Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
16
"මේ ශල්‍යකර්මය ඉක්මනින් කරගන්න එක හොඳයි කියලා වෛද්‍යවරු කිව්වා. මගේ අක්මාවේ ප්‍රශ්නයක් තියෙන්නේ" - අසනීප තත්ත්වයෙන් පසු සැත්කමකට ලක් වූ සමන් ද සිල්වා මුල්වරට කියූ කතාව - Photos

- "මේ ශල්‍යකර්මය ඉක්මනින් කරගන්න එක හොඳයි කියලා වෛද්‍යවරු කිව්වා. මගේ අක්මාවේ ප්‍රශ්නයක් තියෙන්නේ" - අසනීප තත්ත්වයෙන් පසු සැත්කමකට ලක් වූ සමන් ද සිල්වා මුල්වරට කියූ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

86 Views
රසිකයන්ගෙ ආදරය ආශිර්වාදය මාව සුවපත් කරනවා...
මිනිස්සුන්ගෙන් මෙහෙම ආදරය ලබන්න වාසනාව තියෙන්න ඕන...
 
නියරේ පිය නගලා, අම්මපා මගේ හද පත්ලෙන් ගලනවා ආලේ, අනේ මගේ නෝනා, බිව්වා නේද වදකහ සුදිය වැනි ගීත ඇහෙන සැණින් මතකයට එන්නේ ඔහුය. ඒ වෙන කිසිවකු නොව ඒ ගීතවලින් රසික ජනතාව රස ගැන්වූ සමන් ද සිල්වාය. පසුගිය දින කිහිපය පුරාවටම සමන් ද සිල්වාට ආශිර්වාද පළ කරමින් බොහෝ දෙනා මුහුණු පොත පුරා ආශීර්වාදාත්මක සටහන් තබා තිබුණි. ඒ ඔහු අසනීප තත්ත්වයේ පසුවුණ බැවිනි.
 
ඔහුගේ සුව දුක් විමසන්නට මුලින්ම කතා කළේ සමන්ද සිල්වාගේ බාල පුත් චෙතාන් ද සිල්වාටය.

“ තාත්තා සීරෝසීස් රෝගී තත්ත්වයේ ඉන්නේ. වෛද්‍යවරු කියන්නෙ අක්මාවට ලේ ගමන් කරන්නේ නැති වුණාම අක්මාව තැනින් තැන ගෙඩි වගේ ඉදිමෙනව, ඒ ගෙඩි පිපිරුණොත් තමයි ලේ වමනේ යන්නේ කියලා. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලත් ඔවුන් කීවා. ඒ නිසා ඒ ගෙඩි පුපුරන්න කලින් ඒ ඉදිමුණ තැන්වලට ඉක්මනින් endoscopy liver varices band දාන්න කියලා වෛද්‍යවරු කියපු නිසා අපි ඉක්මනින්ම තාත්තව රෝහල්ගත කළා. පැය දෙකක් තුනක් වගේ තමයි ඒ ශල්‍යකර්මයට ගත වුණේ.
 
තාත්තා ශල්‍යකර්මය කරලා දැන් ගෙදර ඇවිත් ඉන්නවා. සමන් ද සිල්වා දැන් විවේක සුවයෙනි. සුව අතට හැරෙමින් සිටින සමන් ද සිල්වා අපේ කතාබහට එකතු වූයේ මෙලෙසිනි.
 
“ මට දැන් ප්‍රශ්නයක් නැහැ. ගෙදර ඇවිත් ඉන්නේ. හැබැයි බෙහෙත් බොනවා. මේ ශල්‍යකර්මය ඉක්මනින් කරගන්න එක හොඳයි කියලා වෛද්‍යවරු කිව්වා. මගේ අක්මාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. ශල්‍යකර්මය සාර්ථකව කළ නිසා ගැටලුවක් නැහැ. තව දවස් කිහිපයක් යද්දි මට සාමාන්‍ය පරිදි වැඩ කරන්න පුළුවන්. මේ ටිකේ කොහොමත් එහෙ මෙහෙ යන්න බැහැ. ඒ නිසා ගෙදරටම වෙලා පරෙස්සමෙන් ඉන්නවා. බෙහෙත් ටික හරියට පාවිච්චි කරනවා.
 
තමන්ට මේ මොහොතේ රැකවරණය දෙන අය පිළිබඳ කියන්නටද ඔහු අමතක කළේ නැත.
 
“ මම ඉන්නෙ මගේ පොඩි පුතා එක්ක. පොඩි පුතා, මගේ නංගි, මල්ලි, දුව මේ හැමෝම මාව හොඳින් බලාගන්නවා. ලොකු පුතා නම් ඉන්නේ විදේශගතව. එයාට ලංකාවට එන්න පුළුවන්කම තිබ්බේ නැහැ මේ තියෙන තත්ත්වය එක්ක. එයා විදේශ රටක හිටියත් මං ගැන හොයලා බලනවා.“
 
සමන් ද සිල්වා දශක ගණනාවක් පුරා නෙවෙනස්ව රසික ආදරය දිනාගෙන සිටින කලාකරුවෙකි .ඔහු රෝගාතුරව රෝහල්ගත කළ පුවත ඇසූ බොහෝ දෙනෙක් එසැණින් සමන් ද සිල්වාට ඉක්මන් සුවය ලැබෙන්නයි ප්‍රාර්ථනා එක් කළහ. ඔහුට ආදරය ලැබෙන්නේ රසික ප්‍රජාවගෙන් පමණක් නොවේ. ක්ෂේත්‍රය තුළ සිටින බොහෝ දෙනාද ඔහුට ඉක්මන් සුවය පැතූහ. ඔහු පිළිබඳ නිරන්තරව සොයා බැලීමටද උත්සුක වූහ. සමන් ද සිල්වාට ඇති වත්කම ඒ ළෙන්ගතුකමය.
 
