හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය අද තීරණය කළා.
කෙසේ වෙතත් දැනට නිරෝධායනය ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට ලබන සඳුදා (02) දිනයෙන් පසුව ද නිරෝධායනය ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක සියලු ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් හෙට (29) පෙරවරු 8 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දී තිබෙනවා.
ලබන සඳුදා (නොවැම්බර් 02) දිනයෙන් පසු, මීට පෙර නිවේදනය කළ පරිදි එක් එක් දිස්ත්‍රික්කයන් හි ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඖෂධ අලෙවිසැල් සතියට දින දෙකක් විවෘතව කිරීමට කටයුතු කරනු ඇති.
ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.