­වක ඖෂධ භාවි­තය සුදු­සුද?

ප්‍රති­ජී­වක ඖෂ­ධ­වල ප්‍රයෝ­ජ­නය ඇත්තේ බැක්ටී­රියා කියන විෂ­බී­ජ­යෙන් ඇති­වන ආසා­දන සඳහා පම­ණයි. ශ්වසන පද්ධ­තිය ආශ්‍රිත ආසා­දන තත්ත්ව බොහෝ­විට ඇති වන්නේ වයි­රස් නිසා. එම­ඟින් ඇති­වන සෙම්ප්‍ර­ති­ශ්‍යා­වට ප්‍රති­ජී­වක ඖෂධ භාවි­ත­යෙන් කිසිම ප්‍රයෝ­ජ­න­යක් අත්වෙන්නේ නැහැ. මේ නිසා අපට නිතර ඇති­වන සෙම්ප්‍ර­ති­ශ්‍යාව හෝ වයි­රස් මඟින් ඇති­ක­රන ආසා­දන සඳහා ප්‍රති­ජී­වක ඖෂධ භාවිත නොකළ යුතුයි.

ප්‍රති­ජී­වක ඖෂධ පිළි­බඳ අනිසි භාවි­ත­යන් මොනවා ද?

අද වන­විට එය මුළු ලෝක­ය­ටම ප්‍රශ්න­යක් වෙලා. ජන­තාව දැනු­වත්ව හෝ නොදැ­නු­වත්ව ප්‍රති­ජී­වක ඖෂධ අනිසි විදි­යට භාවිත කර­නවා. ඇතැම් පිරිස් අන­වශ්‍ය පරිදි ප්‍රති­ජී­වක භාවිත කර­නවා. ඒත් වෛද්‍ය­වරු අපට ප්‍රති­ජී­වක ඖෂධ දෙන්නේ තිබෙන බැක්ටී­රියා ආසා­දන ආදිය හඳු­නා­ගෙ­නයි. වෛද්‍ය­ව­රයා නිර්දේශ කළ මාත්‍රා­වට ම අපි ප්‍රති­ජී­වක ඖෂධ භාවිත කළ යුතුයි. හිතු­මතේ ප්‍රති­ජී­වක ඖෂධ භාවි­තය රෝගි­යාට අව­දා­නම්.

එහෙ­ම­නම් ප්‍රති­ජී­වක ඖෂධ අනිසි ලෙස ලබා ගැනී­මෙන් අත්වන විපාක කෙබ­ඳුද?

ප්‍රති­ජී­වක අනිසි භාවි­තය නිසා අත්වන අහි­ත­කර ප්‍රති­ඵල අපට ප්‍රධාන කොටස් දෙක­කට බෙදා දක්වන්න පුළු­වන්. එකක් තමයි අපට අත්වන ප්‍රති­ඵල. අපිට වෛද්‍ය­ව­ර­යෙක් නිර්දේශ කළ ප්‍රති­ජී­වක ඖෂ­ධය වෛද්‍ය­ව­රයා නිර්දේශ කරන නිය­මිත මාත්‍රා­වෙන්, නිය­මිත වෙලා­වට, නිය­මිත කාල පරා­සය තුළ ලබා­ගත යුතු වෙනවා. එසේ නොමැති වුණොත් අප තුළ තිබෙන බැක්ටී­රියා ආසා­දන රෝගය සුව වෙන්න කල්ගත වෙන්න පුළු­වන්. ඒ වගේම සංකූ­ලතා මතු වෙන්න පුළු­වන්. එසේත් නැත්නම් නැවත රෝගය උත්සන්න විය හැකියි. ඒ වගේම ප්‍රති­ජී­වක ඖෂධ අනිසි භාවි­තය නිසා ප්‍රති­ජී­වක ඖෂධ සඳහා ප්‍රති­රෝ­ධය ඇති­වීම (Antibiotics Resistance) සිදු වෙනවා. නිතර ප්‍රති­ජී­වක ඖෂධ භාවි­ත­යෙන් බැක්ටී­රියා ප්‍රති­ජී­වක ඖෂ­ධ­ව­ලට ප්‍රති­රෝ­ධ­යක් වර්ධ­නය කර­ග­න්නවා. ඒ කියන්නේ ප්‍රති­ජී­වක ඖෂ­ධ­ව­ලට බැක්ටී­රියා හුරු­වෙ­නවා. ප්‍රති­ජී­වක ඖෂධ ප්‍රති­රෝ­ධ­යක් දැක්වීම හේතු­වෙන් බැක්ටී­රි­යා­වට එරෙ­හිව ක්‍රියා කිරීම අසා­ර්ථක වෙනවා.එවිට රෝගය සුව­වීම කල් යනවා.

ප්‍රති­ජී­වක ඖෂධ භාවි­ත­යේදී අනු­ග­ම­නය කළ යුතු කරුණු මොන­වාද?

