Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
03
"මගෙ වයසත් එක්ක මට ලැබුණු චරිතවලට ගොඩක් දෙනෙක් පොරකෑවා.. මට චරිතයක් හිමිවෙනකොට කැපිලි කෙටිලි තවත් වැඩි වුණා..අදටත් එහෙමයි" වේදිකාවෙන් පුංචි තිරයට ආ ඇය, වගීෂා - Photos

- "මගෙ වයසත් එක්ක මට ලැබුණු චරිතවලට ගොඩක් දෙනෙක් පොරකෑවා.. මට චරිතයක් හිමිවෙනකොට කැපිලි කෙටිලි තවත් වැඩි වුණා..අදටත් එහෙමයි" වේදිකාවෙන් පුංචි තිරයට ආ ඇය, වගීෂා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"සමාජ මාධ්‍ය හොඳට නරකට දෙකටම ගන්න පුළුවන්. ඒකට බය නැහැ. නමුත් මම ඒක පාවිච්චි කරන්නෙ අතේ දුරින්..."
 
"මම තවම අධ්‍යාපන කටයුතු කරනව. මේ වන විට විශ්ව විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු ආරම්භ කරල තියෙනව. මනෝ විද්‍යාව සහ නීතිය යන විෂයයන් තමයි හදාරන්නෙ..."
 
වගීෂා සල්ගාදු කියන්නෙ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය දක්ෂ නව පරපුරේ රංගන ශිල්පිනියක්.
 
හිරු ටීවි එක්ක රැඳෙන ඔබට ඇයව අලුත් මුහුණක් නෙවෙයි.
 
මේ ඇය සති අන්ත පුවත්පතකට ලබාදුන් සොඳුරු සංවාදයක්....


ළංවී ටෙලි චරිතයට ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරද?
 
ඇත්තටම කියන්න සතුටුයි හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රතිචාර ලැබෙනව. නිහතමානීව ඒ හැම ප්‍රතිචාරයක්කම බාර ගන්නවා.
 
ඔබ වෘත්තියමය නිළියක්?
 
ඔව්. මේ වෙද්දි මම වෘත්තීයමය රංගන ශිල්පිණියක්. ඒ වගේම රංගනය වෘත්තිය හැටියට තෝරාගත්ත එක ගැන මම ආඩම්බර වෙනව.
 
අධ්‍යාපය කටයුතු අවසන් කළාද?
 
නැහැ. මම තවම අධ්‍යාපන කටයුතු කරනව. මේ වන විට විශ්ව විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු ආරම්භ කරල තියෙනව. මනෝ විද්‍යාව සහ නීතිය යන විෂයයන් තමයි හදාරන්නෙ.
 
රංගනයට ගෙදරින් තහංචි නැද්ද?
 
අනේ නැහැ. අම්මයි තාත්තයි මගේ වැඩවලට උපරිම සහයෝගය ලබා දෙනව. ඒ නිසා මං හරිම වාසනාවන්තයි.
 
සිනමාව ගැන කිව්වොත්?
 
තාල සහ පහ සමත් යන චිත්‍රපට දෙකට මම රංගනයෙන් දායක වුණා. සංජය නිර්මාල් මහත්මයාගේ ප්‍රාණ චිත්‍රපටය තිරගතවීමට නියමිතයි. ඒ වගේම තව අලුත් වැඩකටත් සම්බන්ධ වෙලා ඉන්නව.
 
‘ප්‍රාණ’ අත්දැකීම මොන වගේද?
 
මේ අතිදැකීම හරිම සුවිශේෂියි. මොකද මෙතනදි පළමුවැනි වතාවට ප්‍රවීණ රංගනවේදී නීටා ප්‍රනාන්දු මහත්මියගෙ යෞවන කාලය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබෙනව.
 
ඔබට අභියෝගයක්?
 
ඔව්. ලොකු අභියෝගයක්. මොකද මේක ඓතිහාසික කතාවක්. ඒ නිසා චරිත ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න ඕන වගේම යම් කෙනකුගේ තරුණ කාලයක් නිරූපණය කරද්දි ඒ කෙනාව හොඳින් අධ්‍යයනය කරන්න ඕන. මම හිතනව මෙතනදි මම සාර්ථකයි කියල.
 
