Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
28
මෙරට වැඩිම පිරිසක් නරඹන, සිංහල හඬකැවූ විදෙස් ටෙලි නාට්‍යය.... අනූපමා - VIDEOS

- මෙරට වැඩිම පිරිසක් නරඹන, සිංහල හඬකැවූ විදෙස් ටෙලි නාට්‍යය.... අනූපමා - VIDEOSHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

නවතම LMRB සමීක්ෂණ වාර්තාවලට අනුව මෙරට වැඩිම පිරිසක් නරඹන සිංහල හඬකැවූ විදෙස් ටෙලි නාට්‍යය බවට හිරු ටීවි ඔස්සේ විකාශය වන අනූපමා ටෙලි නිර්මාණය පත්ව තිබෙනවා.

මෙය ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණය වන අතර, සමාජ මාධ්‍යය ඔස්සේත් වඩාත් කතාබහට ලක්වන නිර්මාණයක් බවට පත්ව තිබෙනවා.


2019 වර්ෂයේ දී ජනප්‍රිය වූ බෙංගාලි කතා මාලාවක් හරහා ඉන්දීය රූපවාහිනී ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගත් "අනුපමා" ටෙලි කතා මාලාව ඒ ලබාගත් ප්‍රේක්ෂක ආකර්ෂණයත් සමගම ඉතා කෙටි කලකින් තවත් භාශා හතරකට පරිවර්තනය කෙරෙනවා.

මීට වසර 1 1/2 ට පමණ පෙර හින්දි භාෂාවෙන් ද ප්‍රතිනිර්මාණය වන මෙම ටෙලිකතා මාලාව අද වන විට ඉන්දීය රූපවාහිනී ප්‍රේක්ෂකයින් සම්පූර්ණයෙන්ම ඇද බැඳ ගෙන අවසන්.

ඩිස්නි ස්ටාර් විනෝදාස්වාද රූපවාහිනි නාලිකාව ට අනුව මේ වන විටත් "අනුපමා" ටෙලිනාට්‍ය මාලාව රාත්‍රී 10න් පසු විකාශය වන රූපවාහිනී වැඩසටහන් අතර ඉහළම ජනප්‍රියත්වයක් හොබවනවා.

ඩිස්නි ස්ටාර් නාලිකාවට අනුව සෑම මසකම රූපවාහිනියේ මිලියන 100 ක නරඹන්නන් "අනුපමා" ආදරයෙන් වැලඳගනු ලබනවා.

ඔවුන් පවසන්නේ එම ප්‍රේක්ෂක ආකර්ෂණය දෙවැනි වන්නේ ලෝ පුරා neflix නාලිකාව හරහා අතිශය ජනප්‍රියත්වයක් ලබා ගත් කොරියානු ටෙලිනාට්‍ය මාලාවක් වන Squid Game ටෙලිනාට්‍ය මාලාව සඳහා ම පමණක් බවයි.

මේ වන විට, ලේඛිකාවක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු වන ලීනා ගංගෝපාධ්‍යායි ගේ "අනුපමා" ටෙලි කථා මාලාව ගෙවී ගිය සති 89 න් 85 කම ඉන්දීය රූපවාහිනී වැඩසටහන් වර්ගීකරණයට අනුව එරට හින්දි කතා කරන නාගරික සහ ග්‍රාමීය ප්‍රේක්ෂකයින් අතර වර්ගීකරණ ලකුණු ප්‍රස්ථාරවල ප්‍රමුඛයා බවට පත් වී තිබෙනවා.

මෙම ටෙලි කතා මාලාවේ ජනප්‍රියත්වය කෙතරම් ද යත් එහි එක් කථාංගයක් පැය 24 ක් තුල විකාශය කර මකා දමන instagram ගිණුම් ගණනාවක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

එම instagram ගිණුම් ගෙවී ගිය දිනයේ කථාංගය විකාශය කර එය රූපවාහිනී අයිතීන් සම්බන්ධව මතුවන ගැටලු හේතුවෙන් පැය 24ක් තුළ මකා දමන විටත් එම ගිණුම් ආශ්‍රිතව ප්‍රේක්ෂකයින් ලක්ෂ ගණනින් එම කතාංගය නරඹන බවයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම "අනුපමා"නාට්‍යයේ වෙළඳ දැන්වීම් විරාමයක තත්පර 10 ක ඉඩක් සඳහා දැන්වීම්කරුවන් ඉන්දීය රුපියල් ලක්ෂ 2.25 ත් 2.5 ත් අතර මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 6.5 ත් 7.5 අතර) මුදලක් ගෙවීමට සැදී පැහැදී සිටින අතර එම විරාමයේ අවස්ථාවක් ලබා ගැනීම සඳහා ද කල් බලා සිටිය යුතු බවයි ඉන්දීය මාධ්‍ය සැලසුම්කරුවන් පවසන්නේ.

