පසුගිය දෙවැනි දා රාත්‍රි 9:30 ට පමණ අනුරාධපුර තලාව ප්‍රදේශ්යේ දී සිය කැබ් රථය අනතුරට ලක්වීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රංගධර ජැක්සන් ඇන්තනීට අද කොළඹ ජාතික රෝහලේදී පැය 7ක ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.
ඒ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ බෙල්ලෙ පසුපස කොටසේ කශේරුකාවන්හි සිදුව ඇති හානිය සකස් කිරීම සඳහායි.
අද උදෑසන 9 ට පමණ ශල්‍යාගාරයට ගැනුණු මෙම ප්‍රවීණ රංගන ශිල්පියාගේ සැත්කම නිමාවී ඇත්තේ සවස හතරට පමණ බව ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළා.
මේ වන විට සැත්කමෙන් අනතුරුව රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති බවත් ඔහුව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් වාර්තා වනවා..