හම්බන්තොට ශ්‍රීලනිප දිස්ත්‍රික් නියෝජිත සමුළුවට ජනපති පැමිණි අවස්ථාවේ නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයෙකු ලෙස එතැන පෙනී සිටි කෝප්‍රල්වරයෙකු ගිනි අවියක් අතැතිව ජනාධිපතිවරයා අසල ගැවසීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති ආරක්ෂක අංශය ඔහුව පරික්ෂා කර නැති අතර පොලිස් විශේෂ බලකායට සැක සිතී පරීක්ෂා කරද්දී ගිනි අවිය හසුවී ඇති බව වාර්තා වෙනවා.
ජනාධිපතිවරයා සහභාගී වන ඕනෑම උත්සව අවස්ථාවකදී ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ පාලනය ජනපති ආරක්ෂක අංශය භාරගන්නා අතර වෙනත් ආරක්ෂක අංශ හෝ පොලිසියට ගිනි අවි රැගෙන ඇවිත් වෙනත් අය ආරක්ෂා කිරීමට අවසරයක් නැති බව පැවසෙනවා.
ජනාධිපතිවරයෙක් උත්සවයකට පැමිණෙද්දී අගමැති ආරක්ෂක අංශය,ඇමති ආරක්ෂක අංශය සහ අදාළ ප්‍රදේශයේ පොලිසිය ද ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝග අනුව කටයුතු කළ යුතු වනවා.