ඒත් මේකට ආයුර්වේද ප්‍රතිකාර කරනවාද? නැත්නම් බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරනවාද කියන එක ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක්... ඔබටත් ඒ ගැටලුව එහෙම්ම ඇති නේ.. එහෙනම් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි...
ස්වභාවධර්මය විසින් අපට දායාද කර ඇති ස්වාභාවික ඖෂධීය ශාක භාවිතා කර නිසි ප්‍රමිතියට සකසන ලද දේශීය ඖෂධ හා ආයුර්වේද ඖෂධ වල වකුගඩුවලට හෝ අක්මාවට අහිතකර බලපෑම් සිදුනොකරන බව ආයුර්වේද ඖෂධ වල වකුගඩු හා අක්මාවට අහිතකර බලපෑම් සිදු නොකරන බව අවිවාදයෙන්ම කිව යුතුයි...
ආයුර්වේද ඖෂධ නොකඩවා ලබාගත් සායනික රෝගීන්ගේ අක්මාව හා වකුගඩු පිළිබඳ රුධිර පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව ලබාගත් පර්යේෂණ ප්‍රතිඵලවලින් කිසිම හානියක් සිදු නොවන බව පර්යේෂණාත්මකව හෙළිදරව් කරගෙන තිබෙනවා...
එහෙත්, දේශීය වෛද්‍ය ක්‍රමයේදී ලබාදෙන අරිෂ්ඨ, කෂාය ආදිය වෛද්‍ය උපදෙස් වලින් තොරව හිතුමතේ අධිමාත්‍රාවලින් දිගුකාලයක් ඔස්සේ භාවිතා කිරීම නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීම සිදුවිය හැකියි...
මෙය ආයුර්වේද ඖෂධවලට පමණක් නොව බටහිර වෛද්‍ය ක්‍රමයේදී ඔබට ලබාදෙන සිරප්, ඖෂධ පෙති හා ඖෂධ කරල්වලට ද අදාළ වන කාරණයක්..
මේ වගේ ක්‍රම ඇරුණුකොට අපේ අවට පරිසරයෙන්ම මේ වගේ ලෙඩ රෝගවලට සුවය දෙන ඔසු ගණනාවක් හොයාගන්න පුළුවන්.. මෙන්න බලන්නකෝ ඒ මොනවාද කියලා...
මුත්‍රාඝාත රෝගයට ප්‍රතිකාර සඳහා යොදා ගන්නා විශේෂිත ශාක ඖෂධ :-
• හීන් නෙරෙංචි
• ඊතණ
• උක්
• ඉලුක්
• රණ උණ
• වැලුක්
• කටුවැල් බටු
• අස්සැන්න
• පොල්පලා
• එළබටු මුල්
• වැල් කහඹිලියා
• රණවරා
• මා දං
• සාරණ
• එනසහල්
• ඇත්දෙමට
• කොත්තමල්ලි
• බැබිල
• රසකිඳ
• නීරමුල්ලිය
වකුගඩු රෝග වළක්වා ගැනීමට ගත හැකි ආහාර වර්ග :-
• පැරණි සහල්වල බත්
• කුරුලුතුඩ සහල්වල බත්
• හීනටි සහල්වල බත්
• මඩතවාලු සහල්වල බත්
• රත්හැල් සහල්වල බත්
• පිරිසුදු ජලය පානය කරන්න.
• වස විස නැති පහත පලතුරු ආහාරයට ගන්න.
උදා:- • වෙරළු
• නෙල්ලි
• ගඩුගුඩා
• මැංගුස්
• මාදං
• වැල
• වරකා
• පේර
• ගල්සියඹලා
• මසන්
• උගුරැස්ස
• අත්තික්කා ගෙඩි
• දිවුල්
• දූරියන්
• අනෝදා
• දොඩං
• නාරං
• උක්
• වස විස නැති පහත පලා වර්ග ආහාරයට එකතු කරගන්න. :-
• ගොටුකොළ
• මුගුණුවැන්න
• සාරණ
• නිවිති
• පොල්පලා
• රණවරා කොළ
• කෝප්ප කොළ
• හිරි අඟුණ
• තිත්ත අඟුණ
• වැල් කොහිල
• ගිරා පලා
• මඩු දළු
• ලබු දළු
• වට්ටක්කා දළු
• මැල්ල කොළ
• ඇඹුල් ඇඹිලිය
• බතල දළු
• මඤ්ඤොක්කා කොළ
• අක්කපාන කොළ
• පැණි තෝර කොළ
• ඇත්තෝර කොළ
• උඳුපියලිය දළු
• මුරුංගා කොළ
• කතුරුමුරුංගා කොළ
• මදටිය කොළ
• පැෂන් ෆෘට් කොළ
• වස විස නැති පහත එළවළු වර්ග ආහාරයට එක්කර ගන්න.
• ජලය බහුල එළවළු
උදා :- • කැකිරි
• පුහුල්
• පිපිඤ්ඤා
• පතෝල
• වැටකොළු
• බණ්ඩක්කා
• තියඹරා