හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාව බ්‍රහස්පතින්දා (30) දක්වා රිමාන්ඩ් කරබන්ධනාගාර ගත කර තිබෙනවා.
හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් පැමිණිල්ලේ සාක්ෂි පරස්පර යැයි පෙන්වා දෙමින් නිවැරදිව පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙස පොලිසියට දන්වා සිටියා.
...................................................................................................................................................................................................
සෙල්ලම් පිස්තෝල නගරාධිපති පොලිස් දැළේ
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2014 වසරේ මාර්තු මාසයේ සන්ධාන අපේක්සකයකුට පොලිසියේ දී පහරදී පොලිස් අත්අඩංගුවේ සිටි තවත් පුද්ගලයකු පැහැර ගැනීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට පත් වුණා.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළේ සංචාරයක් කළ අවස්ථාවේ දී පිස්තෝලයක් රැගෙනවිත් තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත්තේ ද ඔහුයි.