“ මම අසනීප වෙලා කියලා දැනගත්තම බොහෝ දෙනා මං ගැන හොයලා බැලුවා. ක්ෂේත්‍රයේ අය වගේම මට ආදරය කරන රසික ජනතාවගෙන් මට දුරකථන ඇමතුම් බොහෝමයක් ආවා. සමහර දුරකථන ඇමතුම්වලට පිළිතුරු දෙන්නත් බැරිවුණා. පොඩි පුතා චෙතාන් තමයි ඒ දුරකථන ඇමතුම්වලට ගොඩක්ම පිළිතුරු දීලා තිබුණෙ. පුදුම ආදරයක් මට රසිකයන්ගෙන්, ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන්නේ. කලාකරුවන්ට මිනිස්සු මෙච්චර ආදරය කරනවද කියලා හිතෙනවා ලැබෙන ප්‍රතිචාර දිහා බලද්දි. ඒ වගේ ආදරයක් ලබන්නත් වාසනාව තියෙන්නෙ ඕනේ.
 
කලාකරුවකු වූ පමණින්ම දශක ගණනාවක් පුරා රසික ආදරය අඩුවක් නොමැතිව ලබන්නට හැකිවන්නේ නැත. ඔහුගෙන් පසුව පරම්පරා කිහිපයක ශිල්පීන් සංගීත කරළියේ සිටියදීත් තමන් තවමත් රසික ආදරයේ හිමිකරුවකු වී සිටින රහසද ඔහු හෙළි කළේය.
 
“හැමෝම එක්ක හොඳින් හිටියොත් අපිට මිනිස්සු හැමදාම ආදරය කරනවා. මිනිසුන්ගේ ආදරය දිනාගන්න පහසු නැහැ. අපි හරියට ක්ෂේත්‍රයේ හිටපු නිසා තමයි අපිව මිනිස්සු අමතක නොකළේ. මට විතරක් නෙමෙයි පරණ ගායකයෝ හැමෝටම මිනිස්සු ආදරය කරනවා. අලුත් අය එනවා යනවා. හැබැයි කවුරු ආවත් ගියත් අපි ක්ෂේත්‍රය තුළ කටයුතු කළ විදිහ අපි කළ නිර්මාණ එක්ක බොහෝ අය අපි එක්ක බැඳිලා ඉන්නවා. මම රෝහල්ගත කරලා කියලා දැනගත්ත වෙලාවේ ඉඳන් මට ආව දුරකථන ඇමතුම් එක්ක, මං ගැන හොයලා බලපු පිරිස එක්ක මට දැනෙනවා අපිව මිනිස්සු අමතක කරලා නැහැ කියලා.“
 
සමන් ද සිල්වා saman and the clan සංගීත කණ්ඩායම සමඟ සංගීත කරළියේ සක්‍රීයව කටයුතු කළ පුද්ගලයෙකි. පොඩි පුතු චෙතාන් සහ සමන් එක්ව සංගීත කණ්ඩායමද ඉදිරියට ගෙන යමින් සිටී. නමුත් සැමටම බලපෑ කොරෝනා තත්ත්වය සමස්ත කලා ක්ෂේත්‍රයට සේම තමන්ටද බලපෑමක් වී ඇති අයුරුද ඔහු සිහි කළේය.
 
“මේ දවස්වල අපිට සංගීත ප්‍රසංග නම් නැහැනේ. කොරෝනා තත්ත්වය මුළු කලා ක්ෂේත්‍රයටම දරුණු පහරක් එල්ල කරලා තියෙනවා. ප්‍රසංග වේදිකාව එක්ක හිටපු සමස්ත ශිල්පීන්ට අද වැඩ නැහැ. අපිටත් එහෙමයි. නමුත් අපි උත්සව අවස්ථාවලට සංගීතය සපයන්න එකතු වෙනවා. දැන් ඒවැනි අවස්ථාත් අඩුයි. මේ තත්ත්වය කවදා සමනය වෙයිද කියන්න බැහැ. හැමෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ මේ කාලයේ. මගේ සංගීත කණ්ඩායමට තාමත් ඉල්ලුම තියෙනවා. අපි ලැබෙන විදිහට වැඩ කරගෙන හොඳ වාතාවරණයක් එනකල් බලාගෙන ඉන්නවා. කොහොම වුණත් මට තව සතියක් වගේ යද්දි සුපුරුදු විදිහට ගීත ගායනයටත් එකතු වෙන්න පුළුවන්. තව මාසයක් විතර යද්දි මම අලුත් ගීතයක් කරන්නත් අදහසක ඉන්නවා.
 
වැටෙන තැනින් නැගිටින සුබවාදි බලාපොරොත්තුවලින් ඔහු පොහොසත්ය. ඒ නිසාවෙන් ඉක්මන් සුවය ලබා ඔහු නැවත සංගීත කරළිය තුළ රසික සිත් පිනවනු ඇත.
 
තිළිණි කෞශල්‍යා විජේසිංහ - සිළුමිණ

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top