Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
19
විශ්වාස කරන්න පුළුවන්ද? සිහිනවලින් අතේ රේඛාවලින් අනාවැකි කියන විදිහ මෙන්න

- විශ්වාස කරන්න පුළුවන්ද? සිහිනවලින් අතේ රේඛාවලින් අනාවැකි කියන විදිහ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

තාක්ෂණය කොතරම් දියුණු වුවත් සාමාන්‍ය ජනතාව මිථ්‍යාවන්ට නැඹුරු වීම එක්තරා පුදුම සහගත ක්‍රියාවලියක් බවට හැඳින්වුවහොත් වැරැදි නැහැ කියලයි මගේ අදහස. උදාහරණයක් ලෙස ගතහොත් බොහෝ ආගම්වල සාහිත්‍යමය වටිනාකමක් පමණක් ඇති සමහරක් කරුණුවලින් කොටස් පවා සත්‍ය ලෙස පිළිගැනීම ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඒ අතරින් මෙවර අපි අවධානයක් යොමු කරන්නේ සිහින පලාපල ඔස්සේ මිනිසුන් විශ්වාස කරන හෝ ඇදහීමට ලක් කරන කරණු පිළිබඳවයි. මේ සඳහා අදහස් දැක්වීමට අප සමාජ විද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර මහතා සම්බන්ධ කර ගනු ලැබුවා.



සිහිනවල අප නොදන්නා රහස් පණිවුඩ හෝ පලාපල පවතින බව ජනගහනයෙන් වැඩි පිරිසක් පිළිගැනීම මතයක් බවට පත්ව තිබෙනවා. සිහිනවලින් ඉදිරියට අපට වන දෙයක් දැනගැනීමට හැකි බව සිතනවා. ලංකාවේ නම් ඊට ප්‍රධාන හේතුව වන්නේ බෞද්ධ සාහිත්‍ය තුළ මහාමායා දේවිය සිදුහත් කුමරු ඇයගේ කුස තුළ පිළිසිඳගත් විට දුටු සිහිනය මත පලාපල පිළිබඳව යම් මට්ටමකින් විශ්වාසයත් ගොඩනැඟීම පදනමක් වී තිබෙනවා. කෙසේ වෙතත් සෑම රටකම සිහින පිළිබඳව විශාල කුතුහලයක් පවතිනවා. බොහෝ විද්‍යාත්මක පිළිබඳ පර්යේෂණ සිදුකරන රට වල්වල සිහින පිළිබඳව පරීක්ෂණ සිදුකර තිබෙනවා. සාමාන්‍යයෙන් සිහින දුටුවම බොහෝ අය තමන්ට එතරම් හුරු නැති ගතියක් හෝ හැඟීමක් දැනීම හරහා පලාපල ඇතැයි සිතා ඒ පිළිබඳව පලාපල බැලීමට යනවා.

මගේ අත්දැකීම් මත ලංකාවේ සමහර අය යම් සිහිනයක් දැක්කාම ඒ පිළිබඳ කුතුහලයක් ඇති වීම, අමුතු ආකාරයේ හැඟීම් දැනීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ පිළිබඳ වැඩිදුර සිතා මෙය කුමනාකාරයේ සිහිනයක්ද මේ ආකාරයේ සිහිනයක් දුටුවොත් මේ වගේ දෙයක් අනාගතයේදී වෙන්න පුළුවන්ද වගේ හැඟීමක් සිහින දකින්නාට ඇති වීම සුලබ වීමක් දකින්නට ලැබෙනවා. ඒ තරමට සිහින පලාපල පිළිබඳව විශ්වාසය කරන පිරිසක් සිටීමද පුදුමාකාරයි. ඔවුන් සිහින පලාපල බලමින් එයින් මොනවගේ බලපෑමක් සිදුවේද කියලා සිතමින් ඉන්නවා.

ලංකාව ඇතුළේ ප්‍රසිද්ධ, භයානක මෙන්ම හුඟාක් අය සැලෙන සිහින වර්ග කිහිපයක තිබෙනවා. ඒ වගේ සිහිනයක් දැක්කොත් මොකක් හරි කරදරයක් වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ අතරිනුත් ප්‍රධානම සිහිනයක් ලෙස, තමන්ගෙ, ‘දත් වැටෙනවා දකින සිහිනය හ¾දුන්වන්න පුළුවන්. ඒ සිහිනය දුටු විට තමන්‍ට සමීප හිතවතෙක් මිය යයි කියල හිතනවා. එවැනි අදහසක් ඔළුවේ තබාගෙන හුඟාක් බිය වෙලා සිහිනයේ පලාපල අහගන්න යනවා.

