Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
18
"ආතල්ගමේ ආතල් සම්පූර්ණයෙන් ම පදනම් වෙන්නෙ රාජපක්‍ෂලා හොරකම් කරල රට මේ තත්ත්වයට පත්කරල කියන එක මත"- ආතල්ගම ගැන නලින් ද සිල්වා කියන කතාව!

- "ආතල්ගමේ ආතල් සම්පූර්ණයෙන් ම පදනම් වෙන්නෙ රාජපක්‍ෂලා හොරකම් කරල රට මේ තත්ත්වයට පත්කරල කියන එක මත"- ආතල්ගම ගැන නලින් ද සිල්වා කියන කතාව!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

මහාචාර්ය නලින් ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබෙනවා.


එහි දැක්වෙන්නෙ ''ආතල් ගන්නා කලාලකරුවන්ට හා වෙනත් අයට නොව තරුණ ඇමතිවරුන්ට යෝජනා" යනුවෙන්. 
 
මේ එම සම්පූර්ණ සටහනයි...
 
''ආතල්ගමේ නම ස්පාඤ්ඤ කතෝලික සම්ප්රදාය අනුව යමින් සැන් හුසේ කියා නම් කරන්න හිතෙනවා. ඒ ජුසේ ද වාස් පියතුමා නමින්. ජුසේ කියන එක හුසේ කියා කියන්න පුළුවන්. J අකුර H ලෙස උච්චාරණය වෙනවා. ඔය ඇමරිකන් එක්සත් රාජ්යවල දකුණේ විශේෂයෙන් ම කැලිෆෝනියා ප්රාන්තයේ නගර තියෙනව සැන් නමින් පටන් ගන්න. උදාහරණයක් වශයෙන් සැන් ෆ්රැන්සිස්කෝ. ඒ ෆ්රැන්සිස් ශාන්තුවරයාගේ නමින්. කලක් ඒ ප්රදේශය ස්පාඤ්ඤ අධිරාජ්යය යටතේ පැවතියේ. ඉංගිරිසින් ඒ ප්රදේශයත් උපාමාරුවකින් තමන් අතට ගත්තා. ඒත් ස්පාඤ්ඤ ඉතිහාසය මකන්න බැරි වෙලා. ආතල්ගම කතෝලික මුස්ලිම් පැවැත්මක් තියෙන එකක්. ඒත් එහි බලි තොවිල් නවත්තන්නත් බැහැ.
 
ආතල්ගම කොමියුනිස්ට් සමාජයක් ලෙස දකින අයත් ඉන්නවා. එහි රාජ්යයක් නම් නැහැ. සමාජවාදය පහු කරල තමයි කොමියුනිස්ට් වෙන්නෙ. අර ආතල්ගමේ සෝවියට් සභා හදන්නත් කතා කළා නොවැ. සෝවියට් සභා හදල සෝවියට් රාජ්යය වියැකී යන්න ඇති. ඒත් මට පොඩි ප්රශ්නයක් තියෙනවා. ආතල්ගම කොමියුනිස්ට් සමාජයෙ නිෂ්පාදනයක් නැහැ. ඒකත් වැරදියි. ආතල්ගමේ ආතල් නිෂ්පාදනය වෙනවා. මට පේන හැටියට ආතල් විකුණනවා. ඒ ආතල් ගන්න අය මුදල් කෑම බීම කුඩාරම් ආදිය සපයනවා. ආතල් මිල දී ගත හැකි මුස්ලිම් ව්යාපාරිකයන් ඉන්නවා. සමහරු යාඥා කරනවා. දෙවියන් වහන්සේ මුස්ලිම් කතෝලික සමගියක් ඇති කරල. එක ම දෙවියන් වහන්සේ නොවැ.
 