නීටා ප්‍රනාන්දුගේ ප්‍රතිචාරය?
 
ඇත්තටම එතුමියට හිතාගන්න බැරි වුණා මම ඒ තරම් සාර්ථකව චරිතය කරයි කියල. මට හරිම ආදරෙයි. කොතනදි දැක්කත් මාව අගයනව. ඒ සහයෝගය සහ ආදරය මට ගොඩක් වටිනව.
 
කැපිලි කෙටිලි බොහොමයි?
 
කැපිලි කෙටිලි කියන්නෙ කාටත් පොදු දෙයක්. නමුත් මට ඒක ගොඩක් වැඩි වුණා. මොකද මගෙ වයසත් එක්ක මට ලැබුණු චරිතවලට ගොඩක් දෙනෙක් පොරකෑව. ඒ දේවල් එක්ක මට චරිතයක් හිමිවෙනකොට කැපිලි කෙටිලි තවත් වැඩි වුණා. අදටත් එහෙමයි. නමුත් මම හැමවෙලාවෙම විශ්වාස කරන්නෙ මොන බාධකය ආවත් දක්‍ෂතාවත් එක්ක ලැබිය යුතු කෙනාට ලැබෙනව.
 
කලාකරුවන්ගේ වටිනාකම හෑල්ලු වෙලාද?
 
වටිනාකම කියන්නෙ කලාකරුවකුට තමන්ගේ දක්‍ෂතාවත් එක්ක ලැබෙන දෙයක්. මම කාටවත් චෝදනා කරන්නෙ නැහැ. නමුත් මේ ක්‍ෂේත්‍රය තුළ අපිට පේනව විවිධ මාධ්‍යන් ඔස්සේ වගේම විවිධ වැඩ හරහා යම් පිරිසක් කලාකරුවන්ගේ වටිනාකම විනාශ කරනව. ඒ අය අතර ලැබිය යුතු වටිනාකම අරගෙන” ඉදිරි අනාගතයේදී තව කෙනෙකුටත් අරගන්න පුළුවන් විදිහට වැඩකරන්න හදන අපි වගේ අයත් ඉන්නව. අදටත් මම මගේ ගෞරවය රැකගෙන වැඩකරනව.
 
වේදිකාව අතහැරියද?
 
වේදිකාව අතහැරල නම් නැහැ. නමුත් ආරාධනා ලැබුණත් මම ඒවා භාරගත්තෙ නැහැ. මොකද වේදිකාව කියන්නෙ ලොකු කැපකිරීමක් කරන්න ඕන ක්‍ෂේත්‍රයක්. දැනට තියෙන වැඩත් එක්ක සම්පූර්ණ අවධානය වේදිකාව වෙනුවෙන් යොදවන්න බැරි නිසයි ඒ ආරාධනා භාර නොගත්තෙ. නමුත් මම ගොඩක්ම ආදරේ කරන්නෙ වේදිකාවට. මොන කැමරාව ඉදිරියේ රඟපෑවත් අද මම ගෙනියන්නෙ වේදිකාවෙන් හදාගත්ත ශිල්ප ක්‍රම. ඒ නිසා ඉදිරියේදී මම අනිවාර්යයෙන්ම වේදිකාවට සම්බන්ධ වෙනව වගේම මට පුළුවන් දේවල් වේදිකාවට ගේන්න සැළසුම් කරගෙන යනව.
 
ජනප්‍රියත්වය?
 
ජනප්‍රියත්වය කියන්නෙ කෙනකුට වාසනාව අනුව ලැබෙන දෙයක්. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕන. හරියට දෙයක් කරන්න ඕන. නමුත් මම හැම වෙලාවෙම වැඩකරන්නෙ දක්‍ෂ කලාකරුවෙක් වෙන්න හිතාගෙන මිසක ජනප්‍රිය වෙන්න හිතාගෙන නෙමෙයි.
 
සමාජ මාධ්‍යයට බයද?
 
සමාජ මාධ්‍ය හොඳට නරකට දෙකටම ගන්න පුළුවන්. ඒකට බය නැහැ. නමුත් මම ඒක පාවිච්චි කරන්නෙ අතේ දුරින්.

මහේෂ් එදිරිසිංහ
දිවයින
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top