අශීම් දෙබ්ශර්මා නම් මෙම පුද්ගලයා ඉතා වෙහෙස මහන්සි වී මේ මුදල සොයාගෙන දරුවාට ප්‍රතිකාර කරත් අවසානයේදී මෙම මාස පහක් වයසැති දරුවා ජීවිතයෙන් සමුගෙන තිබුණා..
මේ දුකත් එක්කම අශීම්ට මුහුණ දෙන්නට සිදුවුණ මීළඟ අපහසු කාර්‍ය වුණේ දරුවාගේ නිසල සිරුර නිවස වෙත ගෙන ඒමට වැයවෙන ගිලන්රථ ගාස්තුවයි..
බෙංගාලි සිට කලියාගන්ජ් වෙත දරුවාගේ නිසල සිරුර ගෙන ඒමට රුපියල් 8000ක් ඉල්ලූවද එම මුදල ඔහු ළඟ නොමැති නිසා ගමන් බෑගයක බහාලූ දරුවාගේ සිරුර බස් රථයේ රැගෙන ඒමට ඔහු පියවර ගෙන තිබුණා..
කාර්‍යය කොතරම් දුශ්කර වුවත් තමන්ට වෙන කිරීමට දෙයක් නොතිබූ නිසා බියෙන් හා සැකෙන් ඔහු මේ ගමන ගිය බවයි අශීම් පැවසුවේ..