ආතල්ගමත් කොමියුනිස්ට් තමයි. සමහරවිට පශ්චාත්නූතනවාදී කොමියුනිස්ට් වෙන්න ඇති. පශ්චාත්නූතනත්වය කියන්නෙත් ධනේශ්වර ක්රමයේ ම එක් අවස්ථාවක් කියල හිතනව නම් ආතල්ගමේ කොමියුනිස්ට් සමාජයට පශ්චාත් පශ්චාත් පශ්චාත් නූතන කොමියුනිස්ට් සමාජයක් කියන්න පුළුවන්. මේ ආතල්ගමේ කොමියුනිස්ට් සමාජයෙන් ආතල් ගන්න තවත් පිරිස් ඉන්නවා. ඒ අර කෑම බීම සපයන අය නො වෙයි. ඒ තමන්ටත් නොතේරෙන කතා හදන ඊනියා බුද්ධිමතුන් හා කලාලකරුවන්.
 
ආතල් හැරෙන්න වෙනත් නිෂ්පාදනයක් නැති තැනක සමජයක් කොමියුනිස්ට් කියල කියන එක ම පොඩි වැඩක් ද? ඔවුන් අරික්කාල් මාක්ස්ල. අර කොළඹ හතේ ගිරිගෝරිස් පාරෙ තම නිවසෙ බිත්ති හූරන විට අරක්කු ගඳ එන බව කී කුමාරි ද සොයිසා ජයවර්ධනට (අද කියන විධියට) මාක්ස්ගෙ පොත් පෙරළන විට එංගල්ස්ගෙ වැඩපොළවල වැඩ කරපු කම්කරුවන්ගෙ දහඩිය සුවඳ හරි ගඳ හරි දැනුනෙ නැද්ද? මේ තමයි මෙරට බුද්ධිමතුන් හා බුද්ධිමතියන්. මුළු ලෝකයෙන් ම සමාජවාදයත් කොමියුනිස්ට් ක්රමයත් අතුගෑවිලා, මාක්ස් වැඩ නොකරපු පට්ටපල් බොරු හිතළු හැදුව බොරුකාරයෙක් වෙලා තියෙන විට අරික්කාල් මාක්ස්ල ආතල්ගමේ කොමියුනිස්ට් සමාජයක් දැකල ආතල් ගන්නවා.
 
මා කලාලකරුවන් කියන්නෙ ආතල්ගමේ ඊනියා අරගල කරුවන්ට කලාල (කාපට්) දාන කලාකරුවන්ට, විද්යාඥයන්ට, වෛද්යවරුන්ට, නීතිඥයන්ට ආදීන්ට පමණක් නොව අර තෙල් ගාන්න යන අයටත්. කකුල් හෝදන යාඥා කරන අය ගැන කියන්න යන්නෙ නැහැ. මේ අය මෙරට බුද්ධිමතුන් කියා කියනවා. අවුරුදු හැටක් පමණ මා ඔය බුද්ධිමතුන් ගැන දන්නවා. ඔවුන් ලෝකයට දීපු එක සංකල්පයක් කතන්දරයක් (ප්රවාදයක්) තියෙනවා ද?
 
මෙරට අධ්යාපනය අපට ලැබුණෙ ඉංගිරිසින්ගෙන්. ඒක අප මත බලෙන් පටවපු එකක්. අප බලෙන් පාසල් යවනවා. අපට ඔවුන්ගෙ දැනුම ලබා දෙනවා. එහි කිසිම නිර්මාණාත්මක දෙයක් නැහැ. කවියක් නවකතාවක් චිත්රපටයක් නාට්යයක් නිර්මාණය කිරීම ගැන නොවෙයි මා කියන්නෙ. ඒවත් ඉතින් නිර්මාණ තමයි. ඉන් එහා ගිය දැනුම් නිර්මාණයක් ගැනයි මා කියන්නෙ. අප බලන්නෙ විභාග සහතික හා විභාගවල ගන්න ලකුණු. ඔය ආර්ථික විද්යවෙන් ඉතා ඉහළ ලකුණු අරන් තියෙන අය අද උඩ බලන් ඉන්න තත්වයකට පත් වෙලා.
 
