ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට එක් කළ තවත් දස දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.
එලෙස දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
පොලිස්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත කරන ලද විශේෂ දත්ත පද්ධතියක් සහ පරිගණක උපාංග භාවිත කරමින් ළමයින්ගේ අසභ්‍ය දර්ශන හා ඡායාරූප අන්තර්ජාලයට එක් කරන පුද්ගලයන් සොයා පෙරේදා සිට මෙහෙයුමක් ආරම්භ කළා.
ඒ අනුව එදින මෙලෙස අන්තර්ජාලයට දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප එක්කළ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා අත්අඩංගුවට ගත් අතර ඔහු විසින් මෙවැනි ඡායාරූප 500ක් පමණ අන්තර්ජාලයට එක් කර ඇති බවයි විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.