මහියංගණය, ගැමුණුපුර ඇගලුම් ආයතනයක සේවය නිමවී තම ඥාති නිවෙස බලා යමින් සිටි වයස 18ක පසු වු රම්‍යා විදර්ශනී අබේවර්ධන නමැති තරුණියක් පසුගිය දූෂණය කර ඝාතනය කළ සැකකරු මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණය කොට ඇත. එමෙන්ම ඇයගේ 15 හැවිරිදි බිරිඳද සිද්ධිය සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා දී තිබේ.
‘‘එයා මාවත් රැවැට්ටුවා. මේ වගේ අපරාධකාරයන්ට නම් ආයිත් එලියටනම් එන්ඩ දෙන්න එපා‘‘ එසේ පවසා ඇත්තේ සැකකරුගේ බිරිඳයි. පහතින් දැක්වෙන්නේ සැකකරු පොලිසිය හමුවේ කළ සම්පූර්ණ පාපොච්චාරණයයි...
ජයා මාමලාගේ ගෙදර නතර වෙන්ඩ ඇවිත් හිටිය කෙල්ලට මට ආස හිතුනා. දවස් දෙක තුනක් මම දැක්කා. වැඩ ඇරිලා ගෙදර යන හැටි දවස් දෙකතුනක් මම බලාගෙන හිටියා. මම එදා හවස තිලකෙ මාමාගේ කඩේට ඇවිත් බීඩි දෙක තුනක් අරගෙන ඒ කෙල්ල වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටියා.
මම මීටර් ගානක් ඈතින් දැක්කා ටෝච් එලියක් එනවා. කාත් එක්ක හරි ෆෝන් එකෙන් කථා කර කර ආවේ. මාව පහු කරගෙන පාරෙ ඉස්සරහාට ගියා. මම හිමිහිට පිටිපස්යෙන් ගිහින් කෙල්ලගේ කට වහලා කැලේට ඇදගෙන ගියා යැයි පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ සිද්දිය සම්බන්දයෙන් තොරතුරු වමාරා ඇත. කෑ ගහන හින්දා කැලේට අරගෙන යන ගමන් හොදට කට වහගෙනයි අරගෙන ගියේ. සිහිය නැති වෙන්ඩ ඇති. මම දන්නේ නෑ.
අන්තිමට මම බැලුවා.. බැලුවා සිහිය ආවේ නෑ.. මම එහෙමම; ගෙදර ගියා. තෙමිගෙන තමයි ගෙදර ගියේ. ගිහින් කන්ඩ මොනවද තියෙන්නේ කියලා බැලුවා. මුකුත් නෑ කිව්වා. මාව පොලිසියෙන් හොයනවා. අපි ගෙදරින් යමු ; කියාල මම ශෂිකලා කන්ද පැත්තට එක්කගෙන ගියා. කන්ද ලඟ පාලු ගෙයක් තිබ්බා. රෑ අපි පාලු ගෙදර හිටියෙ. එහෙම ඉන්නකොට ශෂිකලා මගෙන් ඇහුවා මොකද ඇඟ හැමතැනම තුවාල කියලා? බයවෙලා වගේ ඇහුවේ.
මම කිව්වා මගේ අතින් මිනිහෙක් මැරුනා කියලා. ඒ මිනිහා මගේ අත හැපුවා ;දකුණු අතේ මැදගිල්ලේ තිබුනු තුවාලය පෙන්නමින් මම කිව්වෙ. පහුවදා පාන්දරම මම ගෙදර ඇවිත් මගේ හැදුනුම්පතයි, කුරේට කැට ටිකකුයි වතුරබෝතලයකුයි අරගෙන ආපසු කැළේට ගියා. ගෙදර කව්රුත් හිටියේ නෑ.
එදා රෑවෙලා කැලේ ගුහාවක හිටියා. ඉදලා ගමේ හේනකට ඇවිත් පැළේ තිබුන මුට්ටි, භූමිතෙල්, මඤ්ඤොක්කා ටිකක් ගලවගෙන ආපහු කැළේට ගිහින් ගල්ගුහාවකට වෙලා මන්ඤක්කා තම්බලා කෑවා. උදේ බලනකොට ගමේ කලබල. ගමේ කට්ටිය පොලිසිය කන්ද වට කරලා. අපි කන්දෙ දිව්වා. බේරෙන්ඩ බෑ කියලා තේරුන හින්දා “අපි දෙන්නමා වස බීලා මැරෙමු“ කියලා අපි වස බිව්වා. ඊට පස්සේ තමයි දෙන්නම පොලිසියට අහු උනේ යැයි සැකකරු විසින් පාපොච්චාරණය කර ඇත.
සැකකරුගේ බාලවයස්කාර බිරිදද සැකකරු විසින් වස පෙවීම හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහලේ 03 වාට්ටුව සදහා ඇතුලත් කරනු ලැබු අතර ප්‍රතිකාර ලබා ගැනිමෙන් පසු මේ වන විට වාට්ටුවෙන් පිටව ගොස් ඇත. පොලිසිය වෙත කටඋත්තරයක් ලබා දෙමින් ඇය පවසා ඇත්තේ මේ වගේ අපරාධකාරයොන්ට නම් ආයිත් එලියට නම් එන්ඩ දෙන්න එපා. පුළුවන් උපරිම දඩුවම් දෙන්ඩ ඕන. මම දන්නේ නෑ ගෑණු ළමයෙක් මැරුවා කියලා.
මට කිව්මේ ඇගිල්ල හැපුව හින්දා පිරිමි කෙනෙක් මැරුවා කියලා. මිනිහෙක් මැරුවානම් මට ඔයත් එක්ක ඉන්න බෑ කියලා මම ආපහු මඟට ආවා. බය නිසා මම ආපහු සුරංගත් එක්ක ගියේ. කරන්ඩ දෙයක් නැති නිසයි සුරංගත් එක්ක කැලේට ගියේ. මට පස්සෙ තමයි ආරංචි උනේ කෙල්ලෙක් මරලා තියෙන්නේ කියලා. එයා මාවත් රැවැට්ටුවා..මාවත් රවට්ටලානේ අරගෙන ගියේ.
එයා එක වරදක් නෙවෙයිනෙ කරලා තියෙන්නේ යැයි පවස මින් කටඋත්තර ලබාගත් පොලිස් නිළධාරියාගෙන් “මරලා තියෙන කෙල්ලගේ ෆෝටෝ එකක් මට පෙන්නන්නකෝ “ ලෙස ඉල්ලිමක් කරන්නට තරම් ඇය සංවේදී වී තිබේ. මහියංගණ පොලිසියේ නිළධාරින් විසින් පරික්ෂණ කටයුතු තවදුරටත් සිදුකරන අතර අධිකරණ කටයුතුද සිදු කෙරේ.