Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
24
"දැඩි හිසේ කැක්කුම නිසා තායිවාන් නිළියක වූ බෙටී ටින් බෘස්ලීට වේදනාශකයක් දීලා.." - තවමත් අහිරහසක් වූ ලෝකප්‍රකට නළුවාගේ මරණය

- "දැඩි හිසේ කැක්කුම නිසා තායිවාන් නිළියක වූ බෙටී ටින් බෘස්ලීට වේදනාශකයක් දීලා.." - තවමත් අහිරහසක් වූ ලෝකප්‍රකට නළුවාගේ මරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

"දැඩි නින්දක හිටියා, කතා කළත් ඇහැරුනේ නැහැ, රෝහලට ගෙනියද්දි මිය ගිහින්.."

"වේදනා නාශක නිසා මොළේ ඉදිමිලා.."

එන්ටර් ද ඩ්‍රැගන්’ චිත්‍රපටය මුලින් ම තිරගත වුණේ 1973 දී. ඒ වුණත් වත්මන් රසික පරපුර අතර පවා මේ චිත්‍රපටය ජනප්‍රියයි. මේ චිත්‍රපටය සිහිපත් කරද්දී නිතැතින්ම අපේ මතකයට නැ‍ඟෙන්නේ එහි ප්‍රධාන චරිතය රඟපෑ සුපිරි නළු, බෲස්ලී. මේ ජනකාන්ත නළුවා ජීවිතයෙන් සමුගත්තේ වයස අවුරුදු 33 දී හදිසියේ රෝගාතුරවීමෙන්.

ඒ 1973 මැයි 10 දා. එදින බෲස්ලී ‘එන්ටර් ද ඩ්‍රැගන්’ චිත්‍රපටයේ දෙබස් කැවීමක යෙදී සිටියා. හොංකොංහි ගෝල්ඩන් හාවස්ට් චිත්‍රාගාරයේ එම කටයුතුවල කාර්ය බහුලව සිටි ලී, හිටිහැටියේ ම ඇදගෙන වැටුණේ සෙසු ශිල්පීන් අන්ද මන්ද කරවමින්.


අධික හිසරදයක් ඇතැයි පැවසූ ඔහු බිම වැට‍ුණේ අපස්මාර රෝගී තත්ත්වයකින්. වහාම රෝහල්ගත කෙරුණු ඔහුට ප්‍රතිකාර කිරීමෙන් පසුව ඔහුගේ අයහපත් තත්ත්වය සමනය වූවා.

1973 ජූලි 20 දා තම ජීවිතයේ අවසන් දිනය බව ලී නොසිතුවාට සැකයක් නැහැ. එදින ඔහු හොංකොං හි රැඳී සිටියේ ප්‍රවීණ නළු ජෝජ් ලැසෙන්බි සමඟ සාකච්ඡාවක නියැළෙන්නටයි. ලී ගේ බිරිය වන ලින්ඩා පවසා තිබුණේ එදින සවස 2 ට චිත්‍රපට නිෂ්පාදක රේමන්ඩ් වොව් හමුවීමට ලී අදහස් කර සිටි බවයි. ඒ, ‘ගේම් ඔෆ් ඩෙත්’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි.

චොව් සමඟ කළ සාකච්ඡාව සවස 4 ට පමණ අවසන් වූ පසුව දෙදෙනාම පිටත්ව ගියේ තායිවාන් නිළියක වූ බෙටී ටින් පී ව මුණ ගැසී චිත්‍රපටයේ තිර රචනය ගැන තවදුරටත් කතා බහ කිරීමටයි. එහිදී ලී පවසා ඇත්තේ තමන්ට තදබල හිසේ වේදනාවක් පවතින බවයි. ඒ නිසා ඔහුට බෙටී විසින් වේදනා නාශක ඖෂධයක් ලබාදී තිබෙනවා.