වෛද්ය විද්යාව ගැන වුණත් කියන්න පුළුවන් එපමණයි. ඔවුන්ගෙ අධ්යාපනය අවසාන වශයෙන් ද්වයංගුල පඤ්ඤා අය තමයි බිහි කරන්නෙ. ඔවුන් හොඳ වෛද්යවරුන් වෙන්නෙ පොතේ තියන විධියට වැඩ කරන නිසා. මේ කලාලකරුවන් බොහෝ දෙනකු බෞද්ධයන්. ඒත් ඔවුන්ට පේන්නෙ නැහැ ආතල්ගම මෙහෙයවනු ලබන්නෙ සිංහල බෞද්ධ විරෝධීන් විසින් බව. සමහර කලාලකරුවනුත් ඉන්නවා සිංහල බෞද්ධ විරෝධීන්. ඒ අයගෙන් බොහෝ දෙනකු අරික්කාල් මාක්ස්වාදීන්. අරික්කාල් මාක්ස්වාදීන් ඊනියා අනාගමික කියනවා. ඒත් ඔවුන් යාඥාවට පාදේවනයට එරෙහිව කිසිවක් කියන්නෙ නැහැ. ඔවුන් වැඩ පෙන්නන්නෙ බෞද්ධයනට පමණයි.
 
ආතල්ගමේ ආතල් සම්පූර්ණයෙන් ම පදනම් වෙන්නෙ රාජපක්ෂලා හොරකම් කරල රට මේ තත්වයට පත්කරල කින එක මත. ඔය කලාලකාරයන්ට ඇඟිලි දෙකක දුරක් පමණක් පේන නිසා ඔවුන් ඒ කතාව විශ්වාස කරනවා. බුදු හාමුදුරුවන් දෙවැනි වරට ලංකාවට වැඩම කළෙ බක් මස පුර පසළොස්වක දවසක කියල විශ්වාස කරන සමාජයක අප ජීවත් වෙන්නෙ. කිසිවකු මහාවංසය කියවල බලන්න කැමති නැහැ තමන් කියන දේ හරි ද කියල. මුළු මහත් බටහිර සංස්කෘතිය ම පදනම් වෙන්නෙ බොරු කතා මත. සමහරු අපට කියනව ජාතියට උත්ථානයක් අවශ්ය කියල. නැහැ අපට අවශ්ය නැහැ. ජාතිය මැරිල නැහැ. අවුරුදු පන්සීයක් තිස්සෙ ජාතිය මරන්න කටයුතු කළ අය තමයි උත්ථානයක් ගැන කියන්නෙ.
 
දැන් ආරංචි වුණා අලුත් අමාත්ය මණ්ඩලයක් දිවුරුම් දුන්න කියල. මා ඔවුන්ට සුබ පතනව. අපට ඩොලර් නැහැ. එයට හේතුව රාජපක්ෂලගෙ හොරකම් නො වෙයි. එයට හේතු මා පහුගිය ලිපිවල කියා ඇති. අපේ අධිපරිභෝජනය බොරු ෂෝක් බොරු උගත්කම තමයි ඩොලර් හිඟයට හේතුව. අපට ජාමූලෙන් හරි කාගෙන් හරි ඩොලර් ටිකක් ණයට ගන්න වෙනවා. ඒත් අපි බලන්න ඕන අර ඩොලර් බිලියන 51 ගෙවන ක්රමයක් ගැන. ඒ සඳහා දැන්වත් දේශීය ආර්ථිකයකට යන්න ඕන.
 
