උස අඩි 9යිලු, ළඟටම ඇවිදගෙන ඇවිත්
පිටසක්වල ජීවීන් පිළිබඳව මෙන්ම ඔවුන් සැබැවින් දැකගැනීමට බොහෝ දෙනෙක් දැඩි කුතුහලයෙන් පසුවනවා. තවමත් සැබෑ ලෙසම පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දැකගැනීමට පර්යේෂකයින් අසමත් වී තිබෙනවා. නමුත් යම් වාර්තාවල සඳහන්වන පරදි අභ්‍යාවකාශයේ සැරිසැරූ ගගනගාමීන් මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා.
ඒ පිළිබඳව නවතම වාර්තාවක් ආන්දෝලනාත්මකව ඉදිරිපත් කිරීමට නාසා ආයතනයේ ඉන්ජිනේරුවරයෙකු සමත්වී තිබෙනවා. ඔහු පවසන්නේ අභ්‍යාවකාශයේ පර්යේෂණයක යෙදී සිටියදී ඔහුට පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දර්ශනය වූ බවයි.