Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



‘‘මල්ලි මොකද උඹ විනාඩි 20ක් ඉල්ලන්නෙ මට බණින්නද?‘‘

පසුගියදා අමාත්‍ය එස්.බි. දිසානායක මහතා හට දුරකථන ඇමතුමක් නිසාවෙන් වූ අකරතැබ්බයක් පිළිබඳව වාර්තාවී තිබුණා. එහි වූ සිදුවීම පහත පරිදිවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අමාත්‍ය එස්.බි. දිසානායක මහතාට අවශ්‍ය වී තිබෙනවා. අමාත්‍යවරයාගේ නිලධාරියෙක් ඒ අනුව ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුට කතා කර එස්.බි. දිසානායක මහතාට දුරකථනය යොමු කර තිබෙනවා.

views277 Views
comment

පෙම නතර කළේ තරුණිය වෙන ආදරයක් සොයාගිය නිසාලු

පසුගියදා වත්තල ප්‍රදේශයේදී ප්‍රේමයේ නාමයෙන් තරුණියක් ඝාතනය කළ පුවත පිළිබඳව තවමත් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙමින් පවතිනවා. එහිදී තරුණයා පහර දෙන්නේ තරුණියකටයි.  එවන්ම වූ තවත් පෙම් පටලැවිල්ලකදි තරුණියක් විසින් තරුණයාට පහරදුන් පුවතක් පිළිබඳව මාතර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තමන් බලාපොරොත්තු දහසක් තබාගෙන ආරම්භ කළ  පළමු පෙමට පිටුපෑ බව කියා, පෙම්වතාට තම පියා සහ සහෝදරයා යොදවා ඇය පහරදී තිබෙන්නේ කැකණදුර ප්‍රදේශයේදීයි.
views591 Views
comment

මවගෙන් විටින් විට පරස්පර ප්‍රකාශ

කිලිනොච්චිය - උරුත්තිපුරම් ප්‍රදේශයේදී අතුරුදන් වූ තුන් හැවිරිදි උදයකුමාර් යර්ෂිකා දැරිය,   අනියම් සැමියාට ලබාදුන් බවට මව සිදුකළ ප්‍රකාශකට අනුව දැරිය සොයා  පොලිස් කණ්ඩායමක් ඊයේ (24) යාපනය බලා පිටත්ව ගියා.

දැරියගේ මව සිදුකළ ප්‍රකාශ අනුව ස්ථාන කිහිපයක් පරීක්ෂා කළත් මෙතෙක් ඇය හමුවී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.

views323 Views
comment
කතානායකවරයාගෙන් ඉඟියක්

දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන තොරතුරු අනුව වර්තමාන පාර්ලිමේන්තුව  අද(24) රාත්‍රී  විසුරුවා හැරීමට බොහෝ ඉඩකඩ තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

මේ පිළිබඳව අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීද ඉඟි කිහිපයක්ම පලවී ඇති බවටද තොරතුරු වාර්තා වනවා. එහිදී කතානායක චමල් රාජපක්ෂ කළ ප්‍රකාශයකද බොහෝ දෙනෙක් අතර මේ වන විට කතාබහක් ඇතිකර තිබෙනවා.

views506 Views
comment
englishtrans
අපි එක එක තැන්වලට ගිහින්, එක එක අයත් එක්ක එක එක විදියේ සෙල්ෆි ගහනවා. ඒ අතරින් මේ දවස්වල ලෝකෙම කතාකරන්නේ දඩ සෙල්ෆිය ගැන. දඩ සෙල්ෆිය මුළු ලෝකෙටම හඳුන්වාදුන්නේ ලංකාවේ තරුණයෙක්.

