අපේ ජීවිතවලට බොහෝ දෙනා සමීප වෙනවා. බොහෝ දෙනා දුරස් වෙනවා. ඒත් එදා මෙදා තුර නොවෙනස්ව නොඅඩුව ආදරය සෙනෙහස ලැබෙන්නේ ආදරණීය අම්මාගෙන්.
පුංචි දරුවෙක් වැඩියෙන්ම ආදරේ කරන්නේ තමන්ගේ අම්මට.
ඒවිදිහට තමන්ගේ අම්මා මියගිහින් දින 3 ක් ගතවුණත් තමන්ගේ අම්මා එක්ක ජීවත්වුණු අවුරුදු 3 ක පුංචි පුතෙක් ගැන අහන්න ලැබුණා.
වයස අවුරුදු 31ක් වුණු තමන්ගේ අම්මා හදිසි අසනීපයකින් ජීවිතේ දාලා ගියත් මේ පුංචි පුතා තමන්ගේ අම්මා එක්ක ඉඳලා.
දින තුනක් ගියාම මේ ගෙදර අය ගැන කිසිම තොරතුරක් නැති නිසා අසල්වැසියෙක් ඒ ගැන පොලිසියට දන්වලා. ඒ අනුව කරපු සෝදිසියකදි තමයි මේ සිද්ධිය වාර්තා වෙලා තියෙන්නේ.
මේ පුංචි පුතාට ජීවත්වෙන්න එයාගේ කියලා කවුරුත්ම නැතිලු.
ඒ වගේම අම්මගේ ආදාහන කටයුතු කරන්නවත් මුදල් නැහැ කියලයි වාර්තා වෙන්නේ.