අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් රටේ පවතින වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ මාතෘ භූමිය මින් පෙර කිසි කලකත් නොවූ ආර්ථික බංකොලොත්භාවයට පත් වීම නිසා ජනතාවට අපමණ දුක් පීඩා විඳීමට සිදුව ඇති බවයි.
මේ තත්ත්වය තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ අද අප රට පත් වී ඇති උග්‍ර අර්බුදකාරී, අසහනකාරී, තත්ත්වයට ජනාධිපතිවරයා සහ රජය පසුගිය වසර දෙක හමාරක කාලය තුළ ගන්නා ලද අදුරදර්ශී අත්තනෝමතික තීරණ සෘජුවම බල පෑ බව පිළිගත යුතු බවයි..