Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
03
“කරන වැරැද්ද විතරක් උලුප්පලා කියන්න එපා“- මහේෂී කියයි

- “කරන වැරැද්ද විතරක් උලුප්පලා කියන්න එපා“- මහේෂී කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ ඉහළින් වැජඹෙන නවක පරපුරේ නිළියන් අතර මහේෂි මධුශංකාටත් හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ටෙලිනාට්‍ය තුළින් වගේම මියුසික් වීඩියෝ ඔස්සේත් ඇයගේ හැකියාව රටටම දැකගන්න පුලුවන් වුණා.

මේ විදියට තමන්ගේ සුවිශේෂි හැකියාවෙන් රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් ඇය මේ දවස්වල කරන්නේ මොනවද වගේම ඉදිරියට කරන්න යන වැඩකටයුතු ගැන අපි ඇයත් එක්ක පොඩි සංවාදයක යෙදුණා. ඇයත් සමඟ කළ කතාබහයි මේ....



කොහොමද මහේෂී ඔයාට?
මම හොඳින් ඉන්නවා

මේ දවස්වල ටෙලි නාට්‍යවලට දායකත්වය කොහොමද?
ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑම් කටයුතු සිදුකරනවා.
 
දිගින් දිගටම කාර්යබහුල වුණාම ඔබට ප්‍රේක්ෂකයන්ව අමතක වේවි ද දන්නේ නැහැ?
නිර්මාණ වැඩිවුණාම තමයි ප්‍රේක්ෂකයින් අතරට වැඩිපුර යන්න පුළුවන් වෙන්නේ. හැම කෙනෙක්ටම ඒ සේ ටික කාලයයි ලැබෙන්නේ.  මෑත කාලයේ මට කලින් ඉන්න සෑම තාරකාවකටම යම්කිසි කාලයක් තුළ පමණක් රැදි සිටියා. ජනප්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක්. ඒක තේරුම් අරගෙන අපි මෙහි ඉන්න ඕනේ. හැම කෙනෙක්ම නිහතමානි වෙන්න ඕනේ. අපි නිලියක් කියලා රවාගෙන ගියොත් එතනින් එහාට ප්‍රේක්ෂකයින් නාට්‍යයක්වත් බලන්න හිතන්නේ නැහැ . ඒක නිසා හිනාවෙලා ඉන්න ඕනේ.

මහේෂී කලා ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?
මම 2012 වර්ෂයේ කලා ක්ෂේත්‍රයට ආවා. ඊට කලින් වෙළඳ දැන්වීම්වල හිටියා. ජිවිතේ ලස්සනයි චිත්‍රපටියේ රඟපෑවා. ඊට පස්සේ තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.
 
නවක තරුවක් ලෙස ක්ෂේත්‍රයේ රැදි සිටින්නේ කොහොමද?
ක්ෂේත්‍රයේ අපේ මතකයක් හරි ඉතිරි  කරලා යන්න  ඕනේ. හැම කෙනෙක්ගෙම අතින් අඩුපාඩු වෙනවා. හැබැයි අපේ ක්ෂේත්‍රයේ තියෙන වරදක් තමයි කෙනෙක් එක දවසක් යම්කිසි වරදක් කළොත් හැමතැනම ගිහින් කියන්නේ ඒක. සමාජයේ වුණත් එහෙමනේ. මනුස්සයෙක් හොඳ සීයක් කරලා එක වරදක් කරපු ගමන් ඒක කියවනවා. ඒක ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. හිතන පතන විදියේ ප්‍රශ්ණයක්. මම ඒ නිසා හැමකෙනෙක්ටම කියන්නේ ඕන නරක මනුස්සයෙක් ළඟ හොඳ ගතිගුණ තියෙන්න පුළුවන්. මම දැක්ක  දෙයක්. ඒ හින්දා  කරන හොඳ මතක තියාගන්න. කරන වැරැද්ද විතරක් උලුප්පලා කියන්න එපා. ඒක නිසා ක්ෂේත්‍රයේ රැඳි සිටීමට හැමතිස්සෙම මම දැන් අවබෝධයෙන් ඉන්නේ වරදක් නොවන විධියට  වැඩකරන්න. මොකද ඊට පස්සේ කරන හොඳ ටික අමතකයි. වරද තමයි ඉස්මතු වෙන්නේ.

වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
වර්තමාන කලා ක්ෂේත්‍රය ඉතාමත් හොඳයි. යම් යම් නිෂ්පාදනවල අඩුපාඩු තියෙනවා. නැත්තේ නැහැ. ඒක ඉතින් අපිට හදන්න බැනේ. මම එක්තරා රංගන ශිල්පිනියක් පමණයි. යම් යම් නිෂ්පාදන විවිධාකාරයි. සමහර වෙලාවට වෙහෙස මහන්සිවෙනවා වැඩියි ඇත්තටම. ඉන්දියාව ගැන කතා කරන්න වෙනවා ඇත්තටම. සසඳා බලන කොට අපේ සිනමා ක්ෂේත්‍රයේ දියුණු වෙන්නේ නැත්තේ යම් යම් අඩුපාඩු නිසා.
 
චිත්‍රපටි සඳහා දායකත්වය
චිත්‍රපටි දැනට 03ක් කරලා තිබෙනවා. අප්‍රේල් මාසයේ එක චිත්‍රපටයක් තිරගතවෙයි.  රංජන් රාමනායක මහත්මයාත් එක්ක පොඩි දරුවන්ගේ චිත්‍රපටයක්

වේදිකාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
අදහස් තියෙනවා. අදහස් කියන්නේ ආසවක් තියෙනවා. මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක සම්බන්ධ වෙන්න අපහසුයි. මොකද දෙයක් කරනවා නම් හරියට කරන්න ඕනේ. මේ වැඩ ටික ඉවරවෙලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
 
ඔයා සැබෑ ජීවිතයේ සංවේදී කෙනෙක් කියන්නේ ඇත්තද?
ඔව් සංවේදී නම් වැඩියි තමයි. ඒක හැමෝම කියන දෙයක්. මාව ආශ්‍රය කරන වැඩිහිටි පාර්ශවයේ අය කියනවා ඔච්චර සංවේදීවෙන්න එපා. හරි අමාරුයි ඉන්න. මම පොඩි දේවල් වුණත් ලොකුවට දැනෙනවා. අපි හිතමු ෂූට් එකේ එක්කෙනෙක් කථා කළේ නෑ කියලා. ඇයි එයා තරහවුණේ .හරියට හිතනවා වැඩියි. ඒක ඇත්ත.

මහේෂී ආදරේ ගැන මොකද හිතන්නේ?
ආදරේ හොඳයි. ආදරේ කියන්නේ මොකද්ද කියලා තේරූම් අරගෙන ජීවත්වෙන්න ඕනේ. කෙනෙක්ට තරහ යද්දි අනිත් කෙනා ඉවසිය යුතුයි.  මං හිතන විදියට  ආදරේ කරද්දි ඉවසීම ප්‍රගුණ කළ යුතු දෙයක්. විශ්වාසය අනිවාර්යෙන් තිබිය යුතුයි. දෙන්නට දෙන්නගේ අවබෝධය තිබිය යුතුයි. ඒ හැමදේටම කලින් කවුද මනුස්සයා කියන එක තේරුම් ගන්න ඕනේ. එහෙම තේරූම් අරං ගියොත් හොඳ ගමනක් යන්න පුළුවන්. මම හැමෝටම ආදරය කරනවා.
 
ඔබගේ පවුලේ විස්තර?
අම්මයි , තාත්තයි, මමයි විතරයි ඉන්නේ.
 
අනාගත බලාපොරොත්තු මොනවද?
අනාගත බලාපොරොත්තුව හොඳ බිරිදක් වෙන්න.  හොඳ ලේලියෙක් වෙන්න. හොඳ අම්මා කෙනෙක් වෙන්න. මගේ රංගන ක්ෂේත්‍රයේ  මම මේ ඇවිල්ලා තියෙන ටිකත් එක්ක මට හොදටම ඇති. මම හැරිලා බලද්දි මම කවදාහරි විශ්‍රාම ගන්නවා කියන්න වෙන රැකියාවක වගේ .අපේ ක්ෂේත්‍රයේ විශ්‍රාම ගන්න කාලයක් නැහැ. නමුත් අද පෙම්වතිය නම් හෙට අක්ක කෙනෙක් වෙලා ඊළඟ දවසේ අම්මා කෙනෙක් නාට්‍ය ඇතුළේ වෙන්න පුළුවන්. මගේ පිටිපස්සේ ලොකු ප්‍රේක්ෂක ජනතාවක් සිටිනවා. මගේ ජීවිතේ ගැන තෘප්තිමත්.

සංවාදය - සචිනි කොඩිතුවක්කු


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top