ක්ෂණික ව ගත්තොත් අපට අද අවශ්ය තෙල් ගෑස් හා ඖෂධ. අප දෙශීය ආර්ථිකයක් අනුගමනය කරනව නම් හෙළ වෙදකමට හෙළ ගොවිතැනට තැනක් දෙනව නම් මේ ප්රශ්න මෙතරම් උග්ර වෙන්නෙ නැහැ. ඉන්ධන සඳහා 2020 දි ඩොලර් බිලියන 2.5ක් ගිහින්. 2021 දී එය ඩොලර් බිලියන 3.7ක් ගිහින්. එය එතරම් වැඩි වූයේ කෙසේ ද? එය සොයා බලන්න ඕන. අප ඉන්ධන සඳහා යන වියදම ටිකක් අඩු කර ගන්න ඕන. ඖෂධ සඳහා යන මුදල හරියට ම කියන්න බැහැ. වෛද්ය හා ඖෂධ සඳහා 2020 දි ඩොලර් මිලියන (බිලියන නොවෙයි) 595.5 හා 2021 දි ඩොලර් මිලියන 882.5 ක් වියදම් වෙලා තියෙනවා. අප ජනතාව දේශීය චෙදකමට යොමු කරනවා නම් මෙය අඩු කර ගන්න පුළුවන්.
 
කෙසේ වෙතත් ඉන්ධන වෛද්ය හා ඖෂධ සඳහා 2021 දි අප වියදම් කරල තියෙන ඩොලර් ප්රමාණය බිලියන 4.6ක් පමණ. මෙය අඩු කර ගන්න පුළුවන්. 2021 දි අප වියදම් කරල තියෙන මුළු මුදල ඩොලර් බිලියන 20.6ක් පමණ. මා හිතන්නෙ අප දැනට ඉන්ධන හා ඖෂධ සඳහා වියදම් කරන මුදලට ප්රමුඛතාව දෙන්න ඕන. ඒ සඳහා අනෙක් ආනයන අඩු කරන්න වේවි. අපේ මුළු ආදායම 2021 දි ඩොලර් බිලියන 16.9ක් පමණ. ආදායම හා වියදම අතර හිඟයක් තියෙනවා. ඒ හිඟය ණය ගන්නෙ නැතුව පියව ගන්න පුළුවන් වෙන්න ඕන.
 
අද ඒ කරන්න බැරි හේතු ගණනාවක් තියෙනවා. එකක් අපනයන මුදලින් 40%ක් පමණ විතරක් අපට ලැබීම. අනෙක් මුදල් එතර හිරවෙනවා. අපට ලැබෙන මුදල 100%ක් කර ගන්න නීති සම්පාදනය කරන්න ඕන. ඒ අතර ආනයනවලින් 30%ක් පමණ සිදුවන උණ්ඩියල් ක්රමය අහොසි කරන්න පියවර ගන්න ඕන. අපේ අධිපරිභෝජනය බොරු ෂෝක් සහ බොරු උගත්කම් සඳහා යන මුදල් අඩුවෙන විධියට ආනයන ප්රතිපත්තියක් සකස් කර ගන්න ඕන. ඒ අතර නිෂ්පාදනයට යොමු වෙන්න ඕන. එමෙන් ම නාස්තිය දුෂණය අඩු කර ගන්න ඕන. එය දේශපාලනඥයන් මත පමණක් පටවල හරියන්නෙ නැහැ. නිලධාරීන් බලධාරීන් පමණක් නොව රාජ්ය සේවකයන් බොහෝ දෙනෙක් දූෂණයට වග කියන්න ඕන.
මේ අදහස්වලට ජඩමාධ්යයෙ ප්රචාරයක් දෙන්නෙ නැහැ. ජඩමාධ්යවේදීන් මගේ ලිපි දිගින් දිගට ම නොසළකා හැරියත් ඔවුන් මහාවංසයවත් විචාරශීලි ව කියවල තියෙන අය නො වෙයි. අර කලාලකාරයන් ගැන කියන්න තියෙන්නෙත් එපමණයි. ජඩමාධ්යවේදීනුත් කලාලකාරයන් පමණයි.
 

No description available.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top