විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (05) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් භූමිතෙල් අලවියේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විඳින්නට සිදුව ඇති අලාභයන් ගැන සඳහන් කළා.
එහි දී ඔහු කියා සිටියේ, මේ වන විට රුපියල් 87කට අලෙවි වන භූමිතෙල් ලීටරයක් සඳහා සංස්ථාව විසින් රුපියල් හාරසිය විස්සක් වැය කරන බවයි.
ඒ අනුව භූමිතෙල් ලීටරයකින් සිදුවන පාඩුව රුපියල් 333ක්.
එහි දී අමාත්‍යවරයා අවධාරණය කළේ ලබන සතියේ දී භූමිතෙල් මිලත් වැඩි කිරීමට සිදුව ඇති බවයි.
සහන මිලට ජනතාවට ඉන්ධන ලබා දීමේ ප්‍රතිවිපාක අද රටක් විදිහට සැමට ම භුක්ති විඳීමට සිදුව ඇති බවත් ඔහු කියා සිටියා...