මෙම ලංසුව දෙවන සහ තෙවන ඉහළම ශ්‍රේණිගත විරාමයන් සඳහා ඔවුන් ලබා දෙන සාමන්‍ය ලංසුවට වඩා දළ වශයෙන් 40-45% වැඩි අගයක්.

මීට අමතරව "අනුපමා"ටෙලි කතා මාලාව ඉන්දීය සාමාන්‍ය රූපවාහිනී භූමිකාවන් සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීම් සිදුකරන Ormax Tracker හි ඉන්දියානුවන් වඩාත් ආදරය කරන චරිත (Characters India Loves (Hindi) හි මාසයක් ඇතුළත දෙවන ස්ථානයට ඇතුළු වූ පළමු චරිතය," බව Ormax Tracker හි කීරාත් ග්‍රේවල් (Keerat Grewal) පවසනවා.

"බොහෝ හින්දි ටෙලි නාට්‍ය සාමාන්‍ය විනෝදාස්වාද නාලිකා වල හොඳම කාල සීමාවේ රූපවාහිනී ශ්‍රේණිගත කිරීම් (TVR) 2ක් පවා ස්පර්ශ කිරීමට අරගල කරන විට, "අනුපමා"සති ගණනක් අඛණ්ඩව 3+ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඇය වැඩි දුරටත් කියා සිටියා.

"අනුපමා" හින්දි ටෙලි කථා මාලාවට අමතරව, එහි මුල් නිශ්පාදනයන් වන ශ්‍රීමෝයි, කන්නඩ, මරාති, මලයාලම්, තෙළිඟු, දෙමළ සහ මෑතක දී ඔඩියා ඇතුළු භාෂා හයකින් 2019 ඔක්තෝම්බර් මාසයේ සිට ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.

මෙම සෑම අනුවර්තනයක්ම ඔවුන්ගේ වෙළඳපලවල ප්‍රමුඛ ස්ථාන අත්පත් කරගෙන ඇත්තේ එම් ටෙලි කතා මාලාවේ ඇති නිෂ්පාදන ප්‍රභලත්වය හේතුවෙන්.

කෙසේ වෙතත් ඩිස්නි ස්ටාර් විනෝදාස්වාද නාලිකා ප්‍රධානී කෙවින් වාස්, මෙම නිශ්පාදනය "අනුරූප කරන ලද" යන්නට වඩා "ප්‍රතිනිර්මාණය" යන යෙදුම භාවිතා කිරීමට කැමැත්තක් දක්වන අතරම නරඹන්නාට "මෙය ඔවුන්ගේ කථාව බව, එය ඔවුන්ගේ පරිසරයෙන් ආරම්භ වූ බව" සහතික කිරීම සඳහා සෑම කථාංගයක්ම දේශීයත්වය සුරැකෙන පරිදි සලසුම් කණ්ඩායමක් විසින් සංවර්ධනය කරන බව පවසනවා.

එමෙන්ම ඔහු කියා සිටියේ කුමන්ත්‍රණ, යථාර්ථයෙන් බොහෝ දුර වූ පරිසර සහ සම්බන්ධ රටා, කිසිසේත් යථාර්ථවාදී නොවන බාල බොළඳ සිදුවීම් වලින් පිරී ගිය සාම්ප්‍රදායික ඉන්දියානු රූපවාහිනී ටෙලිනාට්‍ය කතා මාලාවන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආරක් ගත් "අනුපමා" ඉන්දියානු රූපවාහිනී නාට්‍ය පොත නැවත ලියන බවයි.

දැඩි ක්‍රිකට් උන්මාදයකින් පෙළෙන ඉන්දීය විසිත්ත කාමරයේ රූපවාහිනී යන්ත්‍ර දුරස්ථපාලකය අයි පී එල් තරගයක් මධ්‍යයේ රාත්‍රී 10 සිට 10.30 දක්වා චැනල මාරු කිරීම මහත් අභියෝගයක් බව පෙන්වා දුන් කෙවින් වාස් පවසන්නේ මේ වන විටත් "අනුපමා" එම දුෂ්කර කාර්යය ඉතා හොඳින් ජය ගනිමින් සිටින බවයි.

ලොව පුරා මිලියන 100 ට අධික ප්‍රේක්ෂක පිරිසකගේ මහත් ආදරයට බඳුන් වූ "අනුපමා" මේ වනවිට ප්‍රේක්ෂක ආලින්දයේ සතියේ දිනවල රාත්‍රී 9.25ට සොඳුරු ඉඩක් අරගෙන අවසන්....





May be an image of 1 person and text

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top