Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
08
"මට කිසිම දවසක කේන්ති ගිහින් නෑ, ඉදිරියටත් එහෙම කේන්ති යන්නේ නැති බව මම දන්නවා.." - ප්‍රවීණ රංගන ශිල්පිනී අයි­රාං­ගනී සේර­සිංහ

- "මට කිසිම දවසක කේන්ති ගිහින් නෑ, ඉදිරියටත් එහෙම කේන්ති යන්නේ නැති බව මම දන්නවා.." - ප්‍රවීණ රංගන ශිල්පිනී අයි­රාං­ගනී සේර­සිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views

ජීවිතයේ සුන්දරම වු ඒ කාලයේ මතක අදටත් සතුටින් විඳිනවා. පාසල් කාලයේ මට මිතුරු මිතුරියන් බොහොමයක් හිටියා. ඒ හැමෝම එකාවගේ සෙල්ලම් කළා. පාසල් නාට්‍ය කළා. පාසල් කාලයේම තමයි ළමයෙක් විදිහට අපිට පරිසරයට ළංවෙන හැටි ගුරුවරු සහ මවුපියෝ කියා දෙන්නේ. මම හිතන්නේ එදා ඉඳලා අද වෙනකල් මට ගහකොළ සතා සීපාවා එක්ක මේ තරම් විශාල බැඳීමක් තියෙන්නේ ළමා අවදියේ අපිට පරිසරය පිළිබඳ ඇති කරපු දැක්මයි.


සිනමාවට පැමිණෙන කාලයේ නිවසෙන්, පාසලෙන් සහ වටපිටාවෙන් තිබුණේ මොන වගේ බලපෑමක් ද ?
මම කලාකාරියක් වෙන්නම කලාවට එකතු වුණේ නෑ. පාසල් කාලයේ ඉඳලම මම පාසලේ ඉංග්‍රීසි නාට්‍යවලට එකතු වෙලා රඟපෑවා. ගොඩක් බාහිර දේට ඒ කාලේ අපි එකතු වෙන්න හරි ආසයි. කාලය ගෙවෙද්දිම මම සිනමාවටත් එනවා. ඒ දේවල් ඉබේටම වුණ දේවල් වගේ. අද වෙනකල්ම මම සිනමාවේ ඉන්නේ ඒ ඉබේටම ආව ගමන. නමුත් කියන්නම අවශ්‍ය දෙය තමයි තමන් කුමක් කළත් කරන්නේ හොඳ නිරවුල් මනසකින් නම් සහ එයින් ලබන ආත්ම තෘප්තිය තමයි ගොඩක්ම වටින්නේ.
 
කලාකරුවෙක් විදිහට ලැබෙන සමාජ අවධානයත් එක්ක කාන්තාවකට හිමිවිය යුතු ඒ ගරුත්වය ඔබ මේ තරම් හොඳින් කාලාන්තරයක් පුරාවට රැකගත්තේ කොහොමද ?
මිනිස්සු හැමෝම වෙනස්. ඔයා එක්කෙනෙක්. මම තව කෙනෙක්. ජීවත් වෙද්දි අපි හැමදාම ඒ ගැන අවබෝධයකින් ඉන්න ඕන. හැම කෙනෙක්ටම ගරු කරන්න කලින් තමන් තමන්ට ගරු කරන්න ඕන. තමන්ට ගරු කරන කෙනා තමා ජීවත් වෙන සමාජෙට ගරු කරනවා. එතකොට සමාජෙත් අපිට නිරායාසයෙන්ම ගරු කරයි. මම ගරුත්වය රැකගන්න කියලා වෙනම දැක්මක් ඇතිව ජීවත් වුණ කෙනෙක් නෙවෙයි. මම සමාජෙ ගැන හොඳ අවබෝධයකින් ජීවත් වුණා. හැමට කරුණාවෙන්. ඒ නිසාම මගේ රසිකයන්, හිතවතුන් විතරක් නෙවෙයි, ගහකොළ සතාසීපාවා පවා මට ළෙන්ගතුයි.
 
එදත් අදත් නොවෙනස් වූ මේ සිනහවෙන් ජීවිතය ගෙවන්නෙ කොහොමද ?
මට කිසිම දවසක කේන්ති ගිහින් නෑ. ඉදිරියටත් එහෙම කේන්ති යන්නේ නැති බව මම දන්නවා. ඒ නිසා මට කලාවේ වුණත්, පිටත වුණත් හැමෝම එක්ක සුහදව ඉන්න පුළුවන් වුණා. මම හිනාවෙන් ඉන්න නිසා මට දකින්න, ඇසුරු කරන්න ලැබෙන්නෙත් හිනාවෙන මිනිස්සු. අපි ජීවිතෙන් ලෝකෙට සතුට දෙන්න දෙන්න ලෝකෙන් පෙරළා ඒ සතුට ආපිට අපිට දෙනවා. ඒක තමයි සිනහව කියන්නේ.
 
