Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
15
මහින්ද ගියපු බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමේ වැඩ විරෝධතා නිසා කල් යයි

- මහින්ද ගියපු බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමේ වැඩ විරෝධතා නිසා කල් යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40 Views
විශාල පිරිසක් BMICH ඉදිරියේ උද්ඝෝෂණයක
මහින්දත් ගිහින්

මහාධිකරණ විනිසුරුවරුන් බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමට පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරුන් විරෝධතාවක් ගොනුකිරීම නිසා කොමිසමේ කටයුතු තාවකාලිකව කල් දැමුණා. කොමිසම තීරණය කරනු ලැබුවේ හෙට නැවත රැස්වීමටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පෙරවරුවේ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා.


පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන මහජන සාක්ෂි විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහායි මොවුන් ජනාධිපති කොමිසම වෙත පැමිණියේ.

අදාළ සිද්ධියේ වගඋත්තරකරුවන්ගේ පාර්ශවයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොමිසමට පැමිණ ඇති අතර, මහජන සාක්ෂි ලබාදීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැමිණ තිබෙනවා.

මීට අමතරව ස්වාධීන රූපවාහිනී  ආයතනයේ හිටපු සභාපති, හිටපු සාමාන්‍යාධිකාරී සහ හිටපු අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ද අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම, රංජිත් සොයිසා, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ උදය ගම්මන්පිල  ජනාධිපති විමර්ශන කොමිසමේ මහජන සාක්ෂි විමසීම සිදුකෙරෙන ස්ථානයට පැමිණ සිටියා.

මීට අමතරව රාවණාබලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද, හිටපු ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා අද ජනාධිපති කොමිසම වෙත පැමිණි තිබෙනවා.

මහජන සාක්ෂි විමසීම ආරම්භ වී සුළු වේලාවක් ගතවනවිට හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයේ  නීතීඥයෙකු වන ගාමිණී මාරපන විරෝධතාවය මතු කළා. කොමිසමේ පත්කිරීම් සම්බන්ධයෙන් නීතිමය ගැටලූවක් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. මහාධිකරණ විනිසුරුවරුන් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස සහ සෙසු සාමාජිකයන් ලෙස පත් කිරීමට වත්මන් ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ඔහු ඉදිරිපත් කළ තර්කයයි. පසුව මෙම විරෝධතා පිළිබඳව සාකච්ඡා කිරිමට කොමිසමේ කටයුතු මුලින්ම විනාඩි 30 කට කල් තබනු ලැබුවා.

කෙසේ වෙතත් කොමිසම සහ විරෝධතාව එල්ල කළ පාර්ශවයන් අතර එකඟතාවකට පැමිණීමට නොහැකි වූ හෙයින් ජනාධිපති කොමිසමේ කටයුතු හෙට දක්වා කල් දැමීමටයි තීරණය වුණේ. කොමිසමේ කටයුතු කල් දැමීමෙන් අනතුරුව මහජන සාක්ෂි විමසූ ස්ථානයෙන් පිටතට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් පළ කළා.

හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරන කටයුතු භාරව කටයුතු කළ ආයතනය ස්වාධීන රූපවාහිනියට ප්‍රචාරණ මුදල් ගෙවා ඇති බවට ස්වාධීන රූපවාහිනිය විසින් මේ වනවිටත් ජනාධිපති කොමිසමට දැනුම් දී ඇති බවයි.

කොමිසමේ කටයුතු අවසන් වන අවස්ථාවන විට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට  හිටපු ජනාධීපතිවරයාට සහයෝගය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. එම ස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පැමිණි බවයි වාර්තා වුණේ.

බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම නිලධාරින් පස් දෙදෙනෙකුගෙන් සමන්විතයි. එහි සභාපතිත්වය කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් දරනු ලබන අතර සෙසු සාමාජිකයන් ලෙස මහාධිකරණ විනිසුරුවන් වන අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි සහ ජිහාන් කුලතුංග කටයුතු කරනු ලබනවා. එමෙන්ම හිටපු විගණකාධිපති ඒ. පී. ප්‍රේමතිලක ද කොමිසමේ තවත් සාමාජිකයෙක්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top