එකක් බේරේ වැවේ, තව එකක් නාවල ඇළක,තරුණියක් කාසල්රී ජලාශයේඒ අසල ෆොන් එකකුත්
පසුගිය දින කිහිපය පුරාම රට පුරා විවිධ ප්‍රදේශවලින් ඇළවල් වල, ගංඟාවල තිබී පාවෙන මළසිරුරු කිහිපියක්ම සොයාගනු ලැබුවාත කොළඹ බේරේ වැව, නාවල විවෘත විශ්වවිද්‍යාලය අසල ඇළක මෙන්ම කාසල්රී ජලාශයේ තිබී අබිරහස් ලෙස මියගිය මළසිරුරු තුනක්ද ඊයේ (30) දිනයේ සොයාගනු ලැබුවා.
මෙලෙස සොයාගත් එක් මළසිරුරක් ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගීගන ගමආරච්චිගේ චන්ද්‍රසේන නම් අයෙකුගේ බවට හෙළි වී තිබෙනවා. එමෙන්ම නාවල ඇළක තිබී හමුවූ මළසිරුර අවුරුදු 20-25 අතර වයසේ පසුවන පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී තිබෙනවා. එම සිරුර සොයාගත්තේද ඊයේ දිනයේදීයි.
කෙසේ නමුත් මෙම මළසිරුර කාගේදැයි මෙතෙක් හඳුනාගෙන නෑ. එමෙන්ම කාසල්රී ජලාශයේ පාවෙමින් තිබියදී කාන්තා මළසිරුරක් පසුගිය 29 වනදා ගම්වාසීන් විසින් සොයාගෙන තිබුණ අතර එම කාන්තා මළ සිරුර දින තුනකට පෙර අතුරුදන් වූ කාසල්රී තේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මෝහන් රාජ් ප්‍රියන්තිනි නමැති පාසල් සිසුවියගේ බව ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා.
ඇය කාසල්රී දෙමළ විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි ශිෂ්‍යාවක් බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඇය නිවසේ සිටින අතර මව සහ පියා කෝවිල් උත්සවයකට ගොස් ආපසු නිවෙසට පැමිණි අවස්ථාවේ දියණිය නිවෙසින් අතුරුදන් වී සිටි බවට දෙමාපියන් පවසා තිබෙනවා. පසුව මළසිරුර සොයාගැනීමෙන් අනතුරුව ඇගේ බවට සැකකරන ජංගම දුරකතනයක්ද ඒ ආසන්නයේ තිබී සොයාගෙන තිබෙනවා.
නිවෙස් සිටියදී ඇය අබිරහස් ලෙස මියගිය අයුරු ගැන පොලිසියට සැක මතු වී ඇති අතර සියදිවි හානිකරගත්තේද නැතහොත් වෙනයම් ආකාරයකින් ජලාශයට ඇද වැටී ඇද්ද යන්න ගැන පරීක්ෂණ පවත්වනවා.