පසුගිය රජය යටතේ නිවාස අමාත්‍යාංශයෙන් නිවාස ලබා ගත් හිතවතුන් පිළිබඳව පසුගිය දවස්වල ප්‍රසිද්ධියට පත්ව තිබුණා.
ඒ අතර මුතූ තරංගා කියන නමත් අපට දක්නට ලැබුණා. බොහෝ දෙනෙක් මේ ගැන කතාබහ කරන්න පටන් ගත්තේ මුතූ ජනප්‍රිය නිළියක් නිසායි. මුතූ ඇත්තටම පහුගිය රජයේ හිතවතුන්ගේ ලැයිස්තුවෙන් නිවසක් ගත්තාද යන්න ඔවුන් ප්‍රශ්න කරන්න ගත්තා.
හිරු ගොසිප් ඇයට දුරකථනයෙන් කතා කළේ මේ ගැන හරියටම දැන ගන්න.
ප්‍රශ්නය - මුතූට අලුතින් ගෙයක් හම්බවුණා කියන්නේ ඇත්ත ද ?
පිළිතුර - කොහෙන්ද ?
ප්‍රශ්නය - පහුගිය ආණ්ඩුවේ විමල් වීරවංශ ඇමතිවරයාගෙන්
පිළිතුර - නෑ.මට ඒවගේ නිවසක් ලැබුණේ නෑ.මගේ හිතවතුනුත් කතා කරලා කිව්වා ඔයාගේ වගේ නමක් නිවාස ගත්ත ලැයිස්තුවේ තිබුණා කියලා.මමත් හොයලා බැලුවා.ඒවගේ නමක් තියෙනවා.මම හිතන්නේ මගේ නම තියෙන වෙන කෙනෙක් ද දන්නේ නෑ.
ප්‍රශ්නය - ඔබ පහුගිය කාලේ දේශපාලන ව්‍යාපෘතිවලට සම්බන්ධව හිටියා ද ?
පිළිතුර- නැහැ.මම දේශපාලන වැඩවලට එකතු නොවුණු කෙනෙක්.එනිසා මගේ නම කිසිම දෙයකට ගෑවෙන්න විදිහක් නෑ.
ප්‍රශ්නය - ලංකාවේ දේශපාලනය ගැන මොකද හිතන්නේ
පිළිතුර - මිනිසුන්ට වැඩදායි දේශපාලනයක් තියෙනවා නම් වැදගත් කියලයි හිතන්නේ.