Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
May
30
මේ දවස්-වල බුකියේ නිතරම කතාබහට ලක්වෙන, වතුකරයට අලුතෙන් එන කඩවසම් ඉලන්දාරියා, ජීවන් තොණ්ඩමන්ගේ වතගොත මෙන්න - Photos

- මේ දවස්-වල බුකියේ නිතරම කතාබහට ලක්වෙන, වතුකරයට අලුතෙන් එන කඩවසම් ඉලන්දාරියා, ජීවන් තොණ්ඩමන්ගේ වතගොත මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
ඉන්දියාවේ වැඩිදුර ඉගෙනුම ලබමින් නීතිවේදය හැදැරූ අයෙක්...
 
විසිහය හැවිරිදි ජීවන් තොණ්ඩමන් ගැන ජනතා බලාපොරොත්තුව...
 
දකුණු ඉන්දියාවේ නළුවකුගේ පෙනුම ඇති මොහු කවුදැයි පින්තූරය දෙස බැලූ විට යමකුට සිතෙනු ඇත. ඔහු දකුණු ඉන්දියාවේ අයකු නොව අපේම රටේ තරුණයෙකි.
 
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය සමඟම වත්මන් දේශපාලන කරළියේ අනාගත තරුණ නායකත්වයක් පිළිබඳ කතාබහක් ඇතිව තිබේ.

ඒ අනාගත නායකත්වය හිමිවන්නේ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ බාල පුතුට හෙවත් මේ ජීවන් තොණ්ඩමන්ටය. (බැලූ බැල්මට දකුණු ඉන්දියානු දමිළ සිනමා නළුවකුගේ කඩවසම් පෙනුමකට උරුමකම් කියන ඔහු විසිහය හැවිරිදි යෞවනයෙකි)
 
ඉන්දියාවේ වැඩිදුර ඉගෙනුම ලබමින් නීතිවේදය හදාරා බැරිස්ටර්වරයකු වශයෙන් කටයුතු කරමින් සිටින ජීවන් තොණ්ඩමන් ආරුමුගම් තොණ්ඩමන් මහතා ගෙන ගිය කම්කරු අරගලයේ ජයග්‍රාහී අනාගත පැතිකඩක් නිර්මාණය කරනු ඇතැයි කඳුකරයේ දේශපාලනඥයන් මෙන්ම පොදු ජනතාව අතර අපේක්ෂාවක් තිබේ.
 
ජීවන් තොණ්ඩමන් තරුණයා ලංකා කම්කරු සම්මේලනයේ තරුණ අංශ නායකයා ලෙස කටයුතු කරමින් ඒ දේශපාලන කම්කරු අරගලයට මුහුණ දීමට මනා පන්නරයක් ලබමින් සිටින්නෙකි.
 
හදිසියේ වියෝ වූ ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ජීවන් තොණ්ඩමන් තරුණ මහතාට නාම යෝජනා ලබා දීමට ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය තීරණයක් ගෙන ඇත්තේද ඔහු පිළිබඳව ඇති දැඩි විශ්වාසයකින් බව පැහැදිලිය.
 
එම පක්ෂයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් එලෙස කළ ඉල්ලීම පිළිබඳව දැඩි උනන්දුවකින් යුතුව සලකා බලා එම තීරණය අගයකොට ඒ සම්බන්ධයෙන් අදාළ ඉදිරි පියවර ගන්නා බවට අග්‍රාමාත්‍යවරයාද සඳහන් කොට ඇත.
 
කෙදිනක හෝ තමාගේ ඇවෑමෙන් පසු සිය තරුණ ජවසම්පන්න පුත්‍රයා දියවන්නාව තරණය කොට වැඩදායි දේශපාලනඥයකු වනු ඇති බවට ආරුමුගම් තොණ්ඩමන් මහතාද සිහින දකින්නට ඇත. ඒ සිහිනය යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙයි.
 
ආරුමුගම් තොණ්ඩමන් මහතා වර්ෂ 1994 අගෝස්තු 16දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරගකොට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ තම ආදරණීය පුතු මෙලොව එළිය දකින්නට මාස තුනකට පෙරය.
 
එහින් වසර 26කට පසු ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේශපාලන අරගලය නිමා වෙත්ම වැඩකරන දුක් විඳින හදවත්වල තෙතමනය හඳුනාගත් ජන නායකයාගේ ඒ නොනිමි අරගලය නොකඩවා ඉදිරියට ගෙනයෑමට විසිහය හැවිරිදි ජීවන් තොණ්ඩමන් තරුණ මහතාට අවස්ථාව උදාවීම දේශපාලනික වශයෙන් දෛවෝපගතය.
 
පහන් විජේසේකර
උපුටා ගැනීම මව්බිම පුවත්පත


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top