තරුණියකගේ සිරුර ස්පර්ශ කොට ලිංගික අතවර කිරීම උත්සහ ගත් නීතීඥවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැලණිය සිට මහනුවර බලා ගමන් කරමින් තිබූ බස් රථයක් තුලදී මෙය සිදුව තිබෙනවා. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ අවුරුදු 28 ක් වූ කාන්තාවක්.
බස් රථයේදී මෙම කාන්තාව අසල සිටි සැකකාර නීතීඥවරයා අනවශ්‍ය ලෙස අවස්ථා කිහිපයකදී ඇගේ සිරුර ස්පර්ශ කර තිබෙනවා.
පසුව කාන්තාව විසින් එයට විරෝධය දැක්වීමත් සමග අදාල නීතීඥවරයා පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් බස් රථ රියදුරාට හා කොන්දොස්තරවරයාට මේ ගැන කියා සිටියද ඒ ගැන ඔවුන් විමසිලිමත් නොවූ බවයි ඇය පවසන්නේ.
පසුව පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබාගෙන මේ පිළිබද පැමිණිලි කිරීමෙන් පසුව මහනුවර ප්‍රදේශයේදී මොහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධිකරණයට ඉදිරිපත් කළ නීතීඥවරයා රුපියල් ලක්ෂ 5 ශරීර ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වුණේ.