සේරුනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් කල්ලඩි ඉලුපුදල් පල්ලියේ යාඥවක් කරන අතරේදී ළදරුවකු මිය යැම හේතුවෙන් ගම්වාසීන් අතර යම් කලබලකාරී තත්වයක් හටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉකුත් 12 දා ඊට විරෝධය පළ කරමින් එක්‌වූ ගම්වාසීන් පිරිසක් පල්ලිය වහාම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට උද්ඝෝෂණයද කර තිබෙනවා.
කෙසේ නමුත් ප්‍රාදේශීය ලේකම්වරයා හා සේරුනුවර පොලිසිය එක්‌ව 15 දා (අද) ඒ සම්බන්ධව සාකච්ඡාවක් ලබාදීමට එකඟවීමෙන් පසු මෙය සමථයකට පත්ව තිබෙනවා.
එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 2 1/2 ක් වූ ඥනපාලන් සුදර්ශන් නම් දරුවා රෝහල් කීපයකින් ප්‍රතිකාර ගත්ත ද සුව නොවූ නිසාවෙන් 11, 12 යන දිනවල මෙම පල්ලියේදී යාඥ කිරීමෙන් පසු 12 දා සුව අතට හැරී එදින දහවල් මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී නැවත ලෙඩේ උත්සන්න වී මිය යැම නිසා මෙම වාතාවරණය මතුවූ බව දැරියගේ මව වන ඥනපාලන් මංගේශ්වරී නමැත්තිය සඳහන් කරනවා.
දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා යොමුකළ කන්තලේ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවෙහි සඳහන් වන්නේ දරුවාගේ රෝගී තත්ත්වය (ෆිට් එක) උත්සන්න වීම නිසා මෙම මරණය සිදුවී ඇති බව යෑයි පොලිසිය සඳහන් කර සිටී.