අපි දන්නවා ඔබේ කඩේ, ලොතරැයි කූඩුවේ, බස් එකේ ඔබ අහන්නේ හිරු, ෂා, සූරියන් විතරමයි කියලා. ඒ හින්දයි මුළු පළාතටම සද්දේට හිරු, ෂා, සූරියන් අහගෙන ඉන්න ඔබට රුපියල් 25,000 ගානේ අපි දෙන්නේ. ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේම ගිහින් හිරු, ෂා, සූරියන් අහන බස් රථ, ලොතරැයි කූඩුවලට රුපියල් 25,000ක් ලබා දෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහනක් වන මෙයින් තවත් ජයග්‍රහයකයින් ඊයේ (24) බිහිවුණා.
වත්තල හැඳල හන්දියේ ඔරලෝසු කණුව ළඟ ලොතරැයි කූඩුවේ සුමේද සතිචන්ද්‍ර මහත්තයා මුළු හැඳල හන්දියටම ඇහෙන්න හිරු දාගෙන හිටපු නිසා ඔහුට තමයි හිරුගෙන් රුපියල් 25000ක් ලැබුණේ.
මාර්ග අංක 138/2 මත්තේගොඩ - පිටකොටුව ධාවනය වන LA – 6678 බස් එකේ සද්දෙට ෂා අහන් හිටිය නිසා බස් රථයේ කොන්දොස්තර මහත්තයාටයි රියදුරු මහත්තයාටයි රුපියල් 25,000ක් අපි දුන්නා.
එතකොට ආමර්වීදියේ සීතා හෝටලයේ බොහොම සද්දේට Sooriyan FM අහගෙන හිටපු නිසා හෝටලයේ හිමිකරු නවාමනී මහත්මියටත් රුපියල් 25,000ක වාසනාවන්තියක් වෙන්න අවස්ථාව හිමිවුණා.