ඊයේ (18) දිනයේදී පිළියන්දලින් මතුවූ සුපිරි මෝටර් රියේ සැබෑ අයිතිකරු කවුරුන්ද යනවග පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවෙනවා. මෙම මොටර් රථය NISSAN - GTR වර්ගයට අයත්වන අතර මේ වන විට ශ්‍රී ලංකාව තුළ එවැනි වර්ගයේ මෝටර් රථ කිහිපයක්ම පරිහරණය වෙමින් පවතින බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම පසුගිය කාලයේ පැවති මෝටර් රථ තරඟවලටද මෙවැනි වර්ගයේ රථ කිහිපයක්ම සහභාගී කරවා තිබෙන බවට පෙනී යන්නේ එම තරඟ අතරතුරදී ලබාගත් ඡායාරූපවලට අනුවයි.
ඒ අනුව පෙනී යන්නේ මෙම සුපිරි වර්ගයේ මොටර් රථ එකක් පමණක් නොව කිහිපයක්ම මේ වන විට දිවයිනේ ඇති බවයි.
එමෙන්ම මීට මාස කිහිපයකට පෙර මෙම වර්ගයේම මොටර් රථයක් නාරාහේන්පිට ප්‍රදේශයේදී රිය අනතුරකට පත්ව දමා ගොස් තිබියදී හමුවුනා. ඒ පිළිබඳවත් බොහෝ දෙනා කතාකරන්නට වුනේ රථයේ ඇති ඉහළ වටිනාකම නිසයි.
අනතුර අවස්ථාවේ ඡායාරූප පහතින්...


පසුගිය දිනෙක පැවති මෝටර් රථ තරඟයක් සඳහා සහභාගී වූ හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂද ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවේ මෙම වර්ගයේ රථයක ඡායාරූප පල කර තිබෙනවා.
රෝහිත රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවේ පළවු ඡායාරූපය...
