Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
31
කුඹුරුවල ඉබේ හැදෙන තුඹ මේ තරම් ඖෂධයක් කියලා කවුද දැනගෙන හිටියේ ?

- කුඹුරුවල ඉබේ හැදෙන තුඹ මේ තරම් ඖෂධයක් කියලා කවුද දැනගෙන හිටියේ ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views

අද බොහෝදෙනා පීඩා විදින ගැටළු බොහොමයකට ප්‍රත්‍යක්ෂ ගුණ දෙන ඉහළ ඖෂධීය ගුණයෙන් යුක්ත ශාකයක් තමයි ගැට තුඹ පැලෑටිය.


අද බොහෝදෙනෙක්ට අමතකව ගියත් එදා පැරණි ගැමියා නිරන්තරයෙන් ආහාරය සඳහා වගේම ප්‍රතිකාර සඳහාත් මේ අපූරු ශාකය භාවිතා කළා. ඉතින් ඉබේ වැවෙන මහත් ගුණදායක ඔසු පැල අතුරින් ගැට තුඹවලට ඉතා විශේෂ ස්ථානයක් හිමිවෙන්නේ එහි රසවත් බව සහ එහි සතු විස්මිත ගුණ සමූහය නිසාමයි. ඉතින් අද අපි ඔබට කියන්නට යන්නේ ව්‍යංජනයක් විදියට වගේම ඔසු පැලයක් විදියත් ඉතා ඉහළ වටිනාකමක් හිමි කරගන්නා මේ ගැට තුඹ ශාකය පිළිබඳවයි.
මේ පැලෑටිය ගෙවත්තේ වගේම කුඹුරු අයිනේ දකින්නට ලැබෙන සුදු පාට සුවඳ මලක් හට ගන්නා ශාකයක්. මේ පැලෑටීයේ කඳේ සහ පත්‍රවල බූව ස්වභාවයක් දකින්නට පුළුවන්. මේ පැලෑටියේ විශේෂ ලක්ෂණයක් තමයි කදේ තියෙන සෑම නැම්මක් ලගම ගැටිත්තක් ඒ සෑම ගැටිත්තක් ලගම මලකුත් දකින්නට ලැබීම. මේ ගැට තුඹ ශාකය හා සමාන ලක්ෂණ දකින්නට ලැබෙන බොහෝදෙනෙකුට පැටලිලි සහගත තත්ත්වයක් ඇති කරන අනෙක් පැලෑටිය වන්නේ පත්පාඩගම්. පත්පාඩගම් ශාකයේ පත්‍ර ගැට තුඹ ශාකයේ පත්‍රවලට වඩා කුඩා අතර පත්පාඩගම පැලෑටියත් ගැට තුඹ ශාකයට වඩා ප්‍රමාණයෙන් කුඩා වෙනවා. මේ නිස ගැටතුඹ ශාකය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්. මේ ගැට තුඹ ශාකය පඳුරක් ලෙස ඉහළට වර්ධනය වන ශාකයක්. වාර්ෂික පැලෑටියක් වන මෙහි උස සෙන්ටිමීටර 30-60 පමණ වෙනවා.
අතීත ගැමි ජනතාව එළකිරි ඉතා පහසුවෙන් ජීර්ණය වීම සඳහා වගේම එහි සෙම ගතිය සමනය කරගන්නටත් උදරාබාධ සුවකර ගැනීම සඳහාත් එළකිරි උණු කරන විට ගැට තුඹ මුල් කිහිපයක් තලා දාන්නට පුරුදු වෙලා හිටියා. එය එළකිරිවල අඩංගු මේදය හොඳින් දහනය කරන්නටත් උපකාරී වෙනවා.ඒ වගේම මේ ගැට තුඹ ශාකයේ කොළ කලවම් මැල්ලුම් සඳහා වගේම කොළ කැඳ සඳහාත් භාවිතා කරනවා. මේ කොළ කැඳ සඳහා ගැට තුඹ කොළ වගේම මොනර කුටුම්බියත් මිශ්‍ර කරනු ලබනවා.එය ඉතාම ගුණවත් රෝග බොහොමයකටම සුව සලසන දිව ඔසුවක්.ඒ වගේම මේ ගැට තුඹ ශාකයම තේ මෙන් සකසා පානය කරන්නටත් පුළුවන්. ඒ හැරුණාම ගැට තුඹ ව්‍යංජනයත් ඉතා රසවත් වගේම ගුණවත් ආහාරයක්. නිතර ගන්නා ආහාරවලට වෙනසක් එකතු ගන්නට අපූරු ආහාරයක් වන මේ ගැටතුඹ ව්‍යංජනය සකස් කර ගන්නා ආකාරය දැන ගැනීම වැදගත්.
අවශ්‍ය ද්‍රව්‍ය
ගැටතුඹ ලපටි දඩු සමඟ කඩාගත් කොළ මිටක්
රතු ළූණු මිටක්
අමු මිරිස්
කුරුඳු පොත්තක්
මිරිස් කුඩු
කහ කුඩු
තුනපහ කුඩු
ලුණු
පොල් කිරි කෝප්පයක්
සාදා ගන්නා ආකාරය තරමක් විශාල කෑලිවලට කපාගත් ගැටතුඹ කොළවලට උණු ජලය එකතු කර මද වේලාවක් තම්බා ගන්න. පසුව තුනපහ ආදී ද්‍රව්‍ය සියල්ලම එයට දමා දී කිරිවලින් තම්බා ගෙන පොල් කිරි එකතු කර හොඳින් පස්සවා ගන්න. මේ ව්‍යංජනය ලොකු කුඩා බොහෝදෙනා ප්‍රිය කරන රසයකින් යුක්ත ගුණයෙන් ඉහළ ආහාරයක්.