රාත්‍රී 7.30 ට පමණ ලී නින්දකට වැටී තිබෙනවා. මඳ වේලාවක් ගත වෙද්දී ලී ගැන සොයා බැලූ චිත්‍රපට නිෂ්පාදක චොව්ට දැකගත හැකිවී ඇත්තේ ඔහු තද නින්දකට වැටී සිටින අයුරුයි. ලී ව අවදි කරගන්නට චොව් උත්සාහ ගත්ත ද එය සාර්ථක වී නැහැ. පසුව, වහාම වෛද්‍යවරයකු කැඳවන්නට චොව් කටයුතු කළා.

වෛද්‍යවරයා විනාඩි 10 ක් පමණ ලීට ප්‍රතිකාර කර වහාම ගිලන් රථයකින් ඔහුව රෝහලට ඇතුළත් කළා. කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන විටදීත් මේ අසහාය නළුවා අවසන් හුස්ම හෙළා තිබුණා.

ලීගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූයේ ඔහුගේ මොළය අසාමාන්‍ය ලෙස ඉදිමී තිබූ බවයි. එහි තවදුරටත් සටහන් වූයේ වේදනා නාශක නිසා එවැනි ඉදිමුමක් සිදුවී ඇති බවයි. ලී ගේ හදිසි මරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් වූයේ එය අපරීක්ෂාකාරී හදිසි අනතුරකින් සිදුවූ මරණයක් හැටියටයි. නමුත්, ලී ගේ මරණය පිළිබඳව විවිධාකාර අසත්‍ය පුවත් ද ගෙතෙන්නට පටන් ගත්තා.

ඔහු කිසියම් අයුරකින් ඝාතනය කර ඇති බවට ද කට කතා පැතිරුණා. මේ දුෂ්‍යමාන ආරංචි නිසා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ ප්‍රවීණ අධිකරණ වෛද්‍යවරයකු වූ ඩොනල්ඩ් ටෙයර් ද කැඳවා පරීක්ෂණ පවත්වන්නට සිදුවුණා. ටෙයර්ගේ වාර්තාවෙහි සඳහන් වූයේ ද ලී මිය ගියේ සාපරාධී නොවූ අපරීක්ෂාකාරී හදිසි අනතුරක් නිසා බවයි.

ලීගේ සමීප මිතුරකුවන සිනමා නළු චක් නොරිස් 1975 දී ප්‍රකාශ කළේ 1968 සිට ප්‍රතිජීවක සහ තවත් ඖෂධ ගැනීමට ලී පුරුදුව සිටි බවයි. සිරුරේ මස්පිඩු ලිහිල් වන්නට සහ නිතරම පැවැති හිසරදය වළක්වා ගන්නට එම ඖෂධ ලී විසින් භාවිතා කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

මෑතකාලයේදීත් ලී ගේ මරණයට හේතු විවිධ අයුරින් විවරණය කෙරුණා. 2017 දී විකාශය වූ රූපවාහිනී වැඩසටහනකට එක්වූ වෛද්‍ය මයිකල් හන්ටර් පැවැසුවේ 1970 සිට ලී ගේ පිටකොන්දේ වේදනාවකට ඔහු විසින් භාවිතා කළ ඖෂධයක් නිසා ඔහුගේ වකුගඩු පද්ධතියට එහි අහිතකරව බලපෑ බවයි.

මේ වසරේ (2018) දී ලී පිළිබඳව චරිතාපදානයක් රචනා කළ මැතිව් පෝලි, වෛද්‍ය වෘත්තිකයන්ගේ අදහස් කැටි කරමින් සඳහන් කළේ චිත්‍රපටවල රඟපෑමේ අවශ්‍යතාව මත ලී විසින් තම සිරුරේ උෂ්ණත්වය පාලනය කළ ස්වේද ග්‍රන්ථි 1972 දී ඉවත් කළ බවයි. මේ හේතුවෙන් ඔහුගේ සිරුරෙහි උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩිවී එයම ඔහුගේ මරණයට හේතුවූ බවයි.

සුජීව තේව­හෙ­ට්ටිගේ




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top