Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
08
ලැජ්ජාව නිසා මේ වගේ රෝග හංගගෙන තැවෙනවාද..? එහෙම ඉන්න ඕන නැහැ.. ඒකටත් දැන් විසඳුම් තියනවා..

- ලැජ්ජාව නිසා මේ වගේ රෝග හංගගෙන තැවෙනවාද..? එහෙම ඉන්න ඕන නැහැ.. ඒකටත් දැන් විසඳුම් තියනවා..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37 Views

ඉකිලි කැසීම කියන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝ අයට වැළදෙන බොහෝ පීඩාකාරී රෝගී තත්ත්වයක්..

නමුත් වැඩි වශයෙන් මේ තත්ත්වය වැඩිහිටි හා තරුණ වයසේ පිරිමින් අතර දකින්නට පුළුවන්.. 


කායිකව වගේම මානසිකවත් පීඩා ගෙනදෙන පිරිසක් ඉදිරියේ ඉතාම අපහසුතා ඇති කරන රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි බොහෝ අය ලැජ්ජාව නිසා සඟවා ගෙන සිටින රෝගී තත්ත්වයක්. අද අපේ ජීවන ගමන කොතරම් තරගකාරී සංකීර්ණ එකක් වෙලාද කිව්වොත් අපිට අපේ සනීපාරක්ෂාව සඳහා වූ කටයුතු නිසි පරිදි ක්‍රමවත්ව සිදු කරගන්නට වේලාවක් නැහැ. ඒ නිසාම තමයි මේ වගේ රෝග තත්ත්වයන් බොහොමයක් ඇති වෙන්නේ.ඉතින් මේ රෝගී තත්ත්වය වළක්වා ගන්නට කළ යුත්තේ අපේ ඇවතුම් පැවතුම් නිසි පරිදි පවත්වාගෙන යාම.

ඉකිලි කැසීම Tinea Cruris යන රෝගය විදියට හඳුන්වනු ලබනවා. මේ තත්ත්වයේදී ඉකිලිය ප්‍රදේශයේ කලවා ප්‍රදේශයේ උඩට වන්නට හා ලිංගික අවයව දෙපස ප්‍රදේශයේ තදබල කැසීමක් ඇතිවෙනවා. මේ තත්ත්වයට හේතු වන්නේ දිලීර කාණ්ඩයට අයත් විශබීජ වර්ගයක්. මේ දිලීර කාණ්ඩයට අයත් Dermatophyte කොටසට අයත් විශේෂය වන මෙය පුස් වර්ගයක්. මේ පුස් වර්ග වර්ධනය වෙන්නට ඕන කරන්නේ තෙතමනය, අඳුර සහ යම් පෘෂ්ඨයක්. ඉතින් ඉකිලිය ප්‍රදේශය මේ පුස් වර්ධනය සඳහා අවශ්‍ය සාධක සපයනවා. එයට අපේ ඇවතුම් පැවතුම් හේතු වෙනවා. ඉකිලි කැසීම සඳහා හේතුවන දිලීර විශේෂය වන්නේ ringworm.

රෝගය ඇති වෙන්නට බලපාන හේතු

තදට යට ඇදුම් ඇදීම නිසා ඉකිලි ප්‍රදේශය කැපීම
දහදිය උරා නොගන්නා යට ඇදුම් භාවිතය

සාමාන්‍යයයෙන් යට ඇදුමක් තෝරා ගැනීමේදී බොහෝදෙනා අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි යට ඇදුමේ රෙදි වර්ගය පිළිබඳව. මොකද එහි අලංකාරය, මිල, විලාසිතාව ආදිය පිළිබඳව වගේම දහදිය උරා ගැනීමට හැකි ආකාරයේ යට ඇදුමක් තෝරා ගන්නට වග බලා ගැනීම ඉතා වැදගත්.නමුත් එසේ නොවන ආකාරයට යට ඇදුම් තෝරාගෙන භාවිතා කිරීමෙන් ඉකිලි ප්‍රදේශයට දහදිය දැමීමේදී ඒවා යට ඇදුමට උරා නොගැනීම නිසා දිලීර වර්ධනය වීමට පසුබිම ඇතිවෙනවා.

ඉකිලි ප්‍රදේශයට වැඩිපුර දහදිය දැමීම
දිලීරය ඇති අයෙක් භාවිතා කරන ලද යට ඇදුම් භාවිතය
පොදුවේ භාවිතා කරන කොමඩ් එකක් සහිත වැසිකිලි භාවිතය මගින්

මෙහිදී මේ දිලීර තත්ත්වය ඇති අයෙක් කොමඩ් එකේ වාඩිවීමෙන් ඒ දිලීරය කොමඩ් එකේ තැවරී තවත් අයෙකුට ස්පර්ශවීමෙන් බෝවිය හැකියි.

රෝග ලක්ෂණ

සම රතුවීම
බිබිලි ඇතිවීම
කැසීම
දැවිල්ල
මුලදී ඉකිලිය ප්‍රදේශයෙන් කැසීම ආරම්භ වී පසුව එය කලවා ප්‍රදේශයට හා ගුදය ආශ්‍රිත ප්‍රදේශ හා ලිංගික අවයව ඇති ප්‍රදේශය දක්වා පැතිරීම
කසන විට කුඩු කුඩු ලෙස කොටස් හැළීයාම
සම පුපුරා ගිය ආකාරයක් දකින්නට ලැබීම

අදාල ප්‍රදේශයේ Candida නම් තවත් දිලීර වර්ගයක් ද ප්‍රති ආසාදනය විය හැකියි.

ක්‍රමයෙන් ඉකිලිය කළු පැහැයක් ගැනීම

රෝගය වළක්වා ගන්නට කළ හැකි දේ

ඉකිලිය අවට තෙතමනය අවම කර වියළි තත්ත්වයක් තබා ගැනීම.
ස්නානයෙන් පසුව සහ සේදීමෙන් පසුව දහදිය දැමීමෙන් පසුව ඉකිලිය ආශ්‍රිත ප්‍රදේශය වියළි තුවායකින් පිසදා ගැනීම.පව්ඩර් දැමීමෙන් වියළි බව පවත්වා ගන්නට පුළුවන්.
ඉකිලිය අවට කැසීම ඇති කරන යට ඇදුම් භාවිත නොකිරීම
දහදිය උරා ගන්නා ශරීරයට පහසු යට ඇදුම් භාවිතය (කපු රෙදිවලින් මසන ලද යට ඇදුම් )
යට ඇදුම් සේදීමේදී හැකි නම් ඒවා වතුරෙන් තම්බා ගැනීම
බොහෝවේලා එකම යට ඇදුම ඇදගෙන නොසිටීම
තෙත ඇදුම් ඇදීමෙන් වැළකීම
අධික ලෙස දහදිය දැමූ විට යට ඇදුම් මාරු කිරීම
දිනපතා ඇදුම් සේදීම
දිනපතා ස්නානය
ශරීරයේ තරබාරුව අඩුකර ගැනීම
දියවැඩියාව ඇත්නම් පාලනය කර ගැනීම
යට ඇදුම් පොදුවේ භාවිතා නොකිරීම
තද යට ඇදුම් භාවිතා නොකිරීම

ප්‍රතිකාර -මේ ඉකිලි ආශ්‍රිතව ඇතිවන කැසීම් තත්ත්වය නිසා වෛද්‍ය උපදෙස් ලබා නොගෙන මිලදී ගත හැකි වානිජ මට්ටමේ විෂබීජ නාශක වර්ග ආදිය සමේ තැවරීමට බොහෝ අය පෙළඹී සිටිනවා. නමුත් භයානකම කාරණය වෙන්නේ ඒ ආලේපන තුළ ඇති අසාත්මික හෝ රසායනික බලපෑම් මගින් තවදුරටත් කැසීම් වැඩි කිරීම. ඒ නිසා කැසීම තත්ත්වයන්වලදී මුලින්ම ඒ සඳහා හේතුව සොයා බැලිය යුතුයි.ඒ වගේම මෙවැනි කැසීම් සඳහා වැඩි වශයෙන් දිලීර හේතුවන නිසා මේ දිලීර ආසාදන ඇතැම් ඒවා තාවකාලික ඒවා වෙන්නත් පුළුවන්.

දිගුකල් මේ ඉකිලි ආශ්‍රිතව කැසීම් තත්ත්වය පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. ඇතැම් විට සරල දිලීර නාශක ආලේපනයකින් සිදු කළ හැකි ප්‍රතිකාර විවිධ විෂබීජ නාශක වෛද්‍ය උපදෙස් නොමැතිව ආලේප කිරීමෙන් සංකීර්ණ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හැකියි.ඒ වගේම කැසීම් තත්වයත් තවදුරටත් වැඩිවිය හැකියි.

මේ රෝග තත්වය දිනකින් දෙකකින් සුව නොවන තත්ත්වයක් නිසා වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන ඖෂධ සතියක් දෙකක් හෝ ඊට වැඩි කාලයක් වුවත් ගන්නට සිදුවිය හැකියි.

ඖෂධ ගැනීමෙන් පමණක්ම මේ රෝගී තත්ත්වය සුවකරගත නොහැකි නිසා තමන්ගේ ශරීරයේ පිරිසිදු බව තම යට ඇදුම්, කොට්ට මෙට්ට ආදියේ පවා පිරිසිදුභාවය ඉතා වැදගත්.ඉකිලි ඉතා හොඳින්ම පිරිසිදු කර පිරිසිදු වියළි තුවායකින් පිසදැමීමත් එය සිරුරේ අනෙක් ප්‍රදේශ පිසදැමීමට භාවිතා නොකිරීමත් ඉතා වැදගත්.

නොපමාව ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන්

ඉකිලිය අවට සම අළු පැහැවීම.
කැසීමේදී ඇතිවන බිබිලි පුපුරායාමෙන් ඒ මත විෂබීජ වර්ධනය වීම.
ඉකිලිය ප්‍රදේශයේ කුද්දැටි විශාල වීම
ගුදය දක්වා සහ කලවා ප්‍රදේශය දක්වා දිලීරය වර්ධනය වීම
මේ සඳහා නිසි ප්‍රතිකාර නොගෙන සිටීමෙන් මේ ආසාදනය ශරීරයේ වෙනත් ස්ථාන කරා පහසුවෙන් පැතිර යාමෙන් සුව කිරීමට අපහසු තත්ත්වයක් දක්වා පවා වර්ධනය විය හැකියි.

මේ රෝග තත්ත්වය ඇතිවීමට , උත්සන්න වීමට වගේම සුවකර ගැනීමටත් හේතුවන්නේ පුද්ගලයාගේ ඇවතුම් පැවතුම් නිසාවෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top