ඒ වගේම සමහර සිහින තිබෙනවා, සිහිනයෙන් අසූචි දැක්කාම තමන්ට වාසියක් හෝ විශාල ධනයක් හෝ උසස්වීමක් වගේ දෙයක් ලැබෙයි කියලා සිතනවා. එය සුබ සිහිනයක් ලෙස සලකනවා. තව එහෙම ප්‍රසිද්ධම සිහින පලාපලයක් තමයි සිහිනෙන් ‘අන්නාසි කෑම.’ තමන්ට හොඳ බිරියක් හෝ ස්වාමිපුරුෂයෙක් ලැබෙයි කියලා තදින් විශ්වාස කරනවා.

නමුත් එවැනි පදනමක් කොහෙන් ආවාදැයි කියා කොතැනකවත් සඳහන් කරලා නැහැ. ඒ වගේමයි සිහිනවලින් තමන්ව මරනවා හෝ ලෙඩ වෙනවා දැක්කොත් එය තමන්ට සුබ පලයක් ලබා දෙන බව සිහින පලාපලකරුවන් තරයේ පවසනවා. මේ ආකාරයට මේවා සරලව විශ්ලේෂණය කළොත් අපිට පෙනීයන ප්‍රධාන කාරණාව වන්නේ මෙහි පේන සිහිනයට විරුද්ධ ආකාරයටයි සිහිනවල පලාපල ප්‍රතිඵල සිදුවනවා කියන්නේ.

මෙවැනි සිහිනවල මූලාරම්භය සම්බන්ධව ඔහු ලබාදුන්නේ මෙවන් අදහසක්.

“සිහින සහ පලාපල අතරේ තිබෙන සම්බන්ධය ඉතා හොඳින් අධ්‍යයනය සිදු කර තිබෙන වෛද්‍යවරයෙක් ලෙස ‘සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්’ නමැති ලෝ ප්‍රකට මනෝ වෛද්‍යවරයාව හඳන්වන්න පුළුවන්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් ඒ රටේ පැවැති විශ්වාස අනුව ඒවා දකින පුද්ගලයන් ගැන ඔවුන්ගේ විශ්වාස සහ යටි සිතේ පවතින අදහස් හා අරමුණු විශ්ලේෂණය කර රෝගීන්ව හොඳින් හඳුනාගත් නිසා විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගියා.

මුලින්ම ඔහු පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදු කළා. පර්යේෂණ හරහා තහවුරු වූයේ සාමාන්‍ය ජීවිතයේදී යම් කෙනකුට ලබා ගැනීමට නොහැකි වූ, නමුත් ඉටුකර ගැනීමට අවශ්‍ය ප්‍රකෘති ජීවිතයේ ආශාවන් ඇති බවයි. ඒවා ලබා ගැනීමට නොහැකි වූ විට තම ස්නායු පද්ධතිය හරහා සිහිනයක් ආකාරයෙන් හෝ ඉෂ්ට වීමක් සිදුවෙනවා. ඒ අනුව ඔහුගේ අදහස වනුයේ අදාළ පුද්ගලයා දකින සිහිනයක් මඟින් ඒ කෙනාගේ මනස ක්‍රියා කරන ආකාරය දැන ගැනීමටත් ඒ හරහා අවශ්‍ය මානසික ප්‍රතිකාර ලබා ගැනීමත් කළ හැකිය කියලයි.

මනස ක්‍රියා කරන ආකාරය අනුව සිහින දකින අයගේ සාමාන්‍ය විකෘතීන් හඳනාගන්න පුළුවන් කියලා දෙයක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් ප්‍රකාශ කර තිබෙනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් ප්‍රකාශ කර ඇත්තේ සිහිනවලින් පෙනෙන්නේ නියම සත්‍යය නොවන බවද අපගේ අතීතය හෝ වර්තමානයද නොවන බවත්. එසේම අප විසින් ක්‍රියා කරන දේවල් සහ සිතේ පවතින දේවල් මත පෙන්වන දේවල් සිහිනවලින් රූපාකාරයෙන් පෙන්වන දෙයක් පමණක් බවයි. ඒ සඳහා කදිම නිදසුනක් ඔහු ලබා දී තිබෙනවා.