ඒ දඩ සෙල්ෆිය ගැන මුලින්ම ඔබට කීවේ හිරු ගොසිප්. හිරු ගොසිප් අනාවරණයෙන් පස්සේ ලෝකේ බොහොමයක් රටවල් වල දඩ සෙල්ෆිය ගැන කතා කළා. ඉතිං මේ දවස්වල ගොඩක් කට්ටිය උත්සාහ ගන්නේ දඩ සෙල්ෆි ගහන්න. දඩ සෙල්ෆි ගැන ලෝකෙම කතාකරන මේ මොහොතේ ඒක ලෝකෙටම හඳුන්වාදීපු  ලංකාවේ ඒ තරුණයත් එක්ක මුහුණට මුහුණ කතාකරන්න හිරු ගොසිප් අපි කටයුතු කළා.

views1,266 Views
comment
අවසන් වරට බෝතලයක් අරන් කාමරේට ගිය හැටි CCTV එකේ සටහන් වෙලා

මේ වන විට දිවයිනේ නන්දෙසින් හඳුනානොගත් පුද්ගල මළසිරුරු රාශියක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. පසුගියදා රාජගිරිය ප්‍රදේශයෙනුත් එලෙස මියගිය පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල හමුවූයේ ඔහු නිදා සිටි ඇඳේම තිබියදීයි.

මේ වන විට කොළඹ බම්බලපිටියේ පැරඩයිස් මහල් නිවාසයේ හයවැනි මහලේ නිවෙසක හුදෙකලාව සිටි 45 හැවිරිදි රුස්ඩි රජීව් නමැත්තකු නිවස තුළ මියගොස් සිටියදී පෙරේදා රාත්‍රි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

views478 Views
comment
වත්තල නගරයේ රෙදිපිලි අලෙවිසැලක පසුගිය මැයි මාසයේ සිදුවූ පිහි ඇනුමකින් එහි සේවය කළ තරුණියක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා මතක ඇති. එම සිද්ධියෙන් අනතුරුව පිහි ඇනුම සිදුකළ සැකකරු ද එම ස්ථානයේදීම ගෙළ කපාගෙන තිබූ අතර, දරුණු තුවාල ලැබූ ඔහු රෝහල් ගතකළ බවටද තොරතුරු වාර්තා වුණා.

ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් තරුණයා මෙම පිහි ඇනුම සිදුකර තිබූ අතර, ජීවිතක්ෂයට පත්වූ තරුණිය අවුරුදු 19 ක් වයසැති වත්තල - හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට පැවසුණා.

views3,981 Views
comment
‘‘අඩි සලකුණු තිබ්බ පාරේ අපි ගියා. ඒත් හම්බවුණේ නැහැ.
අනේ අපේ දරුවා, කොහොම හරි හොයලා දෙන්න“

කිලිනොච්චිය, උරුත්තිපුරම් ප්‍රදේශයේදී තුන් හැවිරිදි කුඩා දැරියක් අතුරුදන්ව තිබෙනවා.  පොලිසිය සදහන් කළේ දැරිය සම්බන්ධයෙන් ලැබුණු යම් හෝඩුවාවන් ඔස්සේ මේ වන විට පරීක්ෂණ සිදුකරන බවයි.

උදයකුමාර් යර්සිකා නැමති දැරිය මෙලෙස අතුරුදන්ව ඇත්තේ පෙරේදා දිනයේදී.  ඒ, ඇය සිය මව සමග දිය නෑමට ගිය අවස්ථාවේදී.  දියණිය ඇල ඉවුරේ තබා මව දිය නෑමෙන් පසු යළි ගොඩට පැමිණවිත් බලන විට දැරිය නොසිටි බවටයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
views325 Views
comment
views818 Views
comment
‘‘අයියව අන්තිමට දැක්කේ මාර්තු මාසේ, තොරතුරක් නැති නිසා ගෙදර ගිහින් බැලුවා‘‘
බිරිඳගෙන් වෙන්වී අවුරුදු 20ක්ලු
බීමටත් පුරුදු වෙලා ඉඳලා

රාජගිරිය - වැලිකඩ - සිල්වා පටුමඟේ නිවසක තිබී පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලක් පසුගියදා  අලුයම පොලීසිය විසින් සොයාගනු ලැබුවා. කලක සිට මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වෙන් වෙන්ව ජීවත්ව ඇති අතර, පුරුෂයා පිළිබඳ තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඇය මොහු සිටි වැලිකඩ ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

