මේ අන්න එහෙම සිදුවීමක් ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්. ඒත් දැන් හිතනවාට වඩා මේ ප්‍රවණතාව අඩුවෙලා.
වසර ගණනාවක් පුරා සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ රූපලාවණ්‍ය ක්‍රම වන, තොල් සහ සම පිරවීම සඳහා භාවිතා කරන ෆිලර්ස් කෙරෙහි ඇති උනන්දුව අඩුවී තිබෙන බව විදෙස් වාර්තා පවසනවා.
වෛද්‍ය සැපයුම් සමාගමක් වන AbbVie Inc. හි රූපලාවණ්‍ය අංශය වන Allergan, ඔවුන්ගේ ප්‍රධාන එන්නත් නිෂ්පාදන වන Botox සහ Juvéderm හි අලෙවිය පහත වැටීම හේතුවෙන් නව අලෙවිකරණ උපාය මාර්ගයකට පිවිසෙමින් සිටින බවට එම වාර්තාවල සඳහන්.
මෙම එන්නත් කිරීම් මගින් මිනිසුන් අස්වාභාවික ලෙස හෝ ඊටත් වඩා නරක අසාමාන්‍ය පෙනුමක් ඇතිකරන බවට ඇති මතය දුරු කිරීමට අදාළ සමාගම දැඩි ලෙස උත්සාහ කරන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
Botox යන රැලි ඉවත් කරන නියුරොටොක්සින් හෙවත් ස්නායු පටකවලට විෂ සහිත ද්‍රව්‍යයක් වන අතර එය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය හෝ ව්‍යුහය වෙනස් කරන ද්‍රව්‍ය සහ Juvéderm යන සමේ පිරවුම් ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන්නේ ඇලර්ජන් සමාගම විසින්.
වෙනස් වන පාරිභෝගික රුචිකත්වයන් ද මෙම පසුබෑමට හේතු වී තිබෙනවා.
කයිලි ජෙනර් වැනි ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියන් විසින් ජනප්‍රිය කරන ලද පුම්බන ලද පෙනුමක් ඇති ‘කොට්ට මුහුණු’ වෙනුවට, ස්වභාවිකව වයසට යාම සහ තියුණු පෙනුම, පැසුණු හිසකේ විලාසිතා පවා මේ වන විට නවතම ප්‍රවණතාව වී තිබෙනවා.
ඩොලර් බිලියන 2.7කට වඩා වැඩි වටිනාකමක් ඇති බෝටොක්ස් රූපලාවණ්‍ය ද්‍රව්‍යවල වාර්ෂික විකුණුම්, 2019 දී ඇලර්ජන් සමාගම ඇබ්වී සමාගම් විසින් මිලදී ගැනීමෙන් පසු පළමු වතාවට මේ වසරේ පහත වැටී ඇති බව සඳහන්.
ඩොලර් බිලියනයකට අධික වටිනාකමැති ව්‍යාපාරයක් වන ජුවෙඩර්හ්ම් හි විකුණුම් ද වසංගතය පැවති කාලයේ පවා පැවති ඉහළ අගයන්ට සාපේක්ෂව 23% කින් පහත වැටී තිබුණා.
රූපලාවණ්‍ය අංශයේ දුර්වල ක්‍රියාකාරිත්වයට හේතුව "මූලික වෙළෙඳපොළවල් කිහිපයක පවතින අභියෝගාත්මක වෙළෙඳපල තත්වයන්" බව ඇබ්වී සමාගම ඔක්තෝබර් මාසයේ ආදායම් වාර්තාවේදී ප්‍රකාශ කළා.
ආර්ථිකය සහ උද්ධමනය පිළිබඳ පාරිභෝගිකයන්ගේ ආර්ථිකමය කඩාවැටීම හේතුවෙන් අභිමතය පරිදි කරන වියදම් කිරීමේ ශක්තිය අඩු වී තිබීම ඊට ප්‍රධාන හේතුවක් බව සඳහන්.
මෙම එන්නත්කරණයෙන් කලක් ගතවීමේදී තොල් ඉදිමීම, සමේ පිරවුම් මුහුණ පුරා පැතිරීම සහ ඇතැම් අවස්ථාවන්හිදී ව්‍යාජ නිෂ්පාදන භාවිතය හේතුවෙන් රෝහල් ගතවීම් පිළිබඳ සිද්ධීන් මගින් පාරිභෝගිකයන් බියට පත්ව සිටින බැවින් අදාළ එන්නත් වෙළෙඳපොළ කඩාවැටී ඇති බව පැවසෙනවා.
වසර ගණනාවක් තිස්සේ ෆිලර්ස් භාවිතා කළ සමාජ මාධ්‍ය බලපෑම්කාරියක් වන ක්ලෙයාර් බෝමන් ප්‍රකාශ කර ඇත්තේ, “මට ඉවත් නොවන ගැටිති තිබුණා. මාව පිස්සෙක් වගේ පෙනුනා” යනුවෙන්.
ඇලර්ජන් සමාගමේ සිදුවෙමින් ඇති පාඩුව නැවත නැගිටීමේ පළමු පියවර වන්නේ දැඩි අලෙවිකරණ ප්‍රහාරයක් දියත් කිරීමයි.
ඇලර්ජන් සමාගමේ වෙළඳපල පසුගිය වසර දහය තුළ 75% පමණ සිට මේ වන විට තුනෙන් දෙකකට වඩා පහළට වැටී ඇති බව සමාගම පවසනවා.