පසුගියදා වත්තල ප්‍රදේශයේදී ප්‍රේමයේ නාමයෙන් තරුණියක් ඝාතනය කළ පුවත පිළිබඳව තවමත් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙමින් පවතිනවා. එහිදී තරුණයා පහර දෙන්නේ තරුණියකටයි. එවන්ම වූ තවත් පෙම් පටලැවිල්ලකදි තරුණියක් විසින් තරුණයාට පහරදුන් පුවතක් පිළිබඳව මාතර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
තමන් බලාපොරොත්තු දහසක් තබාගෙන ආරම්භ කළ පළමු පෙමට පිටුපෑ බව කියා, පෙම්වතාට තම පියා සහ සහෝදරයා යොදවා ඇය පහරදී තිබෙන්නේ කැකණදුර ප්‍රදේශයේදීයි.
පහර කෑ තරුණයා සමඟින් අදාල තරුණිය මාතර පෞද්ගලික ආයතනයක කාර්යාලයෙහි සේවය කරන අතර කලක් ගත වීමෙන් පසුව ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්ව තිබෙනවා. ටික කලක් ගතවත්ම පෙම්වතිය තවත් තරුණයකු සමඟ ඇසුරක් පවත්වන බවට තොරතුරු හෙළිකරගත් නිසා පළමු පෙම්වතා තරුණිය සමඟ පැවැති පෙම් සබඳතාව නතර කර තිබෙනවා. මේ හේතුවෙන් උරණ වූ පෙම්වතිය යළි සම්බන්ධතාව ඇති කර ගන්නා ලෙස පළමු පෙම්වතාට බලපෑම් කර තිබෙනවා.
නමුත් ඇය වෙනත් පෙම් පටලැවිල්ලක් ආරම්භ කර ඇති නිසා එයට ප්‍රතිචාර දැක්වීමක් සිදුකිරීමට පළමු පෙම්වතා කටයුතු කර නැහැ. මෙයින් උරණ වූ තරුණිය තරුණයාට දුරකතන ඇමැතුමක් ලබාදී තමා හමුවීමට කැකණදුර ප්‍රදේශයට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.
අදාල තරුණයා පැමිණෙන මාර්ගය අසල සිය සහෝදරයා සහ පියා සමඟ රැඳී සිටි තරුණිය ඔහු පැමිණි පසු යතුරු පැදිය නතර කර ආරක්ෂිත හිස් වැසුම ගලවා තරුණයාට පහර දීමට කටයුතු කර තිබෙනවා. තරුණයාගේ බෙල්ලේ තිබූ රන්මාලය ද පහරදුන් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු පැහැරගත් බව පහර කෑමට ලක්වූ තරුණයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.