බුලත්සිංහලගේ සුගත් කුරේ නමැති 55 හැවිරිදි විවාහක පුද්ගලයා පිළිබඳව ඔහුගේ නැගණිය විසින් ප්‍රථම වරට  වැලිකඩ ‍පොලිසිය දැනුවත් කර ඇති අතර  බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වසර 20ක පමණ සිට වෙන්වී මෙම නිවසෙහි මොහු හුදකලාවේ වාසය කර තිබේ.

views786 Views
comment
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති කරන්නට තමන් ඉල්ලා නොමැති බවත් ඒ වෙනුවෙන් ක්‍රියාකර නොමැති බවත් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සන්ධානයට දිනන්න මහින්දගේ අවශ්‍යතාවය ඇතුවා මිස මහින්දට දිනන්න සන්ධානය අවශ්‍ය නැති බවයි.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවති රැස්වීමකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස ඔහු මෙලෙස පවසා ඇත. එයට විමල් වීරවංශ මහතාද සහභාගී වී තිබෙන බවට වාර්තා වේ.  

views263 Views
comment
හෙල්මට්, ජැකට් දාගෙන බිරිඳට තර්ජනත් කරලා

තමාගේ පෙර පෙම්වතාගේ බිරිඳට වෙස්වළාගෙන ගොස් මරණ තර්ජනය කළ කාන්තාවක් පිළිබඳව තලාතුඹය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඇය විසින් මහ රෑ පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර එහිදී නිවැසියන් හොරුන් පැමිණ ඇති බවට මහ හයියෙන් කෑ ගසන්නට වී ඇත.

එමෙන්ම ඔවුන් පොලිස් ක්ෂණික ඇමැතුම් ඒකකයට (119) ලැබුණ ඇමැතුමක් මත තලාතුඔය පොලිසියද වහාම ක්‍රියාත්මක වී අදාළ නිවෙස සොයා රාත්‍රි 9.30ට පමණ ගොස් ඇතත් නිවෙස පිහිටි ස්ථානය නිශ්චිතවම සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇත.

views255 Views
comment
englishtrans
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අද සිය උපන් දිනය සමරනු ලැබුවා. හිරු ටී.වී., හිරු එෆ්.එම්., සන් එෆ්.එම්., ගොල්ඩ් එෆ්.එම්., සූරියන් එෆ්.එම්., ෂා එෆ්.එම්. හි සියලු අධ්‍යක්ෂවරුන්, අංශ ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලය, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලයට රැස්වුණේ තම සභාපතිවරයාට සුබ පැතුම් එක් කිරීමටයි. ඒ සඳහා චාම් සහ ගාම්භීර උත්සවයක් ද සංවිධාන කර තිබුණා.  

 ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා, මාධ්‍ය සන්නිවේදන ක්ෂේත්‍රයේ අතිශය අත්දැකීම් බහුල අයෙක්. රසාස්වාදය උදෙසා වූ ගුවන් විදුලි සහ රූපවාහිනීකරණය තුළ ප්‍රමුඛයා වන්නේ ද ඔහුයි.

views1,515 Views
comment
ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු කියන්නේ අපි කවුරුත් අතර ජනප්‍රිය දේශපාලන චරිතයක්. දේශපාලන වේදිකාවෙදි ඔහුගේ ක්‍රියාකරකම් ගැන අපිට දැනගන්න ලැබුණත් සාමාන්‍ය ජීවිතයේදී ඔහු කොයිවගේද කියලා ගොඩ දෙනෙක් දන්නේ නැහැනේ.

කොල්ලෝ කොහොමත් දඟ වැඩකරන්න උපන් හපන් ජාතියක් කියලා හැමෝම දන්න දෙයක්. හරීන් ප්‍රනාන්දුත් කොල්ලා කාලේ තමන්ගේ හොඳම යාලුවෙක් එක්ක ගියපු ගමනක් නිසා ඇතිවුණු කතාවක් ගැන පහුගිය දවසක අපිට අහන්න ලැබුණා.

views651 Views
comment
views957 Views
comment
[1]      «      5228   |   5229   |   5230      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top