ලොව වෙසෙන පුද්ගලයින් අතරින් ඉතා සීමිත අල්ප පිරිසක් සිය විනෝදාස්වාද උදෙසා මෙන්ම අන්‍යයන් පිනවීම සඳහා නොයෙක් ආකාරයේ ත්‍රාසජනක ක්‍රියාකාරකම් වල නිරත වේ.
එලෙස අන්‍යයන් පිනවීමටත් වඩා සිය තෘප්තිය උදෙසා ත්‍රාසජනක ක්‍රියාකාරකමක යෙදෙන, අට මස් පමණ වන දරු ගැබක් ඇති කාන්තාවක් ගැන පුවතක් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
වෙරෝනිකා හනන්ඩස් වන විසිහත් හැවිරිදි මෙම ගැබිණියගේ වෘත්තිමය තෘප්තිය වී ඇත්තේ අඟල් 14 පමණ කඩුවක් ගිල පෙන්වා නරඹනන් සතුටු කර මුදල් ඉපයීමයි. මෙලෙස කඩුවක් ගිලිනා විට සමාන්‍යයෙන් එහි අග තුඩුව උගුර, හදවත,පෙනහලු, අතරින් අක්මාව දක්වා ගමන් කිරීම සිදුවෙයි.
මෙය අවදානම් ක්‍රියාවක් ලෙස නොසිතන ඇය සිය ගැබෙහි සිටින දරුවාට ඇති අනතුරුදායක බව ගැනද තැකීමක් නොකර දැඩි විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි. ඇය මෙලෙස කඩු ගිලිමට පටන්ගෙගෙන ඇත්තේ වසර දෙක හමාරකට පමණ පෙර සිටය. මෙම කාර්යයට ඇයගේ සැමියා වන කාගිල් නීල් නැමැත්තාද සහයෝග දක්වන බවද ඇය සමඟ විදෙස් මාධ්‍ය කළ සම්මුඛ සාකච්ඡාව තුළින් පැහැදිලි වේ.