අපි දකින සිහින බටහිර රටවල සිටින අය දකින සිහිනවලට වඩා වෙනසක් තිබෙන්න පුළුවන්. සමහර සිහින ගැන පරීක්ෂණ කරපු අය කියන විධියට සාමාන්‍යයෙන් දකින සිහින කිහිපයක් විවිධාකාර ලෙස තිබෙනවා. සිහිනයක් පෙනුණ විට අනාගතයේදී මේ වගේ දෙයක් වෙන්න පුළුවන් වගේ අදහසක් ලබා දෙනවා. සමහර අය අපේ පස්සෙන් එළවනවා. උසකින් වැටෙනවා. නැත්නම් වැඩ කරන තැනට පරක්කු වෙලා යනවා. තමන්ගේ සමීප කෙනකු මිය යනවා. නැත්නම් මැරුණු කෙනෙක් ජීවත් වෙනවා. නැත්නම් තමන් මේ වගේ දේවල් දැක්කාම පලාපල කියන අය ළඟට ගියාම විවිධාකාර පලාපල කියනවා.

මේ වගේ දෙයක් තමයි මේ වගේ සිහිනයක් දැක්කොත් මෙහෙම වෙන්නේ කියලා අර්ථකථනයක් ලබා දෙනවා. උදාහරණයක් විධියට මේ අය හිතනවා තමන් වැටෙනවා දැක්කොත් තමන්ට බරපතළ දෙයක් සඳහා මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. මොකක් හරි තමන්ගේ සතු දෙයක් අස්ථානගත වෙයි කියලා.

එවැනි දේවල් පිළිබඳ විශ්ලේෂකයෝ පවසන්නේ සිහින පිළිබඳව තවදුරටත් විශ්ලේෂණය කරන්න අවශ්‍ය වන නමුත් එවැනි සිහිනවලින් පෙන්නුම් කරනුයේ යම් කෙනෙක්ගේ අනාගතය පිළිබඳ නොවන බවත්ය . ඒ අය චරිතයේ හැසිරීම සහ කුඩා කාලයේ අත්දැකීම් පිළිබඳව දැන ගැනීමට පුළුවන් විද්‍යාත්මක යමක් අපගේ මනස තැන්පත් කර ගැනීමේදී සිහින රූප චිත්‍රපටය හරහා අපට දිස් වෙනවා.

එය මනෝ විද්‍යාවේදී රෝගීන්ගේ පෙනීම හා පෙනෙන සිහින අනුව ඒ අයට නිශ්චිතවම යම් දෙයක් හඳනා ගැනීමට, රෝගය නිශ්චය කර ගැනීමට යොදා ගන්නවා. එසේ නොමැති නම් සිහිනය යනු අනාගතයේදී පලාපල පෙන්වන දෙයක් බව විශ්වාස කරන්න බැහැ. සිහින මත පලාපල කියනවා.

එය අපිට නොපෙනෙන දෙයක් සම්බන්ධ වෙන කෙනෙක් විසින් අර්ථකථනයක් ලබා දෙනවා. මෙවැනි දේවල් විශ්වාස කරන අයත් ඉන්නවා. මිනිස්සු කැමතියි සිහින ගැන පලාපල දැනගන්න. උදාහරණයක් වශයෙන් ගතහොත් සිහින දහයක් දැකපු කෙනෙක් පලාපල කියන කෙනෙක් ළඟට ගිහින් ඇහුවාම පලාපලවලින් එක් සිහිනෙක පමණක් පලාපල ඉටු වී අනෙක් සිහින නවයේම පලාපල සිදුවුණේ නැති වුවත් අනෙක් සිහිනවල පලාපල ගැන සිතන්නේ නැතුව පලාපල ඉටුවූ සිහිනයේ පලාපල ගැන පමණක් විශ්වාස කරනවා.

සිහින ගැන ආදි කාලයේ ඊජිප්තුවරු සිතා සිට තිබෙන්නේ සිහින යනු දෙවියන්ගේ පණිවුඩයන් ලෙසයි. ඒ කාලේ සිටි සමහර පුද්ගලයන් විසින් දෙවියන්ව අදහන දේවාලවලට ගොස් රාත්‍රියේ නිදාගන්නවා. ඒ අයට ඒ සඳහා පහසුකම්ද සලසාදී තිබෙනවා. එසේ සිදුකරන්නෙ දෙවියන්ගෙ පණිවුඩය ලබා ගැනීමේ අරමුණ ඇතිවය. එම මතය මැදපෙරදිග රටවල්වල පවා පැවැතිලා තිබෙනවා. එක ආගමක තිබෙන කතාවක් අනුව ඒබ්‍රහම් කියන තැනැත්තාට සිහිනයකින් පුතාව බිලිදෙන්න කියලා තිබෙනවා. පුතාව බිලිදෙන්න සූදානම් කරගෙන සිටින විට පුතාව බිලි දෙනවා වෙනුවට බැටළුවෙක් බිලි දෙන්න කියලා සිහිනයෙන් කියලා තිබෙනවා. එවැනි කතා පිළිබඳව විශ්වාසයන් විවිධ ආගම්වල පවතිනවා. සිහින පිළිබඳව විවිධ පර්යේෂකයන් විවිධ මත පළ කර තිබෙනවා.

පලාපල කියන එක බෞද්ධ සාහිත්‍ය‍ය මත පදනම් වී එන දෙයක්. කොසොල් රජු සිහිනයන් 16ක් දැකීමේ කතාව ඉන් මූලික පදනමක් වනවා. එය කොසොල් රජු බුදුරජාණන් වහන්සේට පැවැසුවම ඒ හීනවල පලාපල තිබෙන බවත් අනාගතයේ සිදුවුණු දේවල් ගැන සිහිනය හරහා පෙනුණ බවත් පැවැසූ බවට ප්‍රසිද්ධ මතයක් පවතිනවා. බෞද්ධ සාහිත්‍ය මත පදනම්ව නිර්මාණය වූ පලාපල පිළිබඳව බොහෝ අය විශ්වාස කරනවා. පලාපල සම්බන්ධ වෙනත් ආගමිකයන් පවා විශ්වාස කරනු ලබනවා. සමාජයීය වශයෙන් ගත්තාම ජේ‍යාතිෂය පිළිගන්නවා.

කවුරු වුණත් ජේ‍යාතිෂ විශ්වාස කරනවා සහ ජේ‍යාතිෂ කටයුතු කරන වෙනත් ආගමකින් ඉන්නවා. ඒ නිසා මේ වගේ දෙයක් කරාම හොඳයි වගේ දෙයක් හිතෙනවා. කෙනෙක් අලුතෙන් හීනයක් දැක්කහම මම මේ වගේ හීනයක් කලින් දැකලා දැකල නෑ කියලා බය වෙනවා. ඒ ආකාරයෙන් කලින් දැකලා නැති නිසා හීනයක් දැක්කාම අනෙක් අය කියන දේ අහලා සිහිනවලින් පලාපල කියනවා කියලා හිතලා වෙනත් අය කිව්ව පලාපල අහන්න යනවා. ඒ ආකාරයෙන් තමයි වෙනත් ආගමිකයොත් පලාපල විශ්වාස කරන්නේ. සිහිනවලින් පලාපලත් අනාගතයේ සිදුවන දේ පැවැසීමත් කිසියම් පදනමක් අර්ථයක් නැති දේවල් බව අදහස් කරන්නේ මනෝ විශ්ලේෂකයන් සහ මනෝ වෛද්‍යවරු විසින්ය.

එය ප්‍රයෝජනයට අරගෙන කෙනකුගේ මනස ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම සඳහා සහ අර්ථකථන ඉදිරිපත් කිරීම සහ ආකල්පයන් හඳුනා ගැනීමට සිහින විශ්ලේෂණය කර බැලීමද අත්‍යවශ්‍ය බව ඔවුන්ගේ මතයයි. නමුත් සිහින යනු අතීතයේ සිදුවුණු දෙයක් හෝ අනාගතයේ සිදුවන දෙයක් පෙන්නුම් කරන දෙයක් නෙවෙයි. තමන්ගේ හිත වැඩ කරන විදිය හා එය හැඩගැසී ඇති බව පෙනෙන එක්තරා රූපකායක් පමණයි. සරලව කිව්වොත් සිහින යනු තමන් කැමැති, ආස දේවල් පෙනෙන එක මාර්ගයක් පමණයි.

සිහින පලාපල තරමටම ප්‍රසිද්ධ තවත් එක් මිථ්‍යා ශාස්ත්‍රයක් ලෙස අත්ලේ රේඛා මඟින් ජීවන පලාපල කියවීම හ¾දුන්වා දිය හැකියි. එය පෙරදිග මෙන්ම අපරදිග විවිධ සංස්කෘතිකයන්ටද ව්‍යාප්ත වී ඇති බව පෙනෙන්න තිබෙන කරුණක්. එයට ඒ ඒ රටවල ආවේණික ලක්ෂණ දක්නට තිබුණත් එය පොදුවේ එකම කාරණාවකට ලඝු වන බව පැවැසිය යුතුමයි.

අත්ලේ තිබෙන රේඛා ගැන බැලුවොත් එය සාමාන්‍ය මනුස්සයෙක්ට පුදුම හිතෙන දෙයක්. ඒකට හේතුව වන්නේ එක් එක් පුද්ගලයට ආවේණික වූ රටාවක් මෙහි තිබෙන නිසයි. ඒ වගේමයි අත්ල මත තිබෙන රේඛාවන් එකින් එකට වෙනස්. මේවා හැම මනුෂයෙක් සතුවම තිබෙනවා. ඒ වගේම මේවාගේ ප්‍රධාන රේඛා කිහිපයක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේවායේ ගුප්‍ත රහස් හෝ ජීවිතයේ රහස් සැඟවිලා තිබෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්න පුරුදු වෙලා තිබෙනවා. එම රේඛා බලලා ඒවායින් සිදුවන විවිධ පලාපල කියන්න වෙනම පිරිසක් බිහිවෙලා තිබෙනවා. මේ ශාස්ත්‍රයේ තව අංගයක් ලෙස අතේ ඇඟිලිවල දිග අනුවත් පලාපල කියනවා.

මේ ශාස්ත්‍රයේ කරුණු කිහිපයක් අපි සරලව විශ්ලේෂණය කර බැලුවොත් ප්‍රධාන වශයෙන් ධන රේඛාව ලෙස හ¾දුන්වන්නේ අත්ලේ පහළින් පටන් අරන් මහපට ඇඟිල්ලෙ කෙලවර දක්වා ඇති රේඛාවයි. එම රේඛාව මහපට ඇඟිල්ල දක්වා තිබේ නම් කෙනකුට විශාල ධනයක් ලැබේ යැයි විශ්වාස කරනවා.

වෙද ඇඟිල්ලේ පහළට එන රේඛාවක් පවතිනවා නම් පැහැදිලිවම එම පුද්ගලයා ඉතා දීප්තිමත් අනාගතයක් තිබෙන පුද්ගලයකු වන බව කියනවා. අල්ලේ ඇති රේඛා මඟින් දරුපල කියන අවස්ථා පවා මම අනන්තවත් දැක තිබෙනවා. අතේ රේඛාව මඟින් පලාපල කියන එක බොහෝම ජනප්‍රියයි.

ගාලුමුව‍ෙදාර, පිටකොටුව, නුවර වැනි ජනාකීර්ණ ස්ථානවල බහුලව දක්නට ලැබෙන මෙවැනි සාස්තරකරුවන් මේ වනවිට ලංකාවේ ඕනෑම පාරක දක්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ප්‍රධාන වශයෙන් මෙවැනි ශාස්ත්‍රයේ යෙදෙන අය අනුගමනය කරන පොඩි පොඩි උපක්‍රම කිහිපයක්ම අපිට දක්නට ලැබෙනවා. උදාහරණයක් මම කියන්නම් අත ඉල්ලගෙන මුලින් අදාළ මනුස්සයාගේ හිත් දිනා ගැනීමට පුළුවන් වන ආකාරයේ කතා කිහිපයක් තමයි මුලින්ම කියන්නෙ. ඊට පස්සේ අදාළ පුද්ගලයාගේම කටින් අල්ලගැනීමේ ක්‍රමවේදයක් තමයි ඔවුන් අනුගමනය කරන්නේ.

ඉතින් ඒ පලාපල අහන මනුස්සයාගේ මානසික මට්ටමයි කියන පුද්ගලයගේ දක්ෂකමයි මත තමයි මේ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ. අත්ලේ ඇති රේඛා ජීව විද්‍යාත්මක අදාළ කාරණාවක් පමණක් බව විද්‍යාවේදී සඳහන් වනවා. ඒ කියන්නේ යම් පුද්ගලයකුගේ ස්ථූලත්වයට පත්වීමේ සීමාව අත්ලේ රේඛා නැතිවන තරමට සිදුවිය හැකි බවයි එහිදී කියැවෙන්නේ.

ඒ වගේම දේහ ලක්ෂණ අනුව පලාපල කීම ආදිකාලයේ ඉන්දියාවේ පවා සිදුවුණු දෙයක්. අතීතයේ පටන් විශ්වාසය කළ දෙයක්. නමුත් වර්තමානයේදී මේවා ප්‍රධාන වශයෙන් අභාවයට පත්වනවා. ඒවා අභියෝගයට ලක් කරනවා. නමුත් කෙනෙක්ගේ අත බලලා යමක් කියන්න පුළුවන් නම් ඒ කෙනා ජනප්‍රිය වෙනවා. නමුත් එය මිනිස්සුන්ගේ ජීවිතයට උපකාරී නොවන හුදෙක් තාවකාලිකව ලබාගත හැකි මානසික අල්ලසක් ලෙස ලබාගත හැකි මිථ්‍යාවක් පමණක් බව මිනිස්සුන් තේරුම් ගත යුතුයි.

රමෝද් ජයවර්ධන
සමාජ විද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top