"මම හැමෝටම උදව් කරනවා මහත්තයා... වචනෙකින් හරි කාට හරි උදව් කරනවා... එච්චර කරලා තමයි මේ...
මගෙම ආයුධයකින් වෙන්න ඇති ගහන්න ඇත්තෙ...
කොරෝනා හැදිලවත් නැතිවෙන්න දුන්නෙ නෑ...
මම ගෙදර තියාගෙන සත්කාර කළේ..."
පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පරිපාලන නිලධාරිනිය ඊයේ දින ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගියා.
එම සිදුවීම සම්බන්ධව වූ පොලිස් විමර්ශනවලදී ඇයගේ සැමියා මාධ්‍යටද අදහස් දක්වමින් විවිධ වූ ප්‍රකාශ ලබාදෙනු දක්නට ලැබුණා.
කෙසේ නමුත් අද වාර්තා වූයේ එලෙස මියගිය නිලධාරිනිය මරුමුවට පත්කළේ ඇයගේම සැමියා බවයි.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ණය සහ බීමත්කම ගැන වූ නිවසේ අඩදබර මෙලෙස ඇති වූ ආරවුලට හේතු වී තිබෙනවා.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....