බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාව සිදුකළ ස්ථානය බවට සැක කෙරෙන ස්ථානයක් නේපාලයේ කපිලවස්තුපුර ප්‍රදේශයෙන් කැනීම්වලදි හමුවී තිබෙනවා. මේ ප්‍රදේශයේ විශාල පන්සලක් ඇති බවට සැක කර සිදුකැනීම් වලදියි මේ ස්ථානය හමුවී තිබෙන්නේ.
එම කැනීම් සිදුකරන අවස්ථාවේ එම ප්‍රදේශයෙන් අඩි 85 ක් දිග, අඩි 16ක් ගැඹුරු සහ අඩි 5 ක් පළල සිදුරක් හමුවී තිබුණා.
එම සිදුර තිබූ ස්ථානයේ මණ්ඩපයක් තිබෙන්නට ඇති බවටයි පුරාවිද්‍යාඥයින් සැක පල කරන්නේ.
කෙසේ වෙතත් මෙහි කැණීම් කටයුතු 1962 දි ආරම්භ කර තිබුණු අතර මේ දක්වා සොයා ගත් වැදගත්ම සොයා ගැනීම මෙය වනවා.