වෛද්‍ය­ව­ර­යෙක් ප්‍රති­ජී­වක ඖෂධ ලබා­දී­මේදී නිය­මිත මාත්‍රාව, නිය­මිත වෙලාව ආදිය සඳ­හන් කර­නවා. ඒ පිළි­වෙ­ළ­ටම ප්‍රති­ජී­වක ඖෂධ ලබා ගැනීම කළ යුතුයි. ඖෂධ නියම කරන්නේ දින 4කට නම් දින 2කින් රෝගය සුව වීම නිසා එම ඖෂ­ධය ලබා­ගැ­නීම නතර කළ­හොත්, ශරී­රයේ ඇති බැක්ටී­රියා නැවත වර්ධ­නය වීමක් සිදු වෙන්න පුළු­වන්. ප්‍රති­ජී­වක ඖෂධ අත­ර­මඟ නතර කිරීම කළ යුතු දෙයක් නෙවෙයි. වෛද්‍ය­ව­රයා නිර්දේශ කළ කාල සීමා­ව­ටම, රෝග ලක්ෂණ සුව වුවත් ප්‍රති­ජී­වක ඖෂධ භාවිත කළ යුතුයි.

අපි යම්කිසි රෝග­ය­කට වෛද්‍ය­ව­රයා හමුවී ඖෂධ ලබා­ගෙන භාවිත කර­නවා. පසුව නැවත එවැනි රෝග ලක්ෂණ පැමිණි විටදී වෛද්‍ය­ව­ර­යෙකු හමු නොවී පැරණි ඖෂධ තුණ්ඩු­ව­ටම ඖෂ­ධ­හ­ල­කින් බෙහෙත් ගන්නවා. එය නොකළ යුතු දෙයක්. එය අන­තු­රු­දා­යක වෙන්න පුළු­වන්.

එක් අය­කුට දෙන බෙහෙත් වට්ටෝ­රු­වක් තවත් කෙනෙකු භාවි­ත­යට ගැනීම සුදු­සුද?

එක් පුද්ග­ල­යෙක්ට දෙන ඖෂධ වට්ටෝ­රු­වක් ගෙද­රදී හෝ ගෙද­රින් පිට­ත­දී­වත් එකි­නෙකා අතර හුව­මාරු කර ගැනීම නොකළ යුතු දෙයක්. එකම රෝග ලක්ෂ­ණ­ව­ලින් වුවත් විවිධ රෝග ඇති වෙන්න පුළු­වන්. රෝග­යක් නිශ්චි­තව තීර­ණය කළ හැක්කේ වෛද්‍ය­ව­රුන්ට පම­ණයි. එහෙත් දරු­වන් කිහි­ප­දෙ­නකු සිටින නිවා­ස­වල එක් දරු­ව­කුට අස­නීප වූ විටදී එක් දරු­ව­කුට නියම කරන ඖෂධ අනෙක් දරු­ව­නුත් අස­නීප වූ විටදී ඔවු­න්ටත් දෙනවා. ඒත්, ප්‍රති­ජී­වක ඖෂධ සම්බ­න්ධ­යෙන් එය සිදු නොකළ යුතු දෙයක්.

වෛද්‍ය­ව­රුන් ඖෂධ නිර්දේශ කිරී­මේදී විවිධ අසා­ත්මි­ක­තා­වන් ඇති­දැයි විම­ස­නවා. වෛද්‍ය­ව­රයා දෙන ප්‍රති­ජී­වක ඖෂ­ධ­වල යම් අසා­ත්මි­කතා ඇති නම් එම ප්‍රති­ජී­වක ඖෂධ කාණ්ඩ­යෙන් නැතිව වෙනත් ප්‍රති­ජී­වක ඖෂධ කාණ්ඩ­ය­කින් බෙහෙත් ගත යුතුයි. ප්‍රති­ජී­වක විශාල කාණ්ඩ සහිත ඖෂ­ධ­යක්. එකි­නෙ­කට වෙනස් වූ ප්‍රති­ජී­වක ඖෂධ තිබෙ­නවා. ඒ අනුව වෛද්‍ය­ව­ර­යෙ­කුගේ නිර්දේ­ශ­යක් නැතුව එකි­නෙකා අතර ප්‍රති­ජී­වක ඖෂධ හුව­මාරු කර ගැනීම ඔස්සේ විවිධ ගැට­ලු‍ ­ඇ­ති­වෙන්න පුළු­වන්. ඒ වගේම කෙත­රම් දැඩි නීති තිබු­ණත් ඖෂ­ධ­හ­ල්ව­ලින් පරණ තුණ්ඩු­ව­ලට හෝ වෛද්‍ය නිර්දේ­ශ­ය­කින් තොරව ඖෂධ ගැනීම දැක­ගන්න පුළු­වන්. ප්‍රති­ජී­වක ඖෂධ කිසිදු අව­ස්ථා­වක වෛද්‍ය නිර්දේ­ශ­ය­කින් තොරව භාවි­ත­යට නොගත යුතුයි.

