Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
16
ඇමති ජෝන් ජාතික ආණ්ඩුවට දිව දාන්න බෑ කියයි - වීඩියෝ

- ඇමති ජෝන් ජාතික ආණ්ඩුවට දිව දාන්න බෑ කියයි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ජාතික ආණ්ඩුවේ සහ ශ්‍රී ලංකාවේ අච්චාරුවල වෙනස කුමක්ද යන්න හිරු Hard Talk විශේෂාංගයට සහභාගී වෙමින් පැහැදිලි කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ආණ්ඩුවේ රස බැලීමට දිව දැමිය නොහැකි බවයි.

හිරු Hard Talk විශේෂාංයේ සිදුවූ රසවත් කතාබහ පහතින් කියවන්න.


ප්‍රශ්නය - විපක්ෂය දැන් ආණ්ඩුව පරාජයට පත් කරාට පස්සේ වෙන්ට ඇති අර විශ්වාසභංගය.
උත්තරය- ඔව්.. ඒකේ මොකක්ද තියෙන සම්බන්ධතාවය?

ප්‍රශ්නය- එදා ඇඟ හීතල වෙලා යන්ට ඇති නේද
උත්තරය- නෑ මගේ ඇඟ හීතල වෙන් නෑ ,,, සාමාන්‍ය රස්නයක් තියෙනවා

ප්‍රශ්නය- දැන් .. කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා නම් කියන්නේ , නිමල් සිරිපාල විපක්ෂ නායකතුමත් එක්ක ඔබ "ඩීල්' එකක් දාගෙන .. ඒ නිසයි ඔය විශ්වාසභංගය ගේන්නැත්තේ කියලා
උත්තරය- මං මොකටද "ඩීල්' එකක් දාන්නේ - මං අභියෝග කෙරුව පුළුවන්නම් ගෙන්න කියලා ..ගෙනාවේ නෑ ..

ප්‍රශ්නය- දැන් නිමල් සිරිපාල විපක්ෂ නායකතුමා කියනවා ..මේ ..කතානායකතුමාට ඒ ගොල්ල ඕක භාර දුන්නේ.. ඔබතුමාව බයකරන්ට... බය උණාද..
උත්තරය නෑ .. මං නූලක් ගැටගහනවනේ බය උණානම්...

ප්‍රශ්නය - නිමල් සිරිපාල වෙනුවට දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක උනොත්.. වැඩේ ජෝන් බාස්ට යනවා...
උත්තරය- ඒකට කමක් නෑ.. මේ මම නම් හිතන්නේ නෑ .. දිනේෂ් ගුණවර්ධනට ඔය තනතුර හම්බවෙයි කියලා..

ප්‍රශ්නය- ඔබ නේද පොලිසිය භාර ඇමතිතුමා
උත්තරය- ඔව් ඒක එක දෙපාර්තමේන්තුවක් මගේ අමාත්‍යංශය යටතේ තියෙන

ප්‍රශ්නය- ජනාධිපතිතුමා තටු කපලා දැම්මා නේද..
උත්තරය- එහෙම එකක් නෑ

ප්‍රශ්නය- මහලොකුවට ඔබතුමා පොලිස් දෙපාර්තමේන්තුව භාරව හිටියට පොලිස් නිළධාරියෙක්වත් මාරු කර ගන්ට බැරි උනා නේ
උත්තරය- ඉස්සරත් මම නෙවෙයිනේ මාරුකරේ .. ඒ නීතියේ තියෙන්නේ කොස්තාපල් ඉඳල සී අයි දක්වා මාරු කරන්න තියෙන්නේ පොලිස්පතිතුමාට.. එතන ඉඳලා දී දක්වා කටයුතු කරන්නේ ලේකම් තුමා

ප්‍රශ්නය- මෑතක දී ඔය කියන කට්ටිය මාරු කරා කියලා ඔබතුමාට චෝදනාවක් තියෙනවා
උත්තරය- මට පුළුවන් නිර්දේශ කරන්ට විතරයි.

ප්‍රශ්නය- ඇමතිතුමා නරකද රටේ බැංකු ටික වහල දැම්මා නම්
උත්තරය- බැංකු වහල දාන්නේ මොකටද ...මොකක්ද බැංකු කරපු වැරැද්ද

ප්‍රශ්නය- මං එහෙම ඇහුවේ කොල්ලකාරයෝ ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ඇවිත් බැංකු කොල්ලකනවා... එහෙම තහනම් කළා නම් හොඳයි කියන්න හැදුවේ
උත්තරය- ඒක තහනම් කළේ නෑ ..දැන් උසාවිය ඒක නවත්වලා තියනවා ..