'ඉන්දියානා ජෝන්ස්' චිත්‍රපට මාලාවේ ස්ටීවන් ස්පිල්බර්ග් වගේ කෙනෙක් යටතේ රංගනයේ යෙදෙද්දී ලැබුණු අත්දැකීම මොනවගේ ද ?
ස්ටීවන් ස්පිල්බර්ග් වෙනස් අධ්‍යක්ෂවරයෙක්. ඔය චිත්‍රපට මාලාවේ එක් චිත්‍රපටයක මම, ඩී. ආර්. නානායක්කාර, රූබී ද මැල්, දෙනවක හාමිනේ වගේ අය රඟපෑවා. ඒක වෙනස් නිර්මාණයක්. ඒ නිර්මාණකරුවන් වුණත් වෙනස්. දර්ශන තලයෙදි 'ඇක්ෂන්' කියන විදානය දෙන්න කියලත් ස්ටීවන් මහත්තයා එයාගේ සහාය අධ්‍යක්ෂවරයාට කියනවා. එයාලත් එක්ක වැඩ කරද්දි හරි පහසුයි. හොඳ දැක්මක් ඇතුව ඔවුන් වැඩ කරනවා. නිර්මාණය වෙනුවෙන්ම බොහෝ වෙහෙසෙනවා. ඒ නිර්මාණ ගැන අදටත් ලෝකෙම කතාවෙන්නේ ඒ මහන්සිය සාර්ථක වුණ හින්දා.
 
ඒ වගේමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහාතාගෙන් සිනමාව ගැන ලැබූ ආභාසය. මම අදටත් සිනමාවෙ දැනුම් පරිචයක් එක්ක ගනුදෙනු කරන්නේ එදා ලෙස්ටර් සර්ගෙන් ඉගෙන ගත් පාඩම්, ගුරුහරුකම් නිසා.
 
ජීවිතයේ සැඳෑ සමයේ කිසිවකුට බරක් නොවී ස්වාධීනව ජීවත් වීමේ සිතිවිල්ල උපන්නේ කොහොමද ?
මම කාටවත් බරක් වෙන්න ආස නෑ. මගේ රටට, පොළොවටවත්. ඉන්න කාලේ අපි හැමෝටම උදවු කරනවා. ඒ උදවුවෙන් අපිටත් සහනයක් ලැබෙනවා. අපි උදවු කළොත් අපි ඉල්ලුවත් නැතත් මේ සොබාදහමෙන් උදවු ලැබෙනවා. මම කාටවත් කරදර කරලා නෑ. හිංසා කරලා නෑ. සිත් රිදවලා නෑ. ඒ නිසාම මමත් ඒ කිසිම දෙයකින් රිදුම් දෙන්නේ නැති සතුටකින් ජීවත් වෙනවා
 
කාන්තාව කියන භූමිකාව ඔබතුමිය දකින්නේ මොන විදිහට ද?
කාන්තාව කියන්නේ පුර්වාදර්ශය කියන එකට. ඇය තමයි ලෝකයේ ඇතිවීමත්, නැතිවීමත්. අම්මා කෙනෙක් ළමයෙක්ට කියාදෙන දෙයින් තමා අනාගත පුරවැසියා ගොඩනැඟෙන්නේ.
 
එනිසාම කාන්තාව පිට පැවරෙන අනාගත වගකීම ලොකුයි. පවුලෙන් ගමත්, ගමෙන් රටත්, රටෙන් ලෝකයත් නිර්මාණය කරන මුල අම්මා. අම්මා නැති තැනක ලෝකයක් නෑ. අම්මා කියන්නේ කාන්තාව නම් අම්මා කියන වචනයේ ගෞරවය රකින එක හැම කාන්තාවක්ම ඉපදෙන විටම රැගෙන එන වගකීමක්.
 
මම දකින කාන්තාව නිරවුල් මානසිකත්වයකින්, සමානාත්මතාවෙන් සොබාදහමට මිනිසාට ආදරය කරන ගරු කරන. කරුණාව මත ජීවිතය දකින කෙනෙක් විය යුතුයි. එතකොට ලෝකයම තවත් ලස්සන වේවි.
 
අවසාන වශයෙන් ඔබතුමියට ලෝකෙටම දෙන්න පුළුවන් පොදු පණිවුඩය මොකක්ද ?
ජීවිතයේ සතුට හොයාගන්න. පරිසරයට ආදරය කරන්න. මේ වෙන විනාශය නවත්තගන්න. පරිසරය එවිට ඔබට හැම සතුටක්ම ගෙනත් දේවි.
 
සිළුමිණ - රසඳුන
 
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top