ප්‍රති­ජී­වක දීර්ඝ­කා­ලී­නව ලබා­ගත යුතු විශේෂ අවස්ථා තිබෙ­න­වාද?

ප්‍රති­ජී­වක ඖෂධ ඇත්ත­ටම භාවිත කරන්නේ බැක්ටී­රියා මඟින් ඇති­වන ආසා­දන රෝග­ව­ලට ප්‍රති­කාර කිරී­මට සහ එම රෝග වළක්වා ගැනී­ම­ටයි. වයි­ර­ස්ව­ලට සහ දිලී­ර­ව­ලට දෙන වෙනම කාණ්ඩ තිබෙ­නවා. අස්ථි සහ සන්ධි සම්බන්ධ රෝග තත්ත්ව­ව­ලදී ඇතැම් අව­ස්ථා­වල දින කිහි­ප­යක්, සති කිහි­ප­යක් හෝ මාස කිහි­ප­යක් ප්‍රති­ජී­වක ඖෂධ ලබා දීමට සිදු­වෙ­නවා. එය තීර­ණය කරන්නේ වෛද්‍ය­ව­ර­යායි. ප්‍රති­ජී­වක ඖෂධ දීර්ඝ­කා­ලී­නව දෙන්න පුළු­වන් අවස්ථා තියෙ­නවා. යම් රෝග­යක් ශරී­රයේ වර්ධ­නය වීම වළ­ක්ව­න්නත් ප්‍රති­ජී­වක ඖෂධ ලබා දෙන අවස්ථා වෙනවා.

මෙය පාල­නය කර­ගන්නේ කොහො­මද?

ඒ අද වන­විට ලෝක­ය­ටම බලපා තිබෙන විශාල ගැට­ලු­වක්. එයට හේතු වෙලා තියෙන්නේ ප්‍රති­ජී­වක ඖෂධ අව­භා­වි­තය (misuse) සහ අධි­භා­වි­ත­යයි (overuse). අන­වශ්‍ය ලෙස සහ අන­වශ්‍ය ප්‍රමා­ණ­යට ප්‍රති­ජී­වක ඖෂධ භාවිත කිරී­මක් ලොව පුරා දැක ගන්න පුළු­වන්. මෙය මිනි­සුන් අතර පම­ණක් නොවේ, ඇතැම් විට සතුන්ට, මත්ස්‍ය­යින්ට විවිධ හේතූ මත ප්‍රති­ජී­වක ඖෂධ දෙනවා. ඒත් බොහෝ විට මෙය අනිසි ලෙස භාවිත කිරීම ඉතා ඉහළ මට්ට­මක පව­ති­නවා. ප්‍රති­ජී­වක ඖෂධ සඳහා ප්‍රති­රෝ­ධය පාල­නය කිරී­මට අනිසි භාවි­ත­යෙන් වැළ­කෙන්න ඕනෑ. ඒ වගේම ප්‍රති­ජී­වක ඖෂධ භාවි­තය අවම කර­ගන්න ඕනෑ. මේ සඳහා මහ­ජ­න­තා­වට වගේම ප්‍රති­ජී­වක ඖෂධ ජන­තා­වට නිර්දේශ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩ­ලයේ වෛද්‍ය­ව­රුන්, පශු වෛද්‍ය­ව­රුන්ට මෙන්ම කෘෂි­ක­ර්මා­න්තයේ, මත්ස්‍ය කර්මා­න්තයේ නිරත සෑම කෙනෙ­කු­ටම මෙහිදී විශාල වග­කී­මක් පැව­රෙ­නවා. ප්‍රති­ජී­වක ඖෂධ අනිසි භාවි­ත­යෙන් වැළකී අවශ්‍ය දේටම පම­ණක් ප්‍රති­ජී­වක ඖෂධ භාවිත කළ යුතුයි.

මෙහිදී ජන­තාව හුරු කළ යුත්තේ කොහො­මද?

මෙහි විපාක පිළි­බ­ඳව ජන­තාව දැනු­වත් කරන්න ඕනේ. වෛද්‍ය­ව­රුන්ට මෙහිදී විශාල වග­කී­මක් තියෙ­නවා. එසේම, ප්‍රති­ජී­වක ඖෂධ නිසි භාවි­තය පිළි­බ­ඳව ජන­මාධ්‍ය, සමාජ මාධ්‍ය ඔස්සේ දැනු­වත් කළ යුතුයි. සෞඛ්‍ය දැනුම ඉහළ නැංවීම සඳහා විවිධ සෞඛ්‍ය වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම ඔස්සේද මෙය සිදු කළ හැකියි.

දිනමිණ පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top