සජීවී ප්‍රසංග කලාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සනිධප කියන්නේ අපි කවුරුත් ආදරේ කරන බෑන්ඩ් එකක්නේ. සංගීත්ට හිමිකාරිත්වය තියෙන මේ සංගීත කණ්ඩායමේ ළඟදි වුණු සිදුවීමක් නිසා නිලංගට එයින් ඉවත් වෙන්න වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා.
මේ ගැන දැනගන්න අපි ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. නිලංග කියන විදයට දවසක් සංගීත් හදිසියේම කට්ටිය රැස්කරලා සංගීත කණ්ඩායම ගැන කතා කළාලු. නිලංග සංගීත්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සනිධප සංගීත කණ්ඩායම වැටෙන්න නොදී ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම කරන්න ඔහුට නැවත මේකට සම්බන්ධ වෙන්න කියලා.
කොහොම වුනත් කට්ටිය රැස් කරලා කතා කරපු දවසේ නිලංගට දුක හිතෙන විදියට කතා ගොඩාක් සංගීත් කීවා කියලා තමයි නිලංග නම් කියන්නේ. ඒ වෙලාවේ නිලංග කීවලු ඔය විදියට කතා කරන්න එපා, හිතට ගොඩක් රිදෙනවා, අපි ඔයාට ගොඩක් ආදරේ කරනවා කියලා.
ඒ වෙලාවේ තමයි සංගීත් කියලා තියෙන්නේ ඔයා හෙට ඉඳන් සංගීත කණ්ඩායමට එන්න එපා කියලා. සංගීත් මේ කීව දේ ගැන ඒ වෙලාවේ කණ්ඩායමේ කවුරුත් කතා නොකරපු එක ගැනත් නිලංග කතා කළේ හරිම කණගාටුවෙන්. කොහොම වුනත් නිලංග නම් කියන්නේ ආයේ කවදාවත් සනිධප සංගීත කණ්ඩායමට ඔහු එකතු වෙන්නේ නෑ කියලා.
මේ සිදුවීම ගැන නිලංග අපිත් එක්ක කීව කතාවේ සම්පූර්ණ හඬපටය පහතින් අහන්න....
සංවාදය නිසලි ප්‍රබුද්ධිකා