කොහොම හරි ඒකට ආසන්නතම හේතුවක් කරගෙන තිබුණේ පහුගිය දවස්වල දිනක්ෂි සාරංග කට්ටියම මැච් එක බලන්න ගිය එක.
එහෙම ගිහින් විනෝද වෙන ගමන් සමාජ මාධ්‍යට එකතු කරපු ඡායාරූප සහ වීඩීයෝ ගැනත් මේ ප්‍රතිචාරවල කියවිලා තිබුණා.
මේ දිනක්ෂි සිය ෆේස්බුක් ගිණුමේ හුවමාරු කරගෙන තිබුණු උපුටාගත් සටහන,
කොහේහරි ඈත ගමක ළමයෙක් සර්පයො දෂ්ට කරල බෙහෙත් නැතුව මැරෙන එක,
අම්මලා කන්න දෙන්න බැරුව ළමයින්ව ගඟට විසි කරන එක,
ළමයි බඩගින්නෙ තියන්න බැරි දුකට තාත්තලා වහ බීල මැරෙන එක,
බස් එකේදි ඔෆිස් ගෙනියන බත් පැකට් දෙක හොරකම් කරන එක,
තෙල් නැති කමින් ඔෆිස් යන්න බැරි වෙන එක/ නිවාඩු දෙන එක,
මේ ඔක්කොම පෙරහැරෙ කසකාරයො විතරයි.
තවම පෙරහැර යන්න පටන් ගත්තේවත් නෑ.
අවුරුදු දෙකක් තුනක් නෙවෙයි , මේ වෙන වින්නැහියේ ඵල විපාක අපිට තව අවුරුදු තිහ හතලිහක්වත් බලපානවා.
ළමයින්ගේ ඉගෙනීම කඩාකප්පල් වෙලා, හාල් කිලෝ එකට , පාන් රාත්තලට පෝලිම්වල ඉන්න වෙනකොට, උන් ඉගෙන ගන්නෙ
මිනිමලිස්ට් ලයිෆ් ස්ටයිල් එකක් නෙවෙයි.
Competing for the survival
අන්න එතකොට එකා එකා තමන්ගේ ළඟ ඉන්න එකාව පාගගෙන ඉස්සරහට යන්න, පෝලිමේ පනින්න, තමන්ගේ බඩගින්න ගැන විතරක් හිතන්න වගේ අසංවේදි පරම්පරාවක් බිහි වෙනවා.
අන්න ඒව තමා ඇත්තටම ප්‍රශ්න
ඔබලා හිතන් ඉන්න මනෝ මන්දිරය , ඔබ හිතන් ඉන්න තරන්වත් කාලයක් තියෙන්නෙ නෑ . ඒ හන්දා දැන්වත් මේ ක්‍රමය වෙනස් කරන්න එක අඩියක් හරි ඉස්සරහට තියන්න.
Copied.
මේ ඊට ලැබී තිබූ ප්‍රතිචාර කිහිපයක්....