ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික දැරියක් ලිංගික අතරවරයකට ලක් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ මෙම ගුවන් යානයේදී අදාළ දැරිය මෙම ඉන්දීය ජාතිකයා විසින් අතවරයට ලක් කර තිබුණා.
සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල , ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා මෙම ගුවන් යානයේ ගමන් ගමන් කරමින් සිට ඇති අතර අවුරුදු 08 යි මාස 10 ක් වයසැති කුඩා දැරියයි මෙලෙස අතවරයකට ලක් ඇති බවයි වාර්තා වන්නේ.
මව විසින් ඒ පිළිබඳව ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කර ඇති අතර පසුව සැකකරු ගුවන් තොටුපල පොලිසිය වෙත භාර දී තිබුණා.
මේ වනවිට දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.