ගැට තුඹ ශාකයේ ගුණ
හෘදයට හිතකරයි
දියවැඩියා රෝගීන්ට ගුණදායකයි
උදරාබාධ සඳහා ගුණදෙයි
සෙම නසයි
අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කරයි
ඇදුම රෝගය සඳහා ගුණදායකයි
බඩ පිපීම හා බඩ බුරුලෙන් යාමට ගුණදායකයි
සිරුරේ බර අඩු කරයි
අක්මා රෝග සඳහා ගුණදායකයි
ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුවකරයි
සෙම් ප්‍රතිෂ්‍යාවට සහ කැස්සට ගුණදායකයි
රුධිරය පිරිසිදු කරයි
විෂහරණය කරයි (පිස්සු බලු විෂ, ගෝනුසු විෂ )
පණු රෝග නසාලයි
සෙංගමාලය සඳහා ගුණදායකයි
උදුගොව්වන් කෑම, හිසරදය, ආහාර අරුචිය, කුසගිනි මදිකම, කරකැවිල්ල,සමේ රෝග, තුවාල, නාසයේ මස් දලු සඳහා සිදු කරන ප්‍රතිකාරවලදී මේ ශාකයේ පාංචාංගයම භාවිතා කරයි.
ගැට තුඹ ශාකය සතු ඖෂධීය භාවිතයන්
සෙම්ප්‍රතිෂ්‍යාව ගැට තුඹ ,මල් මිටවල් 2 ක් ගෙන වතුර අඩු කෝප්ප 2 ½ ක් දමා තම්බා පානය කිරීම සුදුසුයි.
බඩ බුරුලෙන් යාම සඳහා ගැට තුඹ ගස් 3 ක් පමණ ගෙන හොඳින් සෝදා කොටා කෙසෙල් කොළයක දවටා උණු අළු පල්ලේ දමා තම්බා ගෙන නිවුණු පසුව යුෂ මිරිකා මී පැණි දමා පානය කිරීම සුදුසුයි.
උදරාබාධ හා බඩ පිපුම සඳහා ගැට තුඹ සම්පූර්ණ ශාකයම සුදු ලූණු ,ඉඟුරු ගම්මිරිස් කුරුඳු ආදිය එකතු කර සාදා ගත හැකි තැම්බුම් හොද්ද ඉතාම ගුණදායකයි. ගැට තුඹ සම්පූර්ණ ශාකයම පවනේ වියළා සූදුරු සමඟ මිශ්‍ර කර තේ මෙන් පානය කිරීම මගින් ද උදරාබාධ සුවකර ගන්නට පුළුවන්. ගැට තුඹ මල් සහ බෙලි මල් මිට බැගින් ගෙන තම්බා පානය කිරීම ගුණදායකයි.
කුඩා දරුවන්ට ඇතිවන මව් කිරි නොදිරවීම හා බඩ පුරවා දැමීම සඳහා මව් කිරි ටිකකට ගැට තුඹ යුෂ තේ හැන්දක් එකතු කර ලබාදීමට එදා මව්වරුන් කටයුතු කළා. එයින් දරුවාගේ මේ අපහසුතා ඉතා ඉක්මනින් දුරු කරගන්නට එය උපකාරී වුණා.
දරු ප්‍රසූතියෙන් පසුව මවකගේ වේදනාවන් හා අපහසුතා සමනය සඳහා හා වෙනත් සමේ රෝග සඳහා මේ ගැට තුඹ ශාක තම්බා ගත් වතුරෙන් ඇඟ සේදීම ගුණදායකයි.
සමේ රෝග සඳහා ගැට තුඹ කොළ මිටක්, අමු කහ කෑල්ලක් දමා කොටා මිරිකා ගත් යුෂ මදක් රත්කර ආලේප කිරීමෙන් සහනයක් ලබාගන්නට පුළුවන්.
ගෝනුසු සත්ත්ව ආදී විශ නැසීමට තම්බා ගත් ගැට තුඹ ශාකයේ ජලය පානය කිරීමෙන් සිරුරේ ඇති විෂ ඉවත් කරයි.
උදුගොව්වා කෑම සඳහා ගැටතුඹ කොළ, දුම්කොළ සමඟ අඹරා හුණු දමා ඒ ස්ථානවල ආලේප කිරීම සුදුසුයි.
සෙම්ප්‍රතිෂ්‍යා උණට ගැට තුඹ ශාකයේ පංචාංගය තම්බා පානය කිරීම සුදුසුයි.
මේ ගැට තුඹ ඔසු පැලෑටිය ඔබේ ආහාරවේලටත් රසවත් ගුණවත් ආහාරයක් ලෙස වගේම විවිධ ලෙඩ රෝග සඳහා අත් බෙහෙත් සකසා ගන්නටත් භාවිතයට ගන්නට පුළුවන්. නමුත් දිනපතා මේ ආහාරය භාවිතයට ගැනීමෙන් විවිධ අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි නිසා සතියකට 2-3 වතාවක් ගැට තුඹ ව්‍යංජනයක් ලෙස හෝ කැඳ ලෙස ආහාරයට එකතු කරගන්නට ඔබට පුළුවන්.
උපුටා ගැනීමකි

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top