ප්‍රශ්නය- උසාවිය නැවැත්තුවේ ඔබතුමාලා තහනම් කරපු හින්දානේ
උත්තරය-- මම නෙවෙයි කෙරුවේ

ප්‍රශ්නය- කව්ද
උත්තරය- ආරක්ෂක මණ්ඩලයෙන් තහනම් කෙරුවේ

ප්‍රශ්නය- ඔබතුමාට නොදන්වාද ඔය තීරණය අරං තියෙන්න
උත්තරය- මට කිව්වේ නෑ ... තීරණය ගත්තට පස්සේ තමයි මට කිව්වේ

ප්‍රශ්නය- ඒ කිව්වේ ඔබව සත පහකට ගණන් ගන්නේ නැද්ද
උත්තරය- මට සත පහක් ඕනෙත් නෑ ... මම හරි සන්තෝසයි .. ඒක එහාට තල්ලු වෙච්චි එක ගැන.. නැත්තම් ඒ වගකීම මම භාර ගන්ට එපෑය

ප්‍රශ්නය- හොද වෙලාවට අර ජනාධිපතිවරණයේ දී අනෙක් පැත්තට පැන්නේ නැත්තේ ... පැන්නා නම් ඔබතුමාටත් වෙන්නේ තිස්ස අත්තනායක මන්ත්‍රීතුමාට වෙච්ච දේ
උත්තරය- මට එහෙම පනින්ට අදහසක් තිබුනෙත් නෑ මම හැමදාම සියලු රාජ්‍ය නායකයොත් එක්ක හොඳින් හිටපු පුද්ගලයෙක්

ප්‍රශ්නය- නිදහස් පක්ෂය 19 වෙනි සංශෝධනයට විරුද්ධ මොකද
උත්තරය- නිදහස් පක්ෂය කියන්නේ .. ජනාධිපති බලතල සංශෝධනය කරලා මදි... ඡන්ද ක්‍රමයේ වෙනසකුත් ඕන කියලා

ප්‍රශ්නය- නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපතිතුමානේ .. එතුමාගෙන් ඇහුවේ නැද්ද මේකට ඇයි විරුද්ධවෙන්නේ කියලා
උත්තරය- නෑ මං කතා කෙරුවේ නෑ

ප්‍රශ්නය- එතුමාගේ පක්ෂේ විරුද්දයි කියන්නේ.. එතුමත් ඕකට විරුද්ධ ඇති නේද
උත්තරය- මගේ මතයේ හැටියට එතුමා විරුද්ධ නෑ

ප්‍රශ්නය- එතුමා පක්ෂ නම් කොහොමද ගෝලයෝ විරුද්ධ වෙන්නේ
උත්තරය- එක වචනෙක ඉන්න අය නෙමෙයි ඒ පැත්තේ ඉන්නේ.. ගෝලයෝ අද පක්ෂයි කියනවා.. හෙට විරුද්ධයි කියනවා

ප්‍රශ්නය- ඒ කියන්නේ නිදහස් පක්ෂ පාලනය ජනාධිපතිතුමාගෙන් ගිලිහිලාද
උත්තරය- නෑ .. එතුමා සභාපති ... එතුමාට තමයි බලය තියෙන්නේ ඊළඟ මැතිවරණයේදී නිදහස් පක්ෂෙන් කාටද නාමයෝජනා දෙන්නේ නැත්තේ කියලා තීරණය කරන්ට.. ඉතින් ඔය ඔක්කොම උවමනා වෙලාවට පක්ෂ වෙයි

ප්‍රශ්නය - ඊළඟ සැරේ ඡන්දේ දී අපි හිතමුකෝ එක පැත්තකින් ඉල්ලනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා .. තව පැත්තකින් ඉල්ලනවා නිමල් සිරිපාල මහත්තයා .. තව පැත්තකින් හිටපු ජනාධිපතිතුමා ඡන්දෙට එනවා
උත්තරය - එතකොට මොකද වෙන්නේ

ප්‍රශ්නය - මොකද වෙන්නේ
උත්තරය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දෙකට බෙදුනම එක්සත් ජාතික පක්සේට බහුතරයක් ඇවිල්ලා පාර්ලිමේන්තු බලය ආයෙත් එක්සත් ජාතික පක්සේට එනවා

ප්‍රශ්නය -ඔබතුමා මැලේ අච්චාරු කාලා තියෙනවාද
උත්තරය -මැලේ අච්චාරු කන්ට කැමති නෑ ශ්‍රී ලංකා අච්චාරු නම් කනවා

ප්‍රශ්නය -ශ්‍රී ලංකා අච්චාරුයි ... ජාතික ආණ්ඩුව කියන අච්චාරුයි කියන මේ දෙකෙන් ..කෝකද වැඩිය රහ..
උත්තරය- ඒවායේ රහ බලන්ට බෑනේ.. ජාතික ආණ්ඩුවේ රහ බලන්ට දිව දාන්න බැහැනේ

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top