"ගීතයත් අතරමඟ නිසා මම එතැන ඉඳලම හෙමින් සැරේ ගීතය ගායනා කළා.
අන්තිමේදී බොහොම අමාරුවෙන් තමයි කකුල ගලවා ගත්තේ..."
ප්‍රසංග වේදිකාව කියන්නෙ අමතක නොවන ගොඩක් දේවල් වෙන තැනක්නෙ.
ඉතින් මේ කියන්න යන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පිනී අමිලා නදීශානිට ප්‍රසංග වේදිකාවේදී එලෙස මුහුණාපාන්නට වුණුඇබැද්දියක් ගැනයි..
මේ සටහන අපේ ඇස ගැටුණේ සති අන්ත පුවත්පතකින්...
"මම ප්‍රසංග වේදිකාවේදී සාමාන්‍යයෙන් නටලා, දඟලලා කරලා තමයි ගීත ගායනා කරන්නෙ.
ඒ බව මගේ රසිකයොත් හොඳින්ම දන්නවා.
ඉතින් එක දවසක් මම ප්‍රසංගයකට සහභාගී වෙලා ඒ විදියට නටලා දඟලලා ගීතයක් ගයමින් සිටියා.
එදා මම දාගෙන ගියේ හයිහීල්ස් සපත්තු දෙකක්.
මම ගීතය ගායනා කරමින් සිටින අතරතුර වේදිකාවේ ලෑලි කෑලි දෙකක් අතරේ තිබුණ හිඩැසක් ඇතුළේ එක සපත්තුවක හීල් එකක් හිර වුණා.
ඉතින් මම කකුල ගන්න උත්සාහ කරනවා කරනවා වැඩේ ලේසි වුණේම නෑ.
ගීතයත් අතරමඟ නිසා මම එතැන ඉඳලම හෙමින් සැරේ ගීතය ගායනා කළා.
අන්තිමේදී බොහොම අමාරුවෙන් තමයි කකුල ගලවා ගත්තේ